සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොඑන්න ඩලස් පිල තීරණය කරයි.

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ නොවීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත. එම කණ්ඩායමේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙ පැවති දෙදින වැඩ මුලුවක දී මෙම තීරණය ගෙන තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම වැඩ මුළුවේ දී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා…

එජාප, සජබ සමගි කිරීමේ සාකච්ඡා අතහැර දැම්මා – මනෝ ගනේෂන්

  එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමගි කිරීම සඳහා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සහ තමා දැරූ උත්සාහය සජබ නායකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා අතහැර දැමූ බව දෙමල ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පක්ෂ සමගියකට සාකච්ඡා කළ බව මනෝ ගනේෂන්  මහතා තහවුරු කොට ඇත….

මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්

  අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා ප්‍රකාශ කර ඇත. වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් මහතා සහ මුදල්…

සජිත් අගමැතිකම එපා කියයි ! ජනාධිපතිකම ඉල්ලයි !!

  සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැතිධුරය භාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් යලිත් වරක්  කළ ඉල්ලීම ද  ඒ මහතා ප්‍රතික්ෂේප කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි. විපක්ෂයේ සමගි ජන සන්ධානයේ කුඩා පක්ෂ දෙකක නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කළ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා පවසා ඇත්තේ විපක්ෂයෙන් තනි තනිව නොපැමිණෙන ලෙස සහ කණ්ඩායමක් ලෙස…

ණය තිරසරභාවය කඩිනමින්

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ , ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ  මාධ්‍ය හමුවට සූම් ඔස්සේ එක්වෙමින් ය. අමෙරිකවේ වොෂින්ටන්හි…

|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බරපතළ ඉලක්ක දෙකක්

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කළ සාකච්ඡාවලින් පැමිණ ඇති ප්‍රධාන ඉලක්ක දෙකක් පිලිබන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හෙළිදරව් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට 2023 -27 කාලයේ ගෙවීමෙට ඇති ඩොලර් බිලියන 24 න් බිලියන 17 ක් ණය සහන මගින් අඩු කර ගත යුතුව ඇති අතර බිලියන…

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හැදීමත් විශ්ව විද්‍යාල ඇදුරන්ගෙන් ඉවතට ?

  උසස් පෙළ ඇතුළු විභාග ප්‍රශ්න පත්‍ර හැදීමේ සහ උත්තර පත්‍ර බැලීමේ සියලු කටයුතු සඳහා මින් ඉදිරියට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබා නොගැනීමට රජය සලක බලමින් සිටින බව වාර්තා වෙයි. එම කටයුතු පිලිබඳ වගකීම් දරන විශේෂ ආයතනයක් හෝ කණ්ඩායමක් හෝ සංවිධානය කිරීමට ඒ අනුව කටයුතු කරනු ඇති බව කියති. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම තම…

මැතිසබයේ පක්ෂ මාරු රැසක් අප්‍රේල් 25 -27 දිනවල

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම 25 -27 දින තුනේ දී පක්ෂ මාරු කිරීමේ තීරණ ගනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. අප්‍රේල් 25 දා රැස්වෙන පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම පිලිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවැත්වෙන අතර එය 27 දා අවසන් වෙයි. එම කාලය තුළ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළට සහය දක්වන විපක්ෂ…

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250 ක අල්ලසක් අරන් ? – අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

  එක්ස්ප්‍රස් පර්ල් නවුකාවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දිය සම්බන්ධයෙන් කටයුතු කරන කිසියම් පාර්ශවයක් ඩොලර මිලියන 250 ක අල්ලසක් ලබගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව අධිකරණ ඇමතිවරයා පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇති බව වාර්තා වෙයි 2021 ජූනි මස මුලදී සමුද්‍ර ව්‍යසනයක් ඇති කරමින් කොළඹට ඔබ්බෙන් මුහුදුබත් වූ එක්ස් ප්‍රෙස් පර්ල් නැමති බහාලුම් ප්‍රවාහන සමාගමේ හිමිකරුවන්…

ජපානය ,ඉන්දියාව සහ ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන හෙට කියයි

  ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන…

විශ්ව විද්‍යාල ආචාර්යවරු වර්ජනය අතහරිති

  මෙතෙක් ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කොට ඇත. ඒ අනුව ලබන සඳුදා සිට සියලු සේවාවන්ට වාර්තා කරන බව එම සංගමය ප්‍රකාශ කරයි. උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ද ඒ සමග ආරම්භ කරනු ඇත. ඒ අනුව ආදායම් බදු අය කිරීමට එරෙහිව ක්‍රියාත්මක කළ සියලු දැවැන්ත සටන් මේ සමග අවසන්…

රනිල්ල්ට එරෙහිව බැසිල් සටනට !

  ඉදිරියේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන ජනාධිපතිවරණයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි . මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ප්‍රකාශ කොට…