මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරික්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම පරික්ෂණ කටයුතු තවදුරටත් අඩාල විය හැකි  බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. ලසන්න වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම,…

පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට මිරිස්කුඩු ප්‍රහාරයක්

පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි. රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය. මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ කලහකාරී තත්වයක් !

පාර්ලිමේන්තුව තුළ කලහකාරී තත්වයක් !

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට කලහකාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය විශ්වාසභංගයෙන් පරාජයට පත්ව ඇති බැවින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිවරයා ලෙස නොසලකන බවත් ඔහුගේ ඇමති මණ්ඩලය තවදුරටත් ඇමතිවරුන් ලෙස නොසලකන බවත් කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් හටගෙන ඇත….

ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වෙයි

ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වෙයි

ජනාධිපතිගේ නියෝගය සහිත ගැසට් පත්‍රය අතුරුතහනම් නියෝගයකට ලක්කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සලය අද (12) රාත්‍රි 08.00ට ජනාධිපතිමෛත්‍රිපාලසිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ. රටේ ආරක්ෂක තත්ත්වය මෙහි දී සාකච්ඡා කෙරුණු අතර රට තුළ පවතින සාමකාමි පරිශරය ශක්තිමත් කරන ලෙස  ජනාධිපතිතුමා සියලු ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. මනෝජ්-

අධිකරණය අසලදී වාසුදේවට හූ තබති

රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ. ඒ මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් ලබා  දෙමින් ‘ජනාධිපතිතුමාට විධායක බලයට අමතරව ජනවාගේ බලයකුත් තිබෙන බව මතක තියා ගන්න.‘‘  පවසා පිටව යන්නට උත්සාහ කරද්දී පිරිස හූ තැබූහ. ‘අඩෝ හූ කියන්න? හූ කිව්වේ කවුද?‘ යැයි විමසමින් වාසුදේව මහතා ඒ දෙසට වේගයෙන්…

එජාපෙ , ජවිපෙ , ටී එන් ඒ , ඇතුළු පෙත්සම් රැසක් ශේෂ්ටාධිකරණයට

ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේෂ්ටාධිකරණයට යාමට එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය , පුරවැසි බලය , සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය ඇතුළු පක්ෂ හා සංවිධාන රැසක් තීරණය කොට ඇත . එම සංවිධානවල මෙන්ම නීති ක්ෂේත්‍රයේ බහුතරයකගේ මතය වී ඇත්තේ මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක්…

පාර්ලිමේන්තුව නීති විරෝධීව විසිරුවයි..! අගවිනිසුරු නීතිපති විරුද්ධයි; මැතිවරණ කොමිසමේ සභාපතිගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මතයන් මෙන්න

පාර්ලිමේන්තුව නීති විරෝධීව විසිරුවයි..! අගවිනිසුරු නීතිපති විරුද්ධයි; මැතිවරණ කොමිසමේ සභාපතිගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මතයන් මෙන්න

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.09, ප.ව.8.35 -දෙවන සංස්කරණය ප.ව.9.30) පිස්සු ජනාධිපති ගමරාළ තමාට නැති බලතල පවරා ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව නීති විරෝධී අන්දමින් විසිරුවා හැරීමට තීරණය කර තිබේ. මේ වන විට රජයේ මුද්‍රණාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය  ජනාධිපති යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශ වල විෂය පථය සඳහන් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර…

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ජනවාරි 5

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ජනවාරි 5

>පාර්ලිමේන්තුව ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත.නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර්…

දෙමල ජාතික සන්ධානයේ තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති හමුවී කියයි
|

දෙමල ජාතික සන්ධානයේ තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති හමුවී කියයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මැතිතුමා, ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් මැතිතුමා , ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා යන අය අද දින අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසී සාකච්ඡා කරන ලදී.  මෙම සාකච්ඡාව පැය 1 ½ ක කාලයක් පැවැත්විණි.   රටේ වත්මන්…

මෛත්‍රී ගත්  තීරණය වැරදි බව මහින්දත් නොකියා  කියයි

මෛත්‍රී ගත් තීරණය වැරදි බව මහින්දත් නොකියා කියයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමේ තීරණය තමන් නම් නොගන්නා තීරණයක් බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජන රැලියේදී ප්‍රකාශ කළේය . ජනාදිපති මෛත්‍රී මෙන්ම රැලියේ සිටි ජනයා ද පුදුමයට පත් කරමින් එසේ ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා තමා මෙහිදී වැඩිපුර කතා නොකරන බවත් වැඩියෙන් කතා කිරීම ජනාධිපති තුමාටම පවරණ බවත්  කියමින් කතාව නතර…

ඡන්දය දුන් අය ගල් ගහනවා – අශෝක ප්‍රියන්ත

තමා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමෙන් පසුව, තමා එජාපයට ද්‍රොහි වූ බව පවසමින්  තමාට ඡන්දය දුන් ජනතාව පැමිණ තම නිවස වටකර ගල් මුල් වලින් පහර දීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති  අ‍ශෝක ප්‍රියන්ත මහතා පොලීසියට පැමිණිලිකර ඇත. නාත්තන්ඩිය මරද ප්‍රදේශයේ ඇති ඒ මහතාගේ නිවසට මාරවිල පොලීසිය විසින් මේ වන විට…

ඇමතිකම් ගත්තට ගමේ යන්න බෑ. ආරක්ෂාව ලබා දෙන්න – ආනන්ද අලුත්ගමගේ

ඇමතිකම් ගත්තට ගමේ යන්න බෑ. ආරක්ෂාව ලබා දෙන්න – ආනන්ද අලුත්ගමගේ

ආනන්ද අලුත්ග‍මගේ මහතා බලහත්කාර ආණ්ඩුවේ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් න් පත්වීම් ලැබු පසු සිය ගමට යාමට නොහැකිව පොලීසියේ ආරක්ෂාව අපේක්ෂා කර ඇති බව වාර්තාවේ. නාවලපිටියට හා මහනුවරට යාමට තමාට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස අලුත්ගමගේ නියෝජ්‍ය ඇමතිවරයා පොලීසියෙන් ඉල්ලීමක් කළ පසු තලංගම පොලීසිය විසින් ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථාන දැනුම්වත් කර ඒ මහතාට අව්‍ය පොලිස් ආරක්ෂාව…