පළාත් ඡන්දය ඉක්මන් කිරීම ජනාධිපතිගේ තව ගැටයක් ලු

ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ උත්සාහය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව සිදුවන්නක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කතා බහට ලක්ව ඇත. මාහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මෙය ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමේ වුවමනාවෙන් සිදු කරන්නක් විය හැකි බවයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ කතා බහට ලක්ව ඇත්තේ මෙය ශ්‍රී ලනිපය හා පොදුජන පෙරමු‍ණේ සන්ධානය…

පළාත් සභා ගැන වදවෙන්න එපා – ජනතාවට ඕනෑ ජනාධිපතිවරණයයි – අගමැති , විපක්ෂ නායක , කතානායක මැකෝ සභාපතිට කියති

ජනාධිපතිවරනයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සහ දැරීම අවශ්‍ය නැති බවත් ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරණය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා කතානායක කරු ජයසුරිය යන තිදෙනාම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පසුගිය සතියේ පවසා ඇත . මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අගමැති හා කතානායක හමු වූ…

19වන සංශෝධනයට අභියෝග කරන්න කිසිම ක්‍රමයක් නෑ – නීතිඥයන්ගෙන් ජනපතිට උපදෙස්

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන යෝජනාවකින් හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනයට අභියෝග කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ නීතිඥයන්ගෙන් උපදෙස් ලැබී ඇති බව වාර්ථාවෙයි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදු වී ඇතැයි කියමින් ශ්‍රේෂාඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තීන්දුවක් ලබාගැනීමේ අදහසක් පිළිබඳව නීතිඥ මත…

ජනාධිපතිට දෝෂාභියෝගයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරු ක්‍රියාකරමින් සිටිති. එජාප මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි හා හේෂා විතානගේ මහත්වරුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම හා රටේ රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට යන බව කියති. එවැන්නක් ඉදිරිපත් කිරීමට…

මේ මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලී අනුපාතය සියයට දොළහේ (12%) සිට සියයට (10%) දක්වා අඩුකරනව – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මේ මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලී අනුපාතය සියයට දොළහේ (12%) සිට සියයට (10%) දක්වා අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකා‍ශ කළේ, ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ, ත්‍රිකුණාමල නගර සභා ක්‍රිඩාංගනයේ අද පැවති එම දිස්ත්‍රික්කයේ 2000කට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ,  උත්සවයකට සහභාගි වෙමිනි. ඔහු කවදුරටත් කියා…

සජිත් හැමදාමත් ජනාධිපතිට කඩේ යනවා-ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ වත්මන් අගමැති, අපේක්ෂකත්වයට නොපැමිණ ඊට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන අපේක්ෂකයා රටට වැඩ දායක…

බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව නිම කිරීමට හැකිවීම ජයග්‍රහණයක් – රාජිත

සමහරුන් වැඩ කළේ එම සමාගම්වලටයි ජාතික ආර්ථිකය කාබාසිනියා කළ රෝගීන්ගේ මුදල් ගසා කෑ බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව නිමා කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවැසීය. අමෙරිකාව පවා පිළිගන්නා ප්‍රමිතියෙන් යුත් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූ දහසේ සිට හතළිස් අටදහස දක්වා අඩු කිරීමට රජයේ නව ඖෂධ ප්‍රතිපත්තිය…

තේරීම් කාරක සභාව හමුවේ මම පෙනී සිටිනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලීමට පත් කළ තේරීම් කමිටුව ඉදිරියේ තමන් පෙනී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව  පරාජය කිරීමෙන් පසුව අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. අග්‍රාමාත්‍යතුමා කළ ප්‍රකාශය මෙසේය. මටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තුව තීන්දු කළේ…

නැවත අහන්න දෙයක් නෑ – ජනාධිපති නිල කාලය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර අවසන්

තමන්ගේ ජනාධිපති ධුරයේ නිල කාලය ගැන නව අර්ථ කථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සාහ දරණ බවට ආරංචි පැතිර යන නමුත් අධිකරණයට සම්බන්ධ ආරංචි මාර්ග කියන්නේ ඒ සදහා යළි අවස්ථාවක් නැති බවයි. එයට හේතුව නම් මීට පෙර ජනාධිපතිවරයා තම නිල කාලය වසර පහක් ද? හයක් ද? කියා විමසූ අවස්ථාවේ දී ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි…

යෝෂිත – නිතිෂා විවාහ ගිවිස ගනිති

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) විවාහ ගිවිස ගත් බව හෙළිවේ. මේ බව හෙළිදරව් වනේනේ නාමල් රාජපක්ෂ විසින් සිය ෆේස් බුක් ගිනුමේ තබන ලද සටහනකිනි. එම සටහන අඩංගු පිටුවට යෝෂිත සහ විවාහ ගිවිසගත් තරුණිය නිතිෂා සමඟ මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ පෙනී සිටින ඡායාරූපයක් ද එක්කර තිබිණි. යෝෂිත විවාහ…

සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවයි

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා තරමක් පසුබැස තිබූ සංචාරක ව්‍යාපාරය මේ වනවිට වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තාවෙයි. ප්‍රහාරයෙන් පසුව මැයි මාසයේ සංචාරක පැමිණීම දිනකට 1300දක්වා පහත වැටුණු අතර එය මේ වන විට දිනකට 3000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව කියති. සාමාන්‍යයෙන් පසුගිය වසරේ මෙම කාලෙය් දිනකට මෙරටට පැමිණි විදේශ සංචාරකයන් ප්‍රමාණය 4500ක්…

කවුරුත් කීවට අපි මුහුණුපොත හෝ පිටු ගලවන්නේ නෑ – ෆේස්බුක් සමාගම

රජයෙන් හෝ වෙනත් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු ගේ ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප ඉවත් නොකරන බව ෆේස් බුක් සමාගමේ නිලධාරිහූ පවසති. ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්වය පිළිපදින බව ද එම නිලධාරිහූ කීහ. ෆේස්බුක් සමාගමේ නැගී එන…