ආනයනය තහනම් කළ යුරියා පොහොර නියම කාබනික ද්‍රව්‍යයක් – රසායන විද්‍යාඥ ආචාර්ය නිමල් රාජපක්ෂ

මෙරටට ආනයනය තහනම් කොට ඇති යුරිය පොහොර යනු නියම කාබනික රසායනයක් බවත්, එය මුලින් ම සොයාගත්තේ මුත්‍රාවලින් බවත්, රාසයන විද්‍යාඥ නිමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම එය මිනිසාට කිසිසේත් විෂ නැති බව ද ඒ මහතා කියයි. යුරියා ගැන ඇත්ත හෙළිකරමින් ඒ මහතා ඉංග්‍රීසියෙන් පළ කළ ලිපියක පරිවර්තනයක් ‘ලංකාදීප’ පුවත්පතේ පළ කොට ඇති අතර එහි…

‘සිරස’ට කළ යුතු දේ ගැන නීති උපදෙස් ගත් බව මාධ්‍ය ඇමති කෙහෙළිය පිළිගනියි

‘සිරස’ මාධ්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා නීතිඥ උපදෙස් ලබාගත් බවට එල්ල වන චෝදනා සත්‍ය බව ජනමාධ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන ඇත. ‘සිරස’ ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන තමා නීති උපදෙස් ගැනීම කිසිදු වරදක් නැති බවත්, එය තම අයිතියක් බවත්, රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. විපක්ෂ නායක…

ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්

  වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම්…

තවත් කොවිඩ් මරණ 35 ක් ; සමස්තය 3502 ක් ; නව ආසාදිතයින් 1492 ක්

ඊයේ දිනය තුළ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 35 ක් අද නිවේදනය කොට ඇත. එම නිල වාර්තා අනුව මෙරට දී මියගිය කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,492 කි. මෙරටින් මේ දක්වා හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් සටහන්…

ඇත්ත දේශපාලන පරිවර්තනය තව මාස කිහිපයකින් බලාගන්න පුළුවන් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රටේ ඇත්ත දේශපාලන පරිවර්තනය තවත් මාස කිහිපයකින් කාට කාටත් බලා ගත හැකි වන බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති මහිනද රාජපක්ෂ මහතා අතර හමුවක් සහ එකට ආහාර ගැනීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ  පළ වූ ඡායාරුප  සම්බන්ධයෙන් කළ විමසීමක දී එම ඡායාරුප මාස එක හමාරකට වඩා පරණ…

අද කොවිඩ් මරණ 33 යි ; ආසාදිතයින් 1515 යි

අද වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 33 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,467 ක් දක්වා ඉහළ ගියේ ය. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,515 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 273,627 ක්ලෙස සටහන් වෙයි.    

ඊයේ මරණ 43 යි ; නව අසාදිතයින් 1515 යි

පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 43 ක් ඊයේ නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,434  ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,515 කි . මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 271,461 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන ශ්‍රීලනිප වැට උඩ ; තත්ත්වය බරපතළයි ; මධ්‍යම කාරක සභාවේ උණුසුම් විවාද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඊයේ පවතී මධ්‍යම කාරක සභා රැස්වීමේ දී බහුතරයක් අදහස් දක්වා ඇති නමුත්, මේ මොහාතේ ඉවත් වුවහොත් පක්ෂ නායකත්වය සිරගත් කිරීමට පවා රජය ක්‍රියා කරනු ඇති බවට තවත් පිරිසක් බිය පලකළ බව වාර්තා වෙයි. පාස්කු බෝම්බ ප්‍රහාරය වලකා  ගැනීමට ක්‍රියා නොකිරීමෙන් වගකීම පැහර හැරීම ගැන හිටපු ජනාධිපතිවරයාට…

රනිල් කියනකොට සජබ වැඩට බසී ; ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් තුනක් !

මහජන උද්ඝෝෂනවල නිරත වුවන් නිරෝධායන නීති යටතේ අත් අඩංගුවට ගැනීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නීති අංශයට පෙරේදා උපදෙස් දුන් බවට වාර්තා පළවූ අතර සජබ නීතිඥ කණ්ඩායම ඊයේ ක්‍රියාත්මක වී මුලික  අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ගොනු කිරීමට කටයුතු යොදා ඇත බව වාර්තා වෙයි. සජබ ඉදිරිපත් කරන පෙත්සම් තුන අද…

අද කොවිඩ් මරණ 40 ක්; නව ආසාදිතයින් 1223 ක්

අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 40 කි. මෙම මරණ ඊයේ දිනය තුළ සිදු වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,391 ක් වෙයි. අද වාර්තා වී ඇති කෝවි ද ආසාදිත සංඛ්‍යාව 1,223 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 269,899 ක් ලෙස වාර්තා වී ඇත.

ඇස්ට්‍රා සේනිකා තොගයක් එයි ! ෆයිසර් එන්නත් දීම වහාම නවතයි !

කොළඹ නගර සීමාව තුළ ඇස්ට්‍රා සේනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් දීමේ වැඩ පිළිවෙළ වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමු බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම තීරණය ගත්තේ මෙම මස තුන්වන සතියේ දී ඇස්ට්‍රා සේනිකා එන්නත් ලැබෙන නිසා බව එහි සඳහන් ය. සිදු වූ අපහසුතාවය…

මුදල් ඇමති බැසිල් ; මහින්දට ප්‍රතිපත්ති සම්පාදන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති සම්පාදන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම ද කතානායක තුමා ඉදිරියේ  මීට සුළු මොහොතකට පෙර සිදු කොට  තිබේ.