|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා )

  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා ) සිදු කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි. අර්ථසාධක අරමුදලේ සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් සියයට 84 ක් සහ වෙනත් බැඳුම්කර අතරින් සියයට 37 ක් මෙලෙස ගනුදෙනු කිරීමට නියමිත ය. එම බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීම අනිද්දා (14) සිදු කෙරෙනු ඇත.  

|

සාකච්ඡාවට ආ සමිතිවලට අර්තසාධකයේ සියයට එකකවත් නියෝජනයක් නැහැ – මහා බැංකු අධිපති

    දේශීය ණය ප්‍රශස්තකරණයේ දී  අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැන මහ බැංකුව සමග සාකච්ඡා කරන්නට පැමිණි වෘත්තිය සමිතිවලට අරමුදලේ දායකයින්ගෙන් සියයට එකකවත් නියෝජනයක් නොතිබූ බවත්, ඔවුන් සාකච්ඡා නොකොට ඝෝෂා කළ බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඵලදායී අදහස් හුවමාරුවක් කළ හැකි වෙතයි අපේක්ෂාවෙන් සාකච්ඡාවට අවස්ථාව දුන්නද එවැන්නක් සිදු නොවු…

මානව හිමිකම් කොමිසමේ වැඩට සහය දෙන්නේ නැහැ – ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියගෙන් ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා මගින් සාමාජික රටවල සම්පත් විනාශ කිරීමක් සිදුවන බැවින් ශ්‍රී ලංකාව එයට සහය නොදෙන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කළේය. මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් …

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’…

උසාවි නොපැමිණි පලිගැනීම් කොමිසමේ කොමසාරිස් වරුන්ට වරෙන්තු නිකුත් කරන්න – ශානි අභියාචනාධිකරණයෙන් ඉල්ලීයි

අධිකරණයට අපහාසකළ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සිය නීතීඥවරයා මගින් ඊයේ  (11)  අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම කොමිසමේ සභාපති සහ සාමාජිකයන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු…

උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක මසකට 375,000 ක් ගෙවා බෙන්ස් රථයක් අරන්

    මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා  රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මසකට රුපියල් 375,000 කුලියක් ගෙවමින් සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් තම භාවිතය සඳහා යොදාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී තිබේ. විගණකාධිපතිවරයා විසින් මෙම කරුණු හෙළිදරව් කොට තිබේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමේ පරීක්ෂණයකට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

|

කවුරු බලයට ආවත් මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ – ෆ්රෝන්ටියර් රිසර්ච් සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ

      ඉදිරි මැතිවරණයක දී කුමන පක්ෂයක් බලයට පත්වුව ද දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හරවනු නොහැකි වනු ඇති බව ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ මහතා ප්‍රකාශ කරයි. මැතිවරණ ප්‍රකාශනවල වෙනත් කුමක් සඳහන් කළ ද , කුමන පොරොන්දු දුන්න ද, ඒවා  අනුව කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන බව ඒ…

|

මේ වනවිට ඉටුකළ යුතු අයි එම් එෆ් කොන්දේසි 57 කින් 37 ක් සම්පුර්ණයි – වෙරිටේ රිසර්ච් පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් ගිවිසුම අනුව මේ වනවිට ඉටුකළ යුතු කොන්දේසි 57 කින් 37 ක් ඉටුකොට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ ජෙෂ්ට පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග ප්‍රකාශ කරයි. කොන්දේසි 20 ක් ඉටුකොට නැති හෝ තොරතුරු නැති ලෙස හඳුනාගෙන ඇත. අයි එම් එෆ් සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි 100 ක් හඳුනාගෙන ඇති අතර…

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට මම අනුමැතිය දුන්නා – කෙහෙළිය

තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට අනුමැතිය ලබාදී ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. “වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවන් ගොඩක් ඉන්නවා. අපේ විශ්වවිද්‍යාල මේ වෙනවිට 11ක් තියෙනවා, නමුත් ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. අපි ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ…

ජයග්‍රාහී ලෙස කෙහෙළිය ඉවතට ! ඇමති මණ්ඩල සංශෝධනයක්

  විශ්වාසභංග යෝජනාව ජයගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීම සහ නව ඇමතිවරුන් කිහිපදෙනෙකු පත්කිරීම ඇතුළත් ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. විපක්ෂයේ සිටින කිහිප දෙනෙකු ද නව ඇමති මණ්ඩලයට ඇතුළත් වන බව දැනගන්නට ඇත.

චැනල් 4 ගැන ජනාධිපතිගෙන් පරීක්ෂණ කොමිසමක්

  2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  බ්‍රතාන්‍යයේ  චැනල් 4 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරයකුගේ  ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙය මුලික පරීක්ෂණයක් ලෙස සිදුකරනු ලබන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට නියමිත බව කියති. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර…

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි. අද දෙරණ