එජාපෙ , ජවිපෙ , ටී එන් ඒ , ඇතුළු පෙත්සම් රැසක් ශේෂ්ටාධිකරණයට
ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේෂ්ටාධිකරණයට යාමට එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය , පුරවැසි බලය , සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය ඇතුළු පක්ෂ හා සංවිධාන රැසක් තීරණය කොට ඇත . එම සංවිධානවල මෙන්ම නීති ක්ෂේත්‍රයේ බහුතරයකගේ මතය වී ඇත්තේ මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැති බවයි .
