මෛත්‍රී ගත් තීරණය වැරදි බව මහින්දත් නොකියා කියයි
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමේ තීරණය තමන් නම් නොගන්නා තීරණයක් බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජන රැලියේදී ප්‍රකාශ කළේය . ජනාදිපති මෛත්‍රී මෙන්ම රැලියේ සිටි ජනයා ද පුදුමයට පත් කරමින් එසේ ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා තමා මෙහිදී වැඩිපුර කතා නොකරන බවත් වැඩියෙන් කතා කිරීම ජනාධිපති තුමාටම පවරණ බවත් කියමින් කතාව නතර කළේය .
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමේ ව්‍යවස්ථා විරෝධී කියාවට ඇතිවී තිබෙන ජනතා විරෝධය ජනාදිපති මෛත්‍රී වෙත යොමු කොට තමා ගැලවීම මෙම කතාවේ අරමුණ බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .
ඒකාබද්ද විපක්ෂ කණ්ඩායම තුලින්ද මෙම ක්‍රියාවට විරුද්ධත්වය පල වී ඇති බව ද දැනගන්නට ඇත.
