රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ විශේෂ දීමනාව අත්හිටුවයි

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙත ලබාදීමට පසුගිය රජය විසින් පොරොන්දු වී තිබුණු රුපියල් 15,000ක විශේෂ දීමනාව තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 07 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 02 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව එම අමාත්‍යාංශ…

පොලිසිය අත්අඩංගුවට ගත් හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි රංජන්ගෙන් මෝසමක්

තම නිවසින් පොලිසිය  අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත. පොලිසිය අත් අඩංගුවට ගත් හඩපට වල තිබු තම පුද්ගලිකත්වයට අදාළ කරුණු මාධ්‍යයට නිකුත්වී ඇති බවට එමගින් කරුණු දක්වා තිබේ . කොළඹ…

| |

‘රංජාගේට්‘ හඬ පට රාජපක්ෂ රජයට බූමරංගයක් වෙයිද?

රන්ජන් රාමනායක මන්ත්‍රී වරයාගේ නිවසේ තිබී සොයාගත් දුරකථන සංවාද පටිගත කෙරුණු හඬ පට දැන් සමාජ මාධ්‍ය පුරා රැව්දෙමින් තිබේ. පොලිසිය ලද ඔත්තුවක තොරතුරු ඔස්සේ අධිකරණ නියෝගයක් අනුව මෙම වැටලීම සිදුකළ බව රජය පවසයි.   එසේ පොලිස් අත් අඩංගුවට පත් හඬ පට අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, සුළු මොහොතකින් සමාජ මාධ්‍යය අරක් ගත් රාජපක්ෂ ගෝල බාලයින් වෙත නිකුත්…

“මම කුමන්ත්‍රණකාරයෙක් නෙවෙයි””වරදක් කර තිබේ නම් එය හෙළි කරන්න ” – රනිල්

කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ  (07) පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන ඇතැත් දැන් ඒවා පොදු දේපල වී ඇතැයි කී වික්‍රමසිංහ මහතා ඒ දේවල් පොදු දේපලක් වී හැම තැනම විකාශය වන බවද කීය….

CID ශානිගේ සේවය අත්හිටුවයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය පොලිස් කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇත.  ඒ අනුව අද (07) දින සිට ශානි අබේසේකර මහතාගේ සේවය අත්හිටුව ඇති බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සිදුකර තිබෙන දුරකථන සංවාද සම්බන්ධයෙන් ලද පැමිණිලි එම සේවය අත්හිටුවීමට පාදක වී තිබේ.  ශානි…

හිටපු ජනපතිගේ සොයුර ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයකු පත්කිරීම සදහා  රජයෙන් කළ දැනුම් දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයි කියති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකී . ග්‍රාමීය සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස…

පොලිස් අත් අඩංගුවට ගත් රන්ජන්ගේ හඬපට රජයට සම්බන්ධ වෙබ් වලට !

පොලිස් අත් අඩංගුවට ගත් බව කියන  රන්ජන් රාමනායක මහතා ගේ යයි කියන හඬපට තොරතුරු  රජයට සම්බන්ධ වෙබ් අඩවි  වල පලකිරිමට පටන්ගෙන ඇත්තේ වැටලීම සිදු කිරීමෙන් පැය විසි හතරක් ගත වන්නටත් පෙර සිට ය . රන්ජන් රාමනායක මහතා එක් එක් තැනැත්තන් සමග කරන ලද සංවාද මෙන්ම ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ද එම මාධ්‍ය වල පලවන්නේ මඩ…

2015ට කලින් බිලියන 6500ක බැඳුම්කර හොරෙන් විකුණලා. වාර්තාව හංගන්නේ ඒකයි – කිරිඇල්ල

2015ට පෙර පැවති රාජපක්ෂ රජය විසින් රුපියල් බිලියන 6,500ක් වටිනා මහබැංකු බැඳුම්කර හොර රහසේම විකුණා දමා ඇති බවටත් වත්මන් රජය විසින් බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර යටගසන්නේ මෙය සැඟවීම සඳහා බවටත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.  “අපේ ආණ්ඩුව කාලේ, යහපාලන ආණ්ඩුව කාලේ බැඳුම්කර නිකුත් කෙරුවේ බිලියන…

එජාපය බෙදීමේ වුවමනාව සජිත්ට නෙවෙයි ගෝලයින්ට !

එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන්කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයක් ලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු වුවමනාවක් නැතත් ඔහුගේ පාර්ශ්වයෙහි ඉදිරි පෙළ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම වෙනම තරග කිරීමට දැඩි උනන්දුවකින් යුතුව ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.  තමන්ට එජාපය හැර යාමේ කිසිදු අදහසක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා මීට සති කිහිපයකට…

බදු කැපීමෙන් ආණ්ඩුව කොට උඩ ; සියලු සංවර්ධන වැඩ අගෝස්තු දක්වා නවත්වයි

ආණ්ඩුව බලයට පත් වූ වහාම වැට් ඇතුළු බදු ගණනාවක් හිතුමතේ අඩුකිරීමේ ප්‍රතිපලයක් ලෙස රජයේ අදායම් අඩුවීමෙන් විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි . මේ නිසා ඉදිරි අගෝස්තු මාසයේ දී රජය විසින් අයවැයක් ඉදිරිපත් කරන තෙක් මෙරට මාර්ග, ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මහා භාණ්ඩාගාර නිලධාරියෙක් උපුටා දක්වමින්…

රංජන්ට ඇප

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්  රාමනායක  මහතා නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය. ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ (04)…

|

ආණ්ඩුව ඉන්ධන මිල සුත්‍රයත් වැළඳ ගනී !

විපක්ෂයේ සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේචනයට ලක් වූ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වෙයි . භාණ්ඩාගාරයේ නව ලේකම් ලෙස පත් වී සිටින ආර් එස් ආටිගල මහතා සති අන්ත “සන්ඩේ මෝනින් ” පුවත් පතට ප්‍රකාශ කොට ඇත්තේ ලෝක වෙළඳ පොළේ මිල වෙනස්කම් අනුව ඉන්ධන මිලකිරිම සඳහා ඉන්ධන…