එයාර්බස් අල්ලස් ගනුදෙනුවේ කෙලවර නාමල් රාජපක්ෂ !

එයාර්බස් අල්ලස් ගනුදෙනුවේ කෙළවරක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටින බව අද කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ සිදු වූ නඩු විභාගයේදී හෙළිදරවු වී ය .

එයාර් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදගේ ගිණුමට ලැබුණු ඩොලර් මිලියන දෙකක මුදලින්  ඩොලර් ලක්ෂ අටක් නිමල් හේමසිරි ප්‍රනාන්දු නම් තැනැත්තකුට ලැබී ඇති අතර ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විභාග වන B 195/16 නඩුවේ රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කොට ඇත . එයාර්බස් අල්ලස් මුදල් සහ ඉහත නඩුවට අදාළ මුදල් අතර සම්බන්ධයක් ඇති බව හෙළිදරවු වී තිබේ .

කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ එයාර්බස් අල්ලස් නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා මෙම කරුණු අධිකරණයට දැනුම් දුන්නේය .

මේ පිලිබදව කෙරෙන පොලිස් පරීක්ෂණ සතුටුදායක නැති බවත් නීතිපතිගේ උපදෙස් පිළිපැද නැති බවත් , මුදල් ලැබුණු ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන නැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා පැවසීය .

පරීක්ෂණවලට බාදා  ඇත්දැයි මහේස්ත්‍රාත් වරයා කළ විමසුම් දෙකක දී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු නිරුත්තර වුහ .

පසුව එම නිලධාරීන් කිවේ පරීක්ෂණ හැකි ඉක්මනින් සිදුකරන බවයි .  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *