මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ලත් තැනම ලොප්.. – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි. එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි…

රංජන් සිරගත කිරීම : ජනපති මෙතරම් දෙකේ පන්තියට වැටෙයි කියලා අපි හිතුවේ නෑ – හරීන්

හේතු සොය සොයා විපක්ෂ මන්ත්‍රීවරුන් සිරගත කරන යුගයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ දෙකේ පන්තියට වැටෙනු ඇතැයි තමන් කිසිවිටෙකත් නොසිතූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා…

රන්ජන් රාමනායක අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 – සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. ජනප්‍රිය චිත්‍රපට නළුවකුද වන රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට ගෙන එන බවත් හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන…

බැඳුම්කර වංචා වාර්තා මැතිසබයට දෙන්නයි විපක්ෂය ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු වල දී 2015 ට පෙර සිදු වී ඇති වංචා පළිබඳ තොරතුරු ඇතුළත් වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂය ඊයේ කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේ මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇතත් මන්ත්‍රීවරුන්ට ලබා දී නැති බවයි . ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු…

ජනාධිපතිගේ චීන ගමන අවලංගුයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යොදාගෙන තිබු චීන සංචාරය හදිසියේ අවලංගු කර තිබේ .මෙම මස 14 හා 15 දිනවලට යොදාගෙන තිබු මෙම සංචාරය අවලංගු කොට ඇත්තේ චීන රජයේ ඉල්ලීමක් මත බව කියති . ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සැලසුම් කරන ලද්දේ ද චීන රජයේ එකගත්වය ඇතිව ය .

ජනාධිපති පාර්ලිමේන්තුව අමතන්න යද්දී ගුවන් හමුදාවේ යානයක් කඩා වැටී 4 ක් මරුට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන රටම බලා සිටිය දී ඊට මොහොතකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටි සතර දෙනකු මියගොස් ඇත . අද උදැසන 9.50 ට පමණ මෙම ගුවන් යානය කඩා වැටි ඇත්තේ හපුතලේ ප්‍රදේශයට ය. හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ මෙම  …

පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වේලාසන ලද බුද්දී තොරතුරු සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර ඇත. ඔවුන්ගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය කිහිපදෙනෙකු සමගම ඔවුන් මේ බව පැහැදිලිවම සඳහන් කර තිබේ….

විධායකය ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් – ජනාධිපති

විධායක ජනාධිපති ධුරයේ බලය ශක්තිමත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනයක් අවශ්‍ය බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා අද ප්‍රකාශ කළේ ය . නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති තුමා වැඩි දුරටත් කිවේ පාර්ලිමේන්තුවේ බලය ද ශක්තිමත් කළ යුතු බව යි . පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය . ගොටාභය රාජපක්ෂ…

විපක්ෂ නායක සජිත් ; රනිල් පුටුවත් මාරු කරයි

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය අද (03දා) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ ආසනය වෙනුවට වෙනත් ආසනයක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇතැයි ‘අද’ට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය . කරුණාතිලක මහතා පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය .

සභා නායක දිනේෂ් ,ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්

පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද තීන්දු කළේය . ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය .

රාජිතගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට කලින්ම තීරණය කළේ අපියි – GMOA

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ ඔහුව අත් අඩංගුවට ගැනීමට තම සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.  “අපි දකින අඩුපාඩුවක් තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධයෙන්. රජයේ…