අයවැය දෙවනවර කියවීම සම්මතයි

අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි. කෙසේ වෙතත් හෙට දිනයේ විවාදයට ගැනෙන ජනාධිපති වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීලග ජනාධිපති අපේක්‍ෂකයා  පොහොට්ටුව ලකුණින් පමණයි.. – මහින්ද රාජපක්ෂ

මීලග ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුව ලකුණින් පමණයි.. – මහින්ද රාජපක්ෂ

  මීලග ජනාධිපතිවරණය සදහා තම පාර්ශවයේ අපේක්‍ෂකයා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණ යටතේ බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කලේ උඩවලව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කරන්නාගොඩගෙන් පැය 8ක ප්‍රකාශයක් – තව ඉවර නෑ !

කරන්නාගොඩගෙන් පැය 8ක ප්‍රකාශයක් – තව ඉවර නෑ !

විජයානි එදිරිසිංහ සහ ගයාන් කුමාර වීරසිංහ තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඒ මහතා ගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත. උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5දෙනෙක් ඇතුළු තරුණයන් 11ක් 2008 සහ 2009 කාල වකවානුවේ දී…

සැහැල්ලු දුම්රිය ණය ගිවිසුමට අස්සන් – ජපාන යෙන් මිලියන 48,000ක්
|

සැහැල්ලු දුම්රිය ණය ගිවිසුමට අස්සන් – ජපාන යෙන් මිලියන 48,000ක්

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන රුපියල් මිලියන 48,000ක (ජපන් යෙන් මිලියන 30,040) සහන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අස්සන් තබයි. ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු සේවා සහ ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය අතර සහන ණය ගිවිසුමට ඊයේ (11) අත්සන් කළ අතර…

මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා කැවුමාගේ නිවසෙන් මිලියන 1800කට අධික හෙරෝයින් අත්අඩංගුවට

ඩුබායි හි දී අත්අඩංගුවට ගැණුනු පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වනු බලන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නැමැත්තාගේ නිවසක තිබී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 167 ක් අධික හෙරෝයින් ප්‍රමාණයක් ඊයේ (11) හසුවී තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 1800කට අධික බව පැවසේ. කැවුමා අත්අඩංගුවට පත්වූයේ පන්පිටියේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී…

මධූෂ් සිය කියුම් කෙරුම් වමාරයි

මධූෂ් සිය කියුම් කෙරුම් වමාරයි

ඩුබායි පොලීසිය විසින් “මාකඳුරේ මධුෂ්’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මන්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතු ද සිදු කර තිබෙන බවටද වාර්තා වේ. එම රුධිර පරීක්ෂණ වාර්තාව ළඟදීම අධිකරණයට ඉදිරිපත් වෙනු ඇත. අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම…

මාරක රිය අනතුරින් පසු රෝහල්ගත කළ ස්ථානාධිපති සිහිය නොලබාම සමුගනී

මාරක රිය අනතුරින් පසු රෝහල්ගත කළ ස්ථානාධිපති සිහිය නොලබාම සමුගනී

පසුගිය 24 වනදා අලුයම 04.30ට පමණ බම්බලපිටිය මාර්ග සංඥා පද්ධතිය ආසන්නයේ දී රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහුට මිය යන…

ඉතියෝපියානු ගුවන් යානයක් කඩාවැටී 157 දෙනෙක් මරුට

ඉතියෝපියානු ගුවන් යානයක් කඩාවැටී 157 දෙනෙක් මරුට

පුද්ගලයන් 157 දෙනෙකු රැගත් ඉතියෝපියානු ජාතික ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන ඉතියෝපියාවේ ජාතික ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානයේ ගමනාන්තය වී තිබුණේ කෙන්යාවේ නයිරෝබි අගනුවරයි. යානය ඉතියෝපියානු වේලාවෙන් ඊයේ (10) පෙරවරු 08.39ට අඩිස්අබාබා…

මහින්දානන්දගේ පුතා බීමතින් ඩිපෙන්ඩරයට යටකර පලාගිය බොරැල්ල රථවාහන OIC ජීවිතක්ෂයට

මහින්දානන්දගේ පුතා බීමතින් ඩිපෙන්ඩරයට යටකර පලාගිය බොරැල්ල රථවාහන OIC ජීවිතක්ෂයට

මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ පුතා බීමතින් ඩිපෙන්ඩර් රථයට යටකර පලාගිය බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා  බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට  මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත. යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 24 අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව…

ගෝඨාව ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට කරන්නාගොඩටත් !

ගෝඨාව ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට කරන්නාගොඩටත් !

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එවැනි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කරමින් හිටපු නාවික හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. තමන් අත්අඩංගුවට ගැනීම වලක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කරන්නාගොඩ මහතා…

මහින්ද – කබ්රාල් යුගයේ බැදුම්කර වංචා හොයන්න වෝහාරික විගණනයක්

මහින්ද – කබ්රාල් යුගයේ බැදුම්කර වංචා හොයන්න වෝහාරික විගණනයක්

2007 වසරේ සිට 2015 දක්වා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (06) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමත  කර ඇත. එම කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ මහ බැංකු අධිපතිව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය .එම කාලයේ ගනුදෙනු පරික්ෂාව සදහා  ඉදිරිපත් කරන…

අයවැය යෝජනා ආකර්ශනීයයි –  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අයවැය යෝජනා ආකර්ශනීයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මෙවර අයවැය යෝජනා ආකර්ශනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි . ඒ මහතා වැඩි දුරටත් ප්‍රශ්න කරන්නේ පසුගිය වසර හතරේදී මෙබඳු අයවැයක් ගෙන එන්නට බැරිවුණේ ඇයි කියාය . මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු ලෙස එජාප ඇමතිවරයකු ප්‍රකාශ කළේ පසුගිය වසර හතරේ තිබුනේ හවුල් ආණ්ඩුවක් බව හා දැන් ඇත්තේ එජාපෙ ආණ්ඩුවක් බවයි . එමෙන්ම…