බැංකු තැන්පතු සහ පොලී ගැන සහතික වෙනවා – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකුවල සහ වෙනත් මුල්‍ය ආයතනවල ඇති තැන්පතු සහ ඒවායේ පොලිය අඩු නොකරන බවට මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.
30 දා සිකුරාදා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී දින කිහිපයක් වෙළෙඳපොළ වසා තැබීමේ අවශ්‍යතාවය නිසා බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
ඒ පිලිබදව පැතිරෙන කට කතාවල සත්‍යතාවයක් නැති බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් කී ය.
