අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පරීක්ෂණ වාර් තාව පාර් ලිමෙන්තුවට දෙන්නැයි ඉල්ලයි

  පසුගිය මාර් තු 31 දා සහ ඉන් පසුව රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ හිටපු ජනාධිපතිවරයා විඔසින් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර් ලිමේන්තුවේ සභාගත කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 107 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති  බව වාර් තා වෙයි. ජනාධිපතිවරයා වෙත සාමුහිකව ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්‍රීවරුන් මෙම…

පාඩු ලබන සිපෙට්කෝ සේවකයන්ට බෝනස් ; ලංකා බැංකුවෙන් බිලියන 100ක ණයක් ඉල්ලයි

පාඩු ලබමින් ඇති බව කියන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරමින් බෝනස් මුදල් ලබාදීමට සූදානම් වෙයි. ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා එළඹෙන 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ලබා දීමට සූදානම් වන සංස්ථාව ලබන වසරේ කටයුතු…

බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට

  ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ. ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් මහතාට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත බාරදී ඇත. මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම්, රුවන් විජයවර්ධන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් නොඉල්ලයි – මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයකින් හෙළිවෙයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග කරන සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව ණය කපා හැරීමක් ඉල්ලා නොසිටින බව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට කළ ප්‍රකාශයකින් හෙළිදරව් වෙයි. එම ප්‍රකාශය අනුව මහ බැංකු අධිපතිවරයා කියා ඇත්තේ තමන් ණය හිමියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ණය ගෙවීම සඳහා සහන කාලයක්…

පළාත් පාලන මැතිවරණ හා ප්‍රතිවිප්ලවය – අජිත් පැරකුම් ජයසිංහ

  මහජන ප්‍රශ්න විසඳන්න මොන ආණ්ඩු තිබුණත් ගත හැකි ක්‍රියාමාර්ග තමයි දැන් බලයෙ ඉන්න ආණ්ඩුවත් කරමින් ඉන්නෙ. කවුරු බලයට ආවත් ඔය ටික තමයි කරන්න වෙන්නෙ. වෙන වැඩක් නොකර දේශපාලන රැස්වීම් කර කර, කයිවාරු ගහ ගහ ඉන්න බල පෙරේතයන් බලය ගත්තොත් ඔය ටිකවත් කරන්න පුළුවන් වෙයිද සැක සහිතයි. මේ අර්බුදයෙන් ගොඩඑන්න වැඩකරන්න ඕනැ. අරගල කරල වැඩක්…

මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා – එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම්

  මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන  ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. මැතිවරණ  කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැතැයි ද  මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය  සූදානම් යැයිද කාරියවසම් මහතා කීය. මැතිවරණයට  රුපියල් බිලියන දහයකට වඩා…

මේ ප්‍රශ්න විසදන්න ඇමැතිවරයකුවත් එන්න ඕනෑ නැහැ ; කඹ අදින්නේ නැතිව ජනතා ප්‍රශ්න විසදන්න – ජනාධිපති නුවරඑළියේ දී කියයි

  ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය. තමා වෙත ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට…

පුත්තලමර බැරිවුනොත් ත‍්‍රිකුණාමලයට ගල් අගුරු ගොඩ බා ලොරිවලින් නොරොච්චෝලට අදිනවා –

  නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු සැපයීමේ කිසිදු ගැටළුවක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අප්‍රේල් මස 25 වන දින විට අවශ්‍ය ගල් අගුරු නැවු ප‍්‍රමාණය මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය. නමුත් යම් ගල් අඟුරු ප්‍රමාණයක් එදිනට පෙර ගෙන ඒමට නොහැකි වූවොත් ත්‍රිකුණාමල වරායට ගල් අඟුරු ගොඩ බා…

ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි

    ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර් ය දුෂ්නි වීරකෝන් , චාන්දනී විජේවර්ධන  සහ එරාජ් ද සිල්වා  පත් කරනු ලැබ සිටිති  

භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ගංජා පානය සාමාන්‍ය දෙයක්- භික්‍ෂු අන්තරේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි

    පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් අරක්කු හා ගංජා පානය සාමාන්‍ය දෙයක් බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝ කියා සිටිති. විශ්ව විද්‍යාලයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍යවේදියකු විසින් පින්තූර සාක්ෂි සහිතව ඉදිරිපත් කළ අවස්ථාවේදීය….

ජාතික උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබේ. මේ…

පළාත් පාලන ඡන්දයකින් ජාතික දේශපාලනයට බලපෑමක් නැහැ – සජබ සභාපති සරත් ෆොන්සේකා

  පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්, එයින් තම පක්ෂයට ජය ගත හැකි වුවත්, එමගින් ජාතික දේශපාලනයට බලපෑමක් සිදු කළ නොහැකි බවත්, සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. ජාතික මට්ටමේ මැතිවරණයක් සඳහා වසර දෙකක කාලයක් ඇති බැවින් මෙම කාලය භාවිතා කරමින් රටට අවශ්‍ය සැලසුම් සකස් කර ගනිමින් හොඳින් සුදානම් විය යුතු බව…