මහින්දට ණය ගෙවන්න බැරිනම් දිනේෂ් කොහොමද ණය සීමාව උස්සන්නේ – සජිත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි
ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගැනීමේදී ජනතාව වෙත වැරදි පණිවිඩයක් යන හෙයින් එය නිවැරදි කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු දක්වන අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.
පහැදිලි ලෙසම විපක්ෂය විරුද්ධ වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට නොව ණය සීමාව වැඩි කිරීමට බව විපක්ෂ නායකයා පැවසූ අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගොස් ණය ගෙවීමට බැහැ කියද්දී අනෙක් පැත්තෙන් ණය සීමාව වැඩි කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කරන ලදි.
සජිත් ප්ට්‍රේමදාස මහතාගේ කරුණු දැක්වීමට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වූ අතර පාර්ලිමේන්තුව මාර්තු 03 වැනිදා දක්වා කල්තැබිණි.
LANKANEWSWEB
