උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක මසකට 375,000 ක් ගෙවා බෙන්ස් රථයක් අරන්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මසකට රුපියල් 375,000 කුලියක් ගෙවමින් සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් තම භාවිතය සඳහා යොදාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී තිබේ.
විගණකාධිපතිවරයා විසින් මෙම කරුණු හෙළිදරව් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමේ පරීක්ෂණයකට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිරීමට තීරණය වී තිබේ.
