තුනෙන් දෙකක් අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්නත් බෑ – පවිත්‍රා

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වුවමනාවක් හෝ එවන් හැකියාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. “තුනෙන් දෙකක් ගන්න අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්න බෑ ! යුද්ධෙ දිනපු වෙලාවෙ ගත්තාට තුනෙන් දෙකක් ගන්න බැරිවෙයි. අඩුම ගාණෙ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 07 දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවලා, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු…

අධිකරණය යටපත් කිරීම සඳහා විධායකය දැරූ පළමු උත්සාහයම ව්‍යර්ථ කෙරේ !

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය ඊයේ (11) අධිකරණයට බාරවූවාය. මෙය හුදෙක් වරෙන්තු ලබා සිටි තවත් එක් කාන්තාවක් අත් අඩංගුවට පත්වීමට පෙර අධිකරණයට බාරවීමට වඩා විධායකය විසින් අධිකරණය යටපත් කිරීමට දැරූ පළමු උත්සාහයේ තීරණාත්මක පරාජය සනිටුහන් වීමක් ලෙස සැලකිය හැකිය.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරුණු…

මට කොච්චර බැන්නත් මේ වෙලාවේ මම කට අරින්නේ නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රජයක් ලෙස තමන් රටට අත්කර දුන් ජයග්‍රහණ රැක ගැනීමට එක්සත්ව සටන් කිරීම අවශ්‍ය බවත් , එබැවින් මේ මොහොතේ ඇතැමුන් තමන්ට කොපමණ බැන්නත් තමන් කට නොහරින බවත්  එකසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයාගේ බලය සීමා කොට එම බලය පාර්ලිමේන්තුවට පැවරීම , ස්වාධින කොමිසන් සභා ඇතිකර අධිකරණයට පොලිසියට හා රජයේ සේවකයින්ට තම…

කොටස් වෙළෙදපොළට ඊයේ රුපියල් කෝටි 10,300ක පාඩුවක්

කොළඹ කොටස් වෙළෙදපොලේ ඊයේ සිදුවූ විශාල පසුබැස්ම නිසා රුපියල් කෝටි 10,300ක් (බිලියන 103ක් ) පාඩු ලබා ඇති බව වාර්තාවෙයි ඊයේ උදේ ගනුදෙනු ආරම්භ කළ අවස්ථාවේ කොටස් මිලෙහි විශාල කඩා වැටීමක් පෙන්නුම් කළ නිසා කොටස් වෙළෙදපොලේ ගනුදෙනු නවතා  දමනු ලැබී ය . පසුව යලිත් ගනුදෙනු ආරම්භ කළ ද සියලු කොටස් මිල දර්ශක වල පහළ වැටීමක් දක්නට…

අපි වෙනම තරග කරනවා, ආසන 25 ක් ෂුවර් – පේෂල ජයරත්න

පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් හා පාක්ෂිකයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම් තවදුරටත් ඉවසිය නොහැකි බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසනවා.    ඒ අනුව මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවාද එසේ නැතහොත් තවදුරටත් කෙණෙහිලිකම් විඳිමින් පොහොට්ටුව සමග සිටිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.   පසුගිය පළාත් පාලන…

රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම තහනම් : අතුරු තහනම් නියෝගයක්

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි. තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති…

කොළඹ කොටස් වෙළෙඳපොළ නවතා දමයි !

කොළඹ කොටස් වෙළෙඳපොළේ වැඩ කටයුතු අද (මාර්තු 10 ) උදේ හදිසියේම නවතා  දමනු ලැබීය. කොටස් මිල වේගයෙන් පහත වැටීම නිසා මම පියවර ගෙන තිබේ . අද උදේ කොටස් වෙළෙදපොලේ ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසුව කොටස් මිල දර්ශක වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් බව වාර්තා වෙයි . කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු යලි අරභීම පිළිබඳව මේ දක්වා කිසිදු තීරනගක් ගෙන…

වරෙන්තුව ඉවත් කරන්නැයි රවිගෙන් ඇපෑලක්

තමන් අත් අඩංගුවට ගන්නා  ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද වරෙන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතාගෙන් අභියාචනයක් අභියාචනාධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබී ය. රවී කරුණානායක මහතාගේ නීතිඥයන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කළේය . රවී කරුණානායක මහතා අත් අඩංගුවට ගන්නා  ලෙස නියෝගය පසුගිය සිකුරාධා නිකුත් කරනු ලැබුව ද මේ දක්වා ඒ මහතා අත්…

පොදු ලකුණකට කාලය ඉවරයි : දැන් අලියයි , දුරකතනයයි තීන්දුයි

දේශපාලන පක්ෂවලට තම ලකුණ මාරු කර ගැනීමට මැතිවරණ කොමිසම ලබා දී තිබු කාලය ඊයේ අවසන් වීම නිසා එජාප කණඩායම් දෙක පොදු ලකුණකින් ඉදිරිපත්වීම දැන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත . එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ද , සමගි ජන බලවේගය දුරකථනය ලකුණින් ද තරග වදින බව මේ වනවිට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත . මේ…

හංසයත් නැහැ : සජිත් එන්නේ දුරකථනයෙන් බව මැ.කො. ට දන්වයි

සජිත් ප්‍රේමදාස  මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ දුරකථනය ලකුණින් බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසම වෙත අද දැනුම් දුන්නේය. ඔවුන් හංසයා ලකුණ ලබාගෙන තරග කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත . එජාපය හා සජිත් පාර්ශවය සමගි කිරීමට පක්ෂයේ ප්‍රබල කණ්ඩායමක් දැරූ උත්සාහය ද අසාර්ථක වී ඇත…

එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව නුවරඑලියෙන් ඒකමතිකව සම්මතයි..

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්විම (08) දින නුවරඑලිය පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක , නුවරඑලිය දිස්ත්‍රික් හිටපු පා.ම කේ.කේ පියදාස යන මහතුන්ගේ ප්‍රධානත්වයෙනුයි නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම පැවැත්වුණේ. මෙම බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක…

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගකිවයුත්තා මෛත්‍රීපාලයි – අගරදගුරුත් , පාර්ලිමේන්තු කමිටුවත් කියයි

බුද්ධි අංශ වාර්තා නොතකා හරිමින් , පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැරීම ගැන ප්‍රධාන වගඋත්තරකරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඒ ගැන පරීක්ෂා කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ද පසු ගිය දා මේ බව ප්‍රකාශ කළේ ය. අගරදගුරු තුමා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම සදහන් නොකළ…