පක්ෂයකට නොබැඳී ගෝඨාභය “ජාතික අපේක්ෂක” ලෙස 11 දා කරළියට

ලබන 11 දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව ‘ජාතික අපේක්ෂක’ ලෙස නම් කරන බව තතුදත් ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. එම ජාතික අපේක්ෂකයා හඳුන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු පක්ෂවල අපේක්ෂකයා වශයෙනි. ඉන්පසුව සෙසු පක්ෂවල සම්මේලන ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත අතර එම…

දිවයින පුරා රෝහල්වල 45,000ක් හෙට වැඩවර්ජනයක – සමන් රත්නප්‍රිය

සෞඛ්‍ය සේවා වෘත්තිය වේදින්ගේ එකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (අගෝස්තු 8) දා පැය 24 ක සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (6) කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවක දීය. එහි දී රත්නප්‍රිය මහතා වැඩි දුරටත් මෙසේ ද කීවේය….

රනිල් – සජිත් රහසේ හමුවෙති

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම  පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ  (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු…

ගෝඨාභයගේ ඡන්දය කරන්න හිටපු හමුදා කණ්ඩායම්

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරන අපේක්ෂකත්වය ලැබුණු පසුව රටේ සියලුම ආයතන වලට ඔහුගේ මැතිවරණ සංවිධායකයන් ලෙස හිටපු හමුදා නිළධාරීන් පත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තාවෙයි. ඊට අමතරව සෑම ආසනයකටම අතිරේක ආරක්ෂක නිලධාරීන් ලෙස 5ත් 10ත් අතර කණ්ඩායම් හා දිස්ත්‍රික්කයකට හමුදා භටයන් 50ක බලකායක් ද යෙදවීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මෙලෙස සියලු දිස්ත්‍රික්ක සඳහා හමුදා…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට දෙන 15% පොලියේ වෙනසක් නැ – මුදල් අමාත්‍යංශය

බැංකු පොලි අනුපාත වෙනස් කිරීමට ශ්‍රීලංකා මහ බැංකුව පියවර ගත්තද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සදහා රජය ලබාදෙන 15%ක පොලියේ වෙනසක් නොවන බව මුදල් අමාත්‍යංශය කියයි. එම පොලිය අඩුකරන බවට පලවන ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව මුදල් අමාත්‍යංශයඅවධාරණය කරයි. මෙම 15% ක විශේෂ පොලි අනුපාතය 2015 අයවැයෙන් හදුන්වා දෙනු ලැබූ අතර 2015-03-13 දින සිට ක්‍රියාත්මක විය. 2015 අයවැය…

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය…

|

සංධානය හදන්නේ ඇයි ? – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.   අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.   එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ,   2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම,…

|

දොස්තර සාෆිට වැඩේ වැරදිලා! වඳ කළ අම්මලා දෙදෙනෙක් ගැබ් අරන් !!

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සියාබ්දීන් සාෆි විසින් වඳභාවයට පත් කරන ලැදැයි පසුගිය දා පැමිණිලි කළ මව්වරුන්ගෙන් දෙදෙනකු මේ වන විට ගැබ්ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අධිකරණ නියෝග මත මව්වරු වෛද්‍ය පරීක්ෂණයට යොමුකිරීම සදහා ඔවුන් අකමැතිවීමේ දී මෙම දැනුම් දීම සිදුකොට තිබේ. එම මව්වරුන් දෙදෙනාගෙන් නැවත කටඋත්තර ලබාගෙන නව තත්ත්වය අධිකරණයට…

සජිත් – මෛත්‍රී එක්ව ගහන ගේමක් සජිත් පිලේ ඩල්ජිත් හෙළිකරයි

සජිත් ප්‍රේමදාස මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ගේමක් ගසන බවත් එයින් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂනායකත්වයත්, අගමැති ධුරයත් , අරලියගහ මන්දිරයත් ඉදිරි දින කීපය ඇතුළත අහිමි වන බව සජිත් පිලේ ප්‍රබල ආධාරකරුවකු වන  මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසයි.  ඔහු සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු කල්තැබීමක් සමග මෙම දේශපාලන පෙරළිය…

ආණ්ඩුකාරවරු තිදෙනෙක් , රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

කීර්ති තෙන්නකෝන්, මෛත්‍රි ගුණරත්න, හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදු වූ බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත. කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, මෛත්‍රි ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාර වරයා ලෙස ද හේමාල්…

එජාප පසුපෙළ මන්ත්‍රීවරු රනිල් සජිත් සන්ධානයක් ඉල්ලති

අද (5) දින කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ තවත් පක්ෂ රැසක් එක්ව අත්සන් තැබීමට නියමිතව තිබූ අවබෝධතා ගිවිසුම දින නියමයක් නැතිව කල් තැබීමට තීරණය කර ඇති අතර එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ ඉල්ලීම වී ඇත්තේ රනිල් සජිත් සන්ධානයෙන් යුතු අනාගත පාලනයකි . 1 නව සංධානයේ ව්‍යවස්ථාව හා සංයුතිය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින් දා රැස් වු…

සියළු අදහස් පිළිබඳව එකඟත්වයකට පැමිණෙන තුරු සන්ධානය පිහිටුවීම කල් දැම්මා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා මේ බව දැනුම්දී…