මේ ජනාධිපතිට තියෙන බලය ඉදිරියේ පත්වන ජනාධිපතිට නෑ – එතකොට 19යෙ පශ්නය ඉවරවේවි – ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව මගින් ඊයේ (04) රාජගිරියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. ඇයි අපි 19 වන සංශෝධනය රටට ගෙනාවේ. සියලුදෙනාම ඒක රටට ගෙනාවා. ඒකට හේතුව වුණේ පෙර තිබුණු ආණ්ඩු කාලේ අපි දැක්කා, 18 වන සංශෝධනයේ තියෙන අඩුපාඩු. ඒකක් නම් ඒ සංශෝධනය යටතේ එක පුද්ගලයකුට, ජනාධිපතිතුමාට විශාල බලතල…

සමහර ඇමතිවරු වැඩකරන්නේ ජනාධිපතිට ඕනෑ විධියට – අගමැතිගෙන් දෝස්මුරයක්

එජාපෙ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු වැඩ කරන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාව අනුව බවත් ඔවුන් පක්ෂයේ උපදෙස් නොතකා ක්‍රියා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත . සදුදා හවස පැවති පුර්ව කැබිනට් රැස්වීමේදී අගමැතිතුමා මෙම ප්‍රකාශය කළේ අවවාදාත්මක ආකාරයෙනි . අගමැති රනිල්ගේ කතාව අනුමත කරමින් කතා කළ ඇමති  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිවේ ඇතැම් ඇමතිවරුන්ගේ හැසිරීම පක්ෂයට හානිකර…

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ලබන 09 වන දා දක්වා රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු 2 වැනි දා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත්වන විට පූජිත ජයසුන්දර නාරහෙන්පිට පොලිස් රෝහලේත්, හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේත් හදිසි අසනීප තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතවී සිටියහ. අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්…

පාසල් ගොඩනැඟිලි 250ක් එකවර විවෘත කිරීමේ ජාතික මහෝත්සවය අද අගමැති ප්‍රධානත්වයෙන් පේරාදෙනිය දී

එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැඟිලි 250ක් අද (4) ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කෙරේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන ඇමැති නීතිඥ, අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සහභාගීත්වයෙන්…

අගමැතිකමත් විපක්ෂ නායකකමත් ලැබුණේ එකඟතාවන්ට අනුවයි. ජනපතිට ගහන්න එපා ! – වාසු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැසීමෙන් වැළකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.  මහින්ද රාජපක්ෂ මහතාට මීටපෙර අග්‍රාමාත්‍ය තනතුර ලැබුණු බවත් දැන් විපක්ෂ නායක තනතුර හිමිව ඇති බවත් සිහිපත් කළ ඒ මහතා ඒ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව බවත්…

මාළ‍ඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම් අද අරඹයි

මාළ‍ඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම් කටයුතු අද (03) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.   නාගරික පහසුකම් වැඩිදියුණු කිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නගර හා බස්නාරහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.   අතුරුගිරිය නව නගරය පෝරේ ප්‍රදේශයට රැගෙන ඒමට කටයුතු යොදා තිබෙන අතර, කොට්ටාවේ අධිවේගි මාර්ග හමුවන ස්ථානයේ ද නගරයක් ගොඩනැගෙමින්…

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් අත්අඩංගුවට පත්වුවද තවදුරටත් ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.  රෝහලෙන් ඉවතට ගැනීම සඳහා බලයලත් රෝහල් අධිකාරීවරයාගේ අනුමැති අවශ්‍ය…

|

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අයට ඉස්ලාම් නම් තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ – රිෂාද් බද්ද්‍යුදීන් – තේරීම් කාරක සභාවේ දී

ත්‍රස්තවාදීන්ගෙ මිනී කාන්තන්කුඩි කනත්තෙ වළලන්න ඉඩ දුන්නෙත් නෑ : ‘‘මට අක්කර තුන් දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තිබෙන්නේ අක්කර පණස් පහයි. අක්කර තුන්දහසක් මට අයිති නම්, ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න.“ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බද්‍යුදීන් මහතා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි…

මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක්

එල්ලා මැරීමේ  නියෝගය ක‍්‍රියාත්මක  කිරීම  වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයෝ ඇතුළු 10 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  ( 01)  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.   මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතයට පටහැනි බවත්, එමඟින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්…

|

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට එජාපය සහාය දෙන්නේ නෑ -අගමැති මොනරාගලදී කියයි

පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (30 දා) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම…

බිලියනයක මුදලක් සති 03ක් ඇතුළත ගෙවන ලෙස දොස්තර රාජිත සේනාරත්නගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එන්තරවාසියක්

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මත ඉදිරිපත් වීම නිසා තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති 03ක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සින්නදොරේ සුන්දරලිංගම් සහ බාලේන්ද්‍ර නීතිඥ සමාගම මගින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෙත…

ත්‍රස්ත ප්‍රහාර‍යෙන් විනාශ වූ සි‍යෝන් ‍දේවස්ථානය නත්තලට ‍පෙර යථා තත්ත්වයට පත්කරනවා – පිළිසකර කටයුතු නිරීක්ෂණය කරමින් අගමැති කියයි ‍

පාස්කු ඉරිදා ප්‍රහාර‍යෙන් විනාශයට පත් වූ මඩකලපුව සි‍යෝන් ‍දේවස්ථාන‍යේ පිළිසකර කිරී‍මේ කටයුතු කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බවත් නත්තලට ‍පෙර එම කටයුතු අවසන් කර නත්තල් ‍දේව ‍මෙහෙය පැවැත්වීමට හැකි පරිදි එය පිළිසකර කර යථා තත්ත්වයට ‍ගෙන එන බවත් ඊයේ (29) උදෑසන පිළිසකර කිරී‍මේ කටයුතු නිරීක්ෂණ චාරිකාවක ‍යෙදුණු අග්‍රාමාත්‍ය වරයා පැවසීය. එහි දී තවදුරටත් අදහස් දැක්…