ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර වෙනුවෙන් අද (01) ඇප තැන්පත් කරයි

ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ , සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර,…

මංගල රැලියට ගෝඨා නැ. යළි සිංගප්පූරු යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැලිය ඔක්තෝම්බර් 9 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර තිබේ. නමුත් තම මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළියටත් සහභාගී වීමට නොහැකි වන තත්වයක් උද්ගත වී තිබේ.  ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා යළි සිංගප්පූරුව බලා යාමට අවසර දෙන…

සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කරන එජාප මහ සමුළුව 3දා

සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන එජාප මහ සමුළුව 3දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට ඇත . 10දා ගාලු මෝදර පිටියේ පවත්වන මහ රැළියකින් පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරබීමට නියමිතය .

මෛත්‍රීගේ චන්ද ඉල්ලන්න රාජපක්ෂ තුන් කට්ටුවම යයි

මහින්ද රාජපක්ෂ , ගොටාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ යන රාජපක්ෂ තුන් කට්ටුවම ඊයේ (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්චා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගොටාභය රාජපක්ෂ මහතාට ලබාගැනීමටය . එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමත් සමග ලහි ලහියේ මෙම හමුවීම සිදුව තිබේ . පොහොට්ටුව ලකුණ වෙනුවට පොදු ලකුණක් යොදාගැනීම ඇතුළු කොන්දේසි ගණනාවක්…

ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් කොටි 18ක තෑගි බෙදාදෙයි

ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය පසුගියදා තවත්  රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී. පසුගිය 24දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති තෑගි බෙදාදීමේ උළලේදී මෙම තෑගි බෙදාදෙනු ලැබීය .+2341

“රනිල් කියන්නෙ ගල් ආඳෙක්; මංගල කුමන්ත්‍රණ මාරයෙක්..” සජිත්ගේ අපේක්ෂකත්වය ගැන මහින්ද රාජපක්ෂ හෙළි කළ රහසක්..!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සිදු වූ කතාබහක දී මහින්ද රාජපක්ෂ මහතා ඉතා වැදගත් හෙළිදරව්වක් කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිවසේ දී ඔහුගේ පුද්ගලික මිතුරන් පිරිසක් සමග පසුගියදා රාජපක්ෂ මහතා මෙසේ පවසා තිබේ. …

එක්සත් වාමාංශික පෙරමුණේ සහය අනුරට – දෙවන මනාපය ගෝටාට එරෙහිව

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ. එක්සත් වාමාංශික පෙරමුණ  හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පැවසීය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්…

අද හවස හදිසි කැබිනට් රැස්වීමක් !

අද හවස හදිසි කැබිනට් රැස්වීමක් කදව ඇති බව දැනගන්නට ඇත . එය කුමක් සදහා හදිසියේ කදවුයේද යන්න දැනගන්නට නැත . අද හවස 6.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතය .

මා කෙරෙහි තැබූ ‍ විශ්වාසයට ස්තූතියි – සජිත්

ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දී තමා කෙරෙහි තැබූ විශ්වාසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමට සිය ස්තූතිය සහ ප්‍රණාමය පිරි නමන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. අපේක්ෂකත්වය ලැබීමෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. උපාලි කරුණාරත්න දිනමිණ

|

බැංකු පොලී අඩුකරන්න මහ බැංකුව නියෝග කරයි

බැංකුවලින් ලබාගන්නා ණය සඳහා අයකරන පොලිය සියයට දෙකකින් (2%) අඩුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බැංකුවලට නියෝග කොට ඇත. එමෙන්ම ණය පත් සඳහා උපරිම පොලිය සියයට 28ක් (28%) විය යුතු බවටත් බැංකු අයිරා සඳහා උපරිම පොලිය සියයට 24ක් (24%) විය යුතු බවටත් මහ බැංකුව නියෝග කොට ඇත. මෙම පොලී අඩුකිරීම ඔක්තෝබර් 15දා සිට ක්‍රියාත්මක…

එ.ජා.ප ජනාධිපති අපේක්ෂක – සජිත් ප්‍රේමදාස

ලබන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නම්කර තිබේ. අද පස්වරුවේ (සැප්තැම්බර් 26) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹිණ. පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. අගමැති…

ගෝඨාභයට ශ්‍රී ලංකා පුරවැසිභාවය නැති බවට – පැහැදිලි සාක්ෂි ලැබිලා – බී වාර්තාවක් අධිකරණයට එයි!

ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම ගැන කරන පරීක්ෂණවල දී ඒ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ලබාගෙන නැති බවට සාක්ෂි හෙළිදරව් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සොයාගත් කරුණු අද හෙටම බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දීමට නියමිතය. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල…