උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රට ගිහින් !

  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදේශ ගත වී ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ ජාතික සභාව ඊයේ (13) කරතිබූ කැඳවීමට ජනක රත්නායක මහතා පැමිණ නැත. කොමිසම වෙනුවෙන් පැමිණි නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත්තේ ඒ මහතා විදේශ ගතව සිටින බවයි. විදුලි ගාස්තු වැඩි කිරීම ගැන කොමිසමේ තීරණය හෙට (15 දා ) වන විට ලබාදීමට නියමිතය.

ඇත්ත නොකී මැතිවරණ කොමිසම අධිකරණයෙන් ඉල්ලන් කෑ බවට චෝදනාවක් !

  පළාත් පාලන මැතිවරණයට මුදල් නොලැබීම ඇතුළු එය පැවැත්වීමේ අපහසුතා ගැන අධිකරණයට කරුණු කීම වෙනුවට මැතිවරණය පැවත්වීමට සියලු කටයුතු කර ඇතැයි මැතිවරණ කොමිසම අධිකරණය පැවසීම නිසා මැතිවරණය පැවත්වීමට හෝ මුදල් ලබා ගනීමට  හෝ අධිකරණ නියෝග ලබාගත නොහැකි වූ බව දේශපාලන අංශ වල කතා බහට ලක්ව ඇත. ඔවුන් කියන්නේ ඡන්දය පැවැත්වීමට ප්‍රශ්නයක් නැතැයි මැතිවරණ කොමිසම කී…

සල්ලි නොදුන්නොත් ඡන්ද පත‍්‍රිකා දෙන්න බෑ – රජයේ මුද‍්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි..

  නියමිත පරිදි මුදල් ලබා නොදෙන්නේ නම් දැනට මුද්‍රණය කර ඇති පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රිත ලේඛන ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත. මෙම ලිපිය අද දිනයේ මැතිවරණ කොමිසමට ලැබුනු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේය. lanka C news

|

IMF අත ළඟයි! – ලංකාව වෙනුවෙන් පැරිස් සමාජයෙන් මූල්‍ය ඇපකර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්‍රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාවේ මේ වනවිට උද්ගත ව ඇති දැඩි මූල්‍ය අවපාතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අසීරු අඩියක සිටින හෙයින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් සඳහා පැරිසි සමාජය මෙම සහාය ලබාදෙයි.පැරිස් සමාජය යනු 1956…

බිල වැඩි නොකලොත් කළුවරේ ඉන්නවෙයි ; ලංවිමය ජාතික සභාවට කියයි

  විදුලි බිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත්  දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු  ජාතික සභාවට අද (13) දැනුම් දුන්හ. විදුලිය බිල වැඩි නොකළහොත් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා  ගල් අඟුරු මිලදී ගැනීමට පවා  නොහැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ. විදුලිය බල මණ්ඩලයේ ප්‍රධානීන් මෙසේ පෙන්වා දුන්නේ විදුලිය බිල ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා …

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවමත් ඇරඹී නෑ ! – මැතිවරණ කොමිසමෙන් රජයේ මුද්‍රණාලයට තර්ජන !!

පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්,මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු නොකරන්නේ නම් තමන් අධිකරණයට පැමිණිලි කරන බවට මැතිවරණ කොමිසමේ නිලධාරීයෙකු විසින් රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අවධාරණය කර තිබෙන බව ඉහත ආරංචිමාර්ග පවසයි.මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන්…

මැතිවරණ කොමිසම මැතිවරණය අවලංගු කිරිම හෝ කල්දැමීම කළ යුතුයි – මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. කැදවා ඇති 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමේ හෝ කල්දැම්මේ වැදගත්කම පිළිබද. රට බංකොලොත්භාවයට පත්වි මාසික රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අවස්ථාවකදි 2023 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇත. මෙම අවස්ථාවේ මැතිවරණය සදහා මුදල් ලබා දිම අතිශය දුශ්කර…

පොහොට්ටුවේ හිටපු ප්‍රබලයෝ මෙවර ජාජබයෙන් ඡන්දයට ඇවිත්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ව සිටි ප්‍රාදේශීය ක්‍රියාකාරීන් රැසක් මෙවර ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවට ප්‍රදේශ ගණනාවකින් තොරතුරු ලැබෙමින් පවතියි. පොදුජන පෙරමුණේ නායකයින් සමග කිට්ටු ඇසුරක් පැවති නමගිය පොහොට්ටු පාක්ෂිකයින් ද ඒ අතර සිටිති. දකුණ, වයඹ, සබරගමුව සහ රජරට ප්‍රදේශවලින් මෙබඳු චෝදනා රාශියක් වාර්තා වෙයි. එමෙන් ම විවිධ…

තැපැල් ඡන්දය නවත්තන්න අධිකරණයට තවත් පෙත්සමක් ?

    පළාත් පාලන ඡන්දය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනු කොට ඇති නඩුව ගැන තීන්දුවක් ලැබෙන තෙක් තැපැල් ඡන්දය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා පෙතසමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එම පෙත්සම ඉදිරි සතිය තුළ ඉදිරිපත් වනු ඇතැයි ද කියති. වෙනත් ආරංචි මාර්ගයකින් පැවසුණේ අලුත් පෙත්සමක් වෙනුවට 23 දාට දින නියම…

ලක්ෂයකට වඩා වැටුප් ගන්නේ එක් ලක්ෂ විසි දහසයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

  මෙරට ලක්ෂ 46 ක් වන ශ්‍රම බලකායෙන් රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නේ එක් ලක්ෂ විසි දහසක පමණ පිරිසක් බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම , ලක්ෂ 22 කට ලැබෙන වැටුප රුපියල් තිස් දහසකට අඩු බව ද ඒ මහතා කියයි. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මෙරට ශ්‍රම…

උපයෝගිතා කොමිසම රිවස් වෙයි ; විදුලි කැපීම අනුමත කළ බව කියයි

  විදුලිය කැපීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී නැතැයි ද, විදුලිය කැපීම නීති විරෝධී යැයි ද, ප්‍රකාශ කරමින් සිටි මහජන උපයෝගිතා කොමිසම විදුලිය කැපීමට අවසර දුන් බව අද නිවේදනය කළේය. උපයෝගිතා කොමිසම අවසර දී නැති බව කීවද , පසුගිය දිනවල ද , විදුලිය කැපීම ක්‍රියාත්මක වූ අතර එය නැවතීමට කොමිසමට කිසිවක් කළ නොහැකි වී ය….

ණය ගැන තීරණ ගන්න ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මුහුණ දී සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය ගැන අදාළ සියලු රටවල් සහභාගී වන ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ලෝකයේ බලවත් රටවල් සාමාජිකත්වය දරන ජී 20 කණ්ඩායමේ මුදල් ඇමතිවරුන්ගේ සහ මහා බැංකු අධිපතිවරුන්ගේ සමුළුව ඉන්දියාවේ බැංගලුරුහිදී මෙම මස 23 සිට 25…