යෝෂිතගේ ආච්චිට ලැබුණයි කියන මැණික් මල්ල ගැන පැය 4ක් ප්‍රශ්න කරයි
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය වූ ඩේසි ෆොරොස්ට් මහත්මියට කොළඹ හිමි ව ඇති ඉඩම් නිවාස සහ ඒවා මිලදී ගැනීමට මුදල් ලබාගත් බව කියන මැණික් මල්ල සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය.
මේ ප්‍රශ්න කිරීම් වලදී ඇයට ලැබුණු බව කියන මැණික් මල්ල සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් හෙළි නොකළ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනියක් නමින් කොළඹ ප්‍රදේශයේ විශාල වටිනාකමකින් යුත් නිවාස සහ ඉඩම් කැබලි ගණනාවක් ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමේදී හෙළි විය.
ඒවා ඇයට හිමිවූයේ කෙසේද යන්න සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී බැංකු ගිණුම්, ඉඩම්, නිවාස ගණනාවක් පරීක්ෂාවට ලක් කෙරුණි. කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් ද සිදු විය. ඊයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇයගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර තිබිණි.
