ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද හිමිව තිබේ. අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට…

සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවා විශේෂ ගැසට් නිවේදනයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය…

විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක්…

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන අයුරු ජනපති කියයි

වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට…

සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට

  අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලු‍ම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්  වාර්තා විය. මෙම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ අභියාචනය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය වෙත ඉදිරිපත් කර…

දේශබන්දුට එරෙහි නඩු දෙකක් අධිකරණය බල රහිත කරයි

  අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින්  රීට් ආඥාවක් නිකුත් කරනු ලැබීය….

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා කියල මූල්‍ය ආයතන වැටෙන්නේ නැහැ! – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය මූල්‍ය ආයතනවල කඩා වැටීමක් සිදුනොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේය. ඒ, මේ සම්බන්ධයෙන් අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ලෝකයේ ණය අර්බූදයකට ලක්වූ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රජයේ ණය බර අඩුකර ගෙන තිබෙන බවයි දුනුසිංහ මහතා සඳහන් කළේ. කෙසේවෙතත් සේවක අර්ථ…

‘දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුය’ එය විපක්‍ෂයේ මතයයි;මගේ මතය මෙයයි – හර්ෂ කොළඹ සිට

  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹදී අවධාරණය කළේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන…

බැංකු තැන්පතු සහ පොලී ගැන සහතික වෙනවා – මහ බැංකු අධිපති

  දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකුවල සහ වෙනත් මුල්‍ය ආයතනවල ඇති තැන්පතු සහ ඒවායේ පොලිය අඩු නොකරන බවට මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය. 30 දා සිකුරාදා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී දින කිහිපයක් වෙළෙඳපොළ වසා තැබීමේ අවශ්‍යතාවය නිසා…

අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

  ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි . කෙසේ වෙතත් අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයෙන් ප්‍රකාශයක් බදාදා ; පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් සති අන්තයේ

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයේ ස්ථාවරය ලබන බදාදා (28 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් , ඒ පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් සෙනසුරාදා (1) සහ ඉරිදා (2) දිනවල පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි. රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත්…

|

සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ශ්‍රී ලංකාවට සුබ පණිවිඩයක්

  ශ්‍රී ලංකාව මෙන් ම ණය අර්බුදයකට මුහුණ දී සිටින සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ණය හිමි රටවල් අතර එකඟත්වයක් ඇති වී ඇති අතර එහි කොන්දේසි ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි වාසිදායක තත්ත්වයක් වර්ධනය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. සැම්බියාව සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ණය කපා හැරීමක් සිදුකොට නැති අතර වසර තුනක…