මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට මරාගෙන මැරෙන බෝම්බ කරුවා රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පතියා රටින් පැනීමට යයි..!

මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලවා ඝාතනය කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙකුගේ ඝාතනයන්ට ඍජුවම වගකිව යුතු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ රටින් පැන යෑමට සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඔහු පැන යෑමට සැලසුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට ය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ අනුර සේනානායක…

කෝටි 1140ක් රජයට අහිමි කළයි ගෝඨාභය – සේනාධිපති ඇතුළු 8කට නඩු

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම වෙත පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට ඉඩ ලබාදීමෙන් රජයට බිලියන 11.4ක් (කෝටි 1140) පාඩු කිරීමේ අල්ලස් ‍චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු නිලධාරින් 8 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවේය. චෝදනා 19ක්, සාක්කි…

තාජුඩීන් ඝාතනයේ කැනඩාවට යැවූ සී.සී.ටී.වී දර්ශනවල සවිස්තර වාර්තාව අධිකරණයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියානු රසායනාගාරය වෙත රැගෙන ගිය සී. සී.ටී. වී දර්ශනවල සවිස්තර වාර්තාව රහස් පොලිසිය විසින් මුද්‍රා සහිතව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. කැනඩාවේ වැන්කුවර්හි පිහිටි බ්‍රිටිස් කොලොම්බිය තාක්ෂණික ආයතන පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකි මහතා වෙත ඉකුත් 19 වන දින රැගෙන ගිය…

අධිචෝදනා 6ක් යටතේ ගම්මන්පිලට නඩු 2ක්

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී  සාවද්‍ය පරිහරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (30) නඩු දෙකක් වෙන් වෙන්ව පැවරීය. අධිචෝදනා 6ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා…

යෝෂිතගේ ආච්චිට ලැබුණයි කියන මැණික් මල්ල ගැන පැය 4ක් ප්‍රශ්න කරයි

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය වූ ඩේසි ෆොරොස්ට් මහත්මියට කොළඹ හිමි ව ඇති ඉඩම් නිවාස සහ ඒවා මිලදී ගැනීමට මුදල් ලබාගත් බව කියන මැණික් මල්ල සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය. මේ ප්‍රශ්න කිරීම් වලදී ඇයට ලැබුණු බව කියන මැණික් මල්ල සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් හෙළි නොකළ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනියක්…

ඩී.ඒ. රාජපක්ෂ පදනමට දුන් ඉඩමක් සී.එස්.එන්. එකට දුන් හැටි ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි

ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයෙන් ලබා දුන් වටිනා ඉඩමක් ලාභ උපයන ව්‍යාපාරික ආයතනයක් වන සී.එස්.එන්. සමාගමට ලබාදීමේ කටයුත්තක් සම්බන්ධයෙන් එම පදනමේ සභාපති මෙන්ම ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය. ඊට අමතරව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ශෂීන්ද්‍ර රාජපක්ෂ…

තාජුඩීන් ඝාතනයේ අස්ථි අතුරුදන් කළ වෛද්‍ය ආනන්ද සමරසේකරට අපේක්ෂිත ඇප..! – 10 දා වනතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ

වසීම් තාජුඩීන්ගේ මල සිරුරෙහි කලවා අස්ථිය අතුරුදන් කර සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි එවකට කොළඹ හිටපු ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර තමන් අත්අඩංගුවට පත්වීමට ප්‍රථම අපේක්ෂිත ඇප ලබාගෙන ඇති නිසා ලබන 10 දා වනතුරු ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව  පොලිස් ආරංචි මාර්ග පවසයි. මිය ගිය අයෙකුගේ මලමිනියක කොටස් පරීක්ෂණයක් හෝ…

එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් – වගකීමෙන් කියන බව නි. සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කියයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගත්තේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා සාක්ෂි ඇති බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය. එම පැහැරගැනීම සිදුකළේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මෙන් වෙස්වළාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු විසින් බවට පැහැදිලි සාක්ෂි ඇති බවට…

වසීම් තාජුඩීන් ඝාතනයේ දුරකථන සාක්කි මකලා

  රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව කොළඹ ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා එම දත්ත ගබඩා කර තිබූ (මධ්‍යම සැකසුම් ඒකකය) සී.පී.යූ….

කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

බම්බලපිටිය කොතලාවල පාරේ දී පසුගිය 21 වැනිදා රාත්‍රී පැහැර ගැනීමකට ලක් වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සායිඩ් සුලේමාන් මහතාගේ මළ සිරුර ඊයේ (24) රාත්‍රියේ මාවනැල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සොයාගෙන ඇත. එම මළ සිරුර ඒ මහතාගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිනමිණ ට පැවැසීය. ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මාවනැල්ල, බඹරකන්ද ප්‍රදේශයේ…

එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නෑ – රහස් පොලිසිය අධිකරණයට කියයි

  රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

මූලික අයිතිවාසිකම්වලට සී. පී. ඒ. එක විරුද්ධ ද ?

යෝජිත නව ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ජේදයක් එකතු කිරීම පිළිබඳව ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු විධායක අධ්‍යක්ෂ ධූරය දරණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කමින් සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තාවේ. මේ පිළිබඳව යුක්තිය කළ විමසීමකට පිළිතුරු දුන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයකු පැවසුවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් නව ව්‍යවස්ථාවට ඇතුලත් කළයුතු බව තම නිල ලියවිල්ලේ…