මැතිසබයේ පක්ෂ මාරු රැසක් අප්‍රේල් 25 -27 දිනවල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම 25 -27 දින තුනේ දී පක්ෂ මාරු කිරීමේ තීරණ ගනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
අප්‍රේල් 25 දා රැස්වෙන පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම පිලිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවැත්වෙන අතර එය 27 දා අවසන් වෙයි. එම කාලය තුළ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළට සහය දක්වන විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂය සමග එක්වීමට නියමිත බව කියති.
සමගි ජන බලවේගයේ සහ විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් මෙලෙස ආණ්ඩුවට එක්වන බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි කාලය සඳහා බහු පාර්ශවික සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇති බව ද කියති.
මේ අතර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වන පිරිසක් විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට උත්සාහ දැරීමක් ගැන ද ආරංචි පැතිර යමින් පවතියි.
