එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එය නොසලකා හැරීමේ ද හැකියාවක් නොමැති බැවින් එම තත්වයට මුහුණ දීමට රට සුදානම් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි….

|

අය වැයෙන් රටේ විශාලතම පුද්ගලීකරණය සිදු කරනවා

    මෙවර අය වැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙවර අය වැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බව කී ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තම අරමුණ බව අවධාරණය කළේය. නව ආර්ථිකයක් ගොඩනැ‍ඟීමේ වැඩපිළිවෙළ දැන් අප ආරම්භ කර තිබෙනවා. ඉතා තරගකාරී ආර්ථිකයක්…

|

2018 ආර්ථික මට්ටමට එන්න ලබන වසරේදීත් බැරි වේවි – ජනාධිපති

  2018 වසරේ අප සිටි ආර්ථික තත්ත්වයට ළඟා වීමට අපට ලබන වසරේදීත් බැරිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. 2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ  (14) පැවැති අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට තිබේ එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ…

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

  2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැරීම මඟින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ…

|

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. “මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට…

|

සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් සංවර්ධනයට බිලියන 50ක්: මේ තරම් විශාල මුදලක් අය වැයෙන් වෙන් කළේපළමු වතාවටයි -සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති

  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් මහතා ප්‍රකාශ කළේය. මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට නොදුන් මුදලක් මෙවර අය වැයෙන් වත්මන් ජනාධිපති මුදල්…

ජනපති අය-වැය ගෙනාවේ ඉතාමත් අමාරු තැනක සිටයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය. ජනාධිපතිවරයාගේ අය-වැය කතාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මේ බව කීවේය. ඉතාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගතකරණවලට රට ලක් කරන්න ඕනෑ. රට ගැට ගහලා තියෙන ලණු…

රජයේ කුලී නිවාස පදිංචිකරුවන්ට පවරා දෙයි

  රජයේ කුලී නිවාසවල පදිංචිකරුවන්ට එම නිවාසවල අයිතිය ලබා දීමට අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය. ඒ අනුව කොළඹ නගරයේ 50,000 ක් ජනයාට තම නිවාස වල අයිතිය ලබන වසර තුළ ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.

|

ලක්ෂ 20 ක් ජනයාට සින්නක්කර ඉඩම් අයිතිය

  රජයේ බලපත්‍ර මගින් ඉඩම් ලබා දී ඇති ලක්ෂ 20 ක් ජනයාට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීමට මුදල් ඇමති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ලේඛනයෙන් යෝජනා කළේය. ඒ අනුව එමජනයට තම පදිංචි ඉඩම් වල සින්නක්කර අයිතිය හිමි වෙයි.

ආර්ථික අර්බුදයෙන් නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර

ආර්ථික අර්බුදය නිසා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කර තිබෙයි එමෙන්ම පසුගිය වසර කීපය තුළ නිසි ලෙස නඩත්තු නොවුන අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන්…

|

අයවැයෙන් රජයේ සේවක දීමනා රුපියල් 10.000කින් ; විශ්‍රාමිකයින්ට 2500 කින් ඉහළ දමයි

  රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 ඉහළ දැමීමට මෙවර අයවැය මගින් කටයුතු කොට ඇත විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව  ද  රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර මෙම වැඩිකිරීමත් සමග විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 6025ක් දක්වා ඉහළ යනු ඇත. රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන…

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සජබට ?

  ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සමගි ජන බලවේගයට සම්බන්ධවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි. විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දිනවල මෙම සාකච්ඡා පවත්වා තිබේ. ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පෙර සිට මෙම සාකච්ඡා ආරම්භ වී තිබු බව කියති. දේශපාලන ආරංචි මාර්ග කියන්නේ විවිධ දේශපාලඥයින්ට සම්බන්ධ උදවිය ඇතුළත් කරමින් අතුරු කමිටු සංයුතිය…