නව මහ බැංකු අධිපති-මුදල් අමාත්‍යංශ නව ලේකම් වැඩ බාර ගනී

  ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපි ඊයේ  (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ. මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ…

ජනපති-රනිල් අතර විශේෂ හමුවක්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් ඊයේ (7) පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා…

අර්බුදය පුපුරා යාම දැන් වළක්වන්න බැහැ ; පිළිතුරු සොයන්න වෙන්නේ විනාශයෙන් පසුවයි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

රටේ පැවති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට තිබු අවස්ථා මග හැරීම නිසා මේ වනවිට අර්බුදය පුපුරා යාම වැළක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, දැන් තිබෙන්නේ විනාශයට මුහුණ දීමෙන් පසුව කළ යුතු දේ සඳහා සුදානම් වීම බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. දරුණු පිපිරීමක ස්වරුපයෙන් මෙම අර්බුදය පුපුරා යනු ඇති…

“අපට දෙන්න. අපි කරන්නම්.” ඒවා දැන් වානා. – නිශාන්ත කමලදාස

අරගලය මේ වන විට මිනිසුන් විසින් බාර ගෙන ඇත්තේ දේශපාලන බලවේග වලට අනාගත දිසාව සැලසුම් කිරීමට ඉඩ හසර සලසමිනි. එහෙත් ඔවුන් ඒ ඉඩ භාවිතා කරන බවක් පෙනෙන්නට නැත. මිනිස්සු තම ආවේගය පල කරමින් සිටින අතර දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ඒ ආවේගය ක්‍රියාත්මක කළ හැකි වැඩ සටහනකට රට යොමු කිරීම ය. දේශපාලනඥයන් ඒ වෙනුවට කරන්නේ ආවේගය පල…

පොහොට්ටුවෙන් අලුත් ඇමති මණ්ඩලයක් !

නව ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමට ඊයේ රාත්‍රියේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බව වාර්තා වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ මෙම රැස්වීම පවත්වා තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපතිට තවත් උපදේශක සභාවක්

බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ලෝක බැංකුවේ හිටපු වැඩබලන ප්‍රධාන ආර්ථික විද්‍යාඥා ශාන්ත දේවරාජන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ශර්මිණි කුරේ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය…

පැනමා පත්‍රිකාවල නම සඳහන් වූ නිරූපමා රාජපක්ෂ රටින් පිට වෙයි

  ජාත්‍යන්තර වශයෙන් මුදල් සැඟ වූ බවට පැනමා පත්‍රිකාවල නම සඳහන්ව තිබු නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සනාථ කරනු ලැබ ඇත. ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ…

පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැහැ ; හදිසි නීතිය වහා ම ඉවත් කරයි

රටපුරා ක්‍රියාත්මක කොට තිබු හදිසි නීතිය වහා ම ඉවත් කිරීමට ජනාධිපතිතුමා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ. හදිසි නීතිය පැන වූ විට සති දෙකක් තුල පර්ලිමෙතුවෙන් සම්මත කරගත යුතුව ඇති අතර මේ වනවිට එය සම්මත කර ගැනීමට අවශ්‍ය සහය පාර්ලිමේන්තුවෙන් නොලැබෙන බව රජයට පෙනී ගොස් තිබීම එය ඉවත් කිරීමට හේතු වූ බව…

සජිත් කෝඳුරු තෙල් හත් පට්ටය ම ඉල්ලයි ; නව ව්‍යවස්ථා සංශෝධනයකට මිස 20 අහෝසි කරන්න සහය නොදේ

විසිවෙනි සංශෝධනය ඉවත්කිරීම නොව නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, විධායක අගමැති වරයෙකුට ද ඉඩ නොදිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ විසිවෙනි සංශෝධනය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ගැනීමේ උත්සාහය කඩා කප්පල් කිරීම සඳහා බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. සටන්කාමී කතාවක ස්වරුපයෙන් කතා…

අද කොවිඩ් මරණ එකක්වත් නැහැ ; නව ආසාදිතයින් 113 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තා අනුව අද දිනයේ කොවිඩ් මරණ ලෙස එකදු මරණයක් හෝ තහවුරු කොට නැති අතර අලුතින් හඳුනාගත් ලෙස වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 113 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,485 ක් ලෙස පවතියි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 662,216…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගලත් ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යංශයේ ලේකම්.සහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළ එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන්ගෙන්  ඉල්ලා අස් වී තිබේ. ආටිගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ බාර දී තිබිණි. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් ඉල්ලා අස්විය යුතුයි – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල්

මහ බැංකු අධිපති කබ්රාල් මහතා ඉල්ලා අස්වීම නිවැරදි බවත්, ඒ සමග ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය ද ඉල්ලා අස්විය යුතු බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කළේය. මහ බැංකු අධිපතිවරයාට තනිව තීරණ ගත නොහැකි බවත්, සියලු තීරණවලට මුදල් මණ්ඩලය වගකිව යුතු බවත් කී ද මේල් මහතා මුල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය…