සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොඑන්න ඩලස් පිල තීරණය කරයි.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉල්ලා සිටින සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ නොවීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධින වූ මන්ත්රී කණ්ඩායම තීරණය කොට ඇත.
එම කණ්ඩායමේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙ පැවති දෙදින වැඩ මුලුවක දී මෙම තීරණය ගෙන තිබේ.
ඇහැලියගොඩ ප්රදේශයේ හෝටලයක පැවති මෙම වැඩ මුළුවේ දී තීරණය වී ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පැරණි මතවාදය වෙනුවෙන් කණ්ඩායම දිගට ම පෙනී සිටිය යුතු බවයි.
මෙම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 13 දෙනෙක් සිටිති.
