ගාල්ලට මන්ත්‍රී ආසනයක් අහිමිවෙයි

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ. ඡන්දය හිමි නාමලේඛනයක් …

නව අධිවේගී මාර්ගය ආවරණය විදෙස් මාධ්‍යවේදීන්ට පමණයි

මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නො වූ බව වාර්තා වෙයි දේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක නිලධාරීන්…

ජිනීවා යෝජනාවෙන් ඉවත්වන්නේ නැහැ , ඒක වැරදි වැටහීමක් – විදේශ ඇමති දිනේෂ්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම්මත වී ඇති යෝජනාවලින් රජය ඉවත් නොවන බව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත . ඒ මහතා කියා ඇත්තේ තමන් එයට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමට පමණක් බලාපොරොත්තු වන බවයි . මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවෙන් රජය ඉවත්වන බවට වන ප්‍රචාරය වැරදි වැටහීමක් නිසා සිදුවන්නක් බව…

මම මුලදිම කිව්වා ආණ්ඩුව ගන්න එපා කියලා. අපේ අය ඇහුවෙ නෑ – අගමැති මහින්ද

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති තත්වයක් තුළ ආණ්ඩුව බාරගත්ත ද අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති බව තමන් දැනසිටි බවයි ඒ මහතා අවධාරණය කළේ.  “මම නම් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවෙදි මේ ගැන සාකච්ඡා කරනකොට මං කිව්වා මේක බාරගන්න එපා කියලා. ආණ්ඩුව එයාලටම දෙන්න කියලා…

සිටපු ඇමති රංජිත් සියඹලාපිටිය කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා ; දැන් ඇමති අමරවීරට මාට්ටු

2016 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ කෙරවලපිටිය විදුලි බලාගාරයේ අවසන් අදියරේ කටයුතු නිම කිරීමට වැය වන රුපියල් කෝටි 277න් සියයට තුනක් හෙවත් කෝටි අටක පමණ කොමිස් මුදලක් එවකට සිටි  විදුලිබල ඇමැතිවරයකු විසින් එම කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටි පෞද්ගලික සමාගමෙන් ඉල්ලා ඇති බව වාර්තා වී ඇත . එම අමාත්‍යාංශයේ සිට ලේකම්වරයාගේ සම්පූර්ණ මැදිහත්වීම මත මේ මුදල…

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට මේජර් ජනරාල් විජිත හරිප්‍රිය ; ගෝඨාභය පත්කරයි ; මහින්ද ඉවත්කරයි

රෙගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත හරිප්‍රිය මහතා පත්කරන බව රජය නිවේදනය කළේය . මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්කිරීමක් බව ද වාර්තා වීය . කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විජිත හරිප්‍රිය මහතා පත් කිරීමට ඉඩ නොදෙන බවයි . පරිපාලන සේවයේ ඉහල නිලයක් වන රේගු…

විපක්ෂයේ කුහකකම නිසා නැති උනේ සිංහල අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න තිබුණු චාන්ස් එක !

ආණ්ඩුව බලයට පත්ව මාස තුනක කාලයක් ගතව ඇති අවස්ථාවක ලබා දුන් සියලු පොරොන්දු මෙම කෙටි කාලය තුළ ඉටු කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වුණේ ඉකුත් වර්ෂයේදී ණය ගෙවීම සම්බන්ධයෙන් බවත් මේ වර්ෂයේ අලුත් අවුරුදු සමයේ ජනතාවට අතට මුදලක් ලබාදීමට කටයුතු කරමින් සිටියදී විපක්ෂය…

යුද අපරාධ ජාත්‍යන්තර පරීක්ෂණය නැවතුනේ ජිනීවා යෝජනා නිසායි – මංගල සමරවීර

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව ද හවුල් වී සම්මත කළ 30/1 යෝජනාව නිසා අපගේ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම වලකා ගැනීමට හැකි වූ බව හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය . එමගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යුද අපරාධ…

මහින්දට ණය ගෙවන්න බැරිනම් දිනේෂ් කොහොමද ණය සීමාව උස්සන්නේ – සජිත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගැනීමේදී ජනතාව වෙත වැරදි පණිවිඩයක් යන හෙයින් එය නිවැරදි කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු දක්වන අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.  පහැදිලි ලෙසම විපක්ෂය විරුද්ධ වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට නොව ණය සීමාව වැඩි කිරීමට බව විපක්ෂ නායකයා පැවසූ අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගොස් ණය…

ශ‍්‍රී මහා බෝධිය වටා තියෙන්නේ තනි කැරට් 22 රන් වැටක්.. ඒක මගේ වැඩක්.. – වජිර අබේවර්ධන

ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස බෞද්ධ සිද්ධස්ථාන සඳහා මුදල් වෙන් කරමින් බෞද්ධයින් අතර විශ්වාසයක් ගොඩනැගෙමින් සිටියදී බුදුදහම සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කල ප්‍රකාශ නිසා තම වෑයම ගඟට කැපු ඉණි කැපුවා සේ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ නෙලුවේදී පැවසීය. මට ලැබුණු ස්වදේශ කටයුතු ඇමතිකමෙන් මම පන්සල් වලට ඇතිවෙන්න සල්ලි බෙදුවා.ජයශ්‍රී මහා බෝධියේ රන්වැට අද…

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමේ ජනාධිපති කොමිසමට ලබාදී ඇති පුළුල් බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත. පෙත්සමේ මෙසේද සදහන් වේ. මෙම කොමිසමට සාමාන්‍ය කොමිසමට…

එයාර්බස් අල්ලස් ගනුදෙනුවේ කෙලවර නාමල් රාජපක්ෂ !

එයාර්බස් අල්ලස් ගනුදෙනුවේ කෙළවරක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටින බව අද කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ සිදු වූ නඩු විභාගයේදී හෙළිදරවු වී ය . එයාර් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදගේ ගිණුමට ලැබුණු ඩොලර් මිලියන දෙකක මුදලින්  ඩොලර් ලක්ෂ අටක් නිමල් හේමසිරි ප්‍රනාන්දු නම් තැනැත්තකුට ලැබී ඇති අතර ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විභාග වන…