ඊයේ අලුත් කොවිඩ් ආසාදිතයින් 2249 යි ; මරණ 24 යි

ඊයේ දිය තුළ කොවිඩ් 19 නව ආසාදිතයින් 2249 හඳුනාගත් බවත්, මරණ 24 ක් වාර්තා වූ බවත් රජය නිවේදනය කොට ඇත. එම සංඛ්‍යා අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත් සංඛ්‍යාව 136,531 ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි. මෙම සංඛ්‍යාවෙන් 24,000 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ද…

කලින් දැනුම් දී තිබිය දී කොස්ගොඩ තාරක ඝාතනයට ඉඩ දීම ගැන නීතිඥ සංගමයේ විරෝධය ; උරු ජුවා ඝාතනයත් හෙළා දකියි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙයින් කොස්ගොඩ තාරක, සී සී ඩී භාරයේ සිට පැලියගොඩ පොලිසියට භාර දී  ඇති බවත්, ඔහු ඝාතනයට ලක්විය හැකි බවත්, තම සංගමයේ සාමාජික නීතිඥවරයකු කල් තබා කළ අනතුරු ඇඟවීම පොලිස්පතිවරයා…

රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තු ගෙන්වන්න කතානායක පොරොන්දු වෙයි

මහජන ආරක්ෂක ඇමති සරත් වෙඑඑරසෙකර මහතා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයක්  යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අද (13) පොරොන්දු වී තිබේ. බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පාර්ලිමේන්තු විවාදයට දින දෙකක් ලැබෙයි

කලින් එක දිනකට පමණක් සීමාකර තිබු කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් විවාදයට දින දෙකක් ලබා දීමට ආණ්ඩුව අද එකඟ වී ඇත ඒ අනුව එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කොට තිබේ. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ එම…

අන්තිමට, දින තුනක් රට ම වසයි

අද රාත්‍රී සිට සඳුදා උදෑසන දක්වා මුළු රට ම වසා තැබීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව කඩ සාප්පු විවෘත කිරීම මෙන් ම සියලු  සංචරණ කටයුතු ද සීමා වෙයි. අත්‍යවශ්‍ය සේවාවන් සහ ෆාමසි හැර අනෙක් සියලු අංශ වලට මෙම සීමා කිරීම් අදාළ වෙයි. ඒ අනුව, සංචරණ සීමා පනවා ඇති   අද (13) රාත්‍රී 11 සිට…

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2386 ක්; මරණ 18 ක්

අලුතින් කොවිඩ් 19 වැළඳුනු ආසාදිතයින් 2386 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් අසදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 133,484 ක් වශයෙනි. කොවිඩ් ආසාදිත මරණ 18 ක් ද ඊයේ දිනය තුළ වාර්තා වී ඇත. එම නිල වාර්තා අනුව කොවිඩ් නිසා මෙරට දී මියගිය සංඛ්‍යාව 868 ක් වෙයි.

බැසිල් ඇමෙරිකා යයි ! පැමිණීම මසකට පසුව !

ආර්ථික පුනර්ජීවන සහ දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වෙයි. ඒ මහතා විදේශ ගත වන තෙක් ඒ බව බොහෝ දෙනා දැන සිට නැත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැසිල් රාජක්ෂ මහතා ගියේ එම ගමන අවස්ථා කිහිපයක දී ම කල් දැමීමෙන් පසුව බව කියති. ඒ මහතා…

විමල්ගේ කණ්ඩායම දණ ගසති ; පක්ෂ නායක රැස්වීමට බැසිල්ගෙන් එකොළහක් එති ; විමල්ලා විරෝධය හකුලා ගනිති

පක්ෂ නායකයින් නොවන තවත් පිරිසක් සහභාගී වන බැවින් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව කියා පසුගිය රැස්වීම් දෙකක් වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායමේ නායකයෝ ශ්‍රී ලනක පොදුජන පෙරමුණෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු එකොලොස් දෙනෙකු සහභාගී වීම පිළිගෙන ඊයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ බව වාර්තා වෙයි. තමන්ට වැඩි…

අද ආසාදිතයින් 2530 ක් ; මරණ 23ක් වාර්තා වෙයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 2530 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 130,949 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් 19 මරණ 23 ක් ද අද දිනයේ වාර්තා වී ඇත. එම මරණ ද සමග මෙරට දී කොවිඩ් නිසා මියගිය සංඛ්‍යාව 850 ක් දක්වා ඉහළ…

ලබන මස මුල දී රනිල් පර්ලිමේන්තුවට !

එකසත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කැමැත්ත පළ කොට ඇති බවත්, ඒ අනුව ලබන මස මුල දී ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවත්, එජාප ආරංචි මාර්ග කියයි. වජිර අබේවර්ධන, නවින් දිශානායක, රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ඉල්ලීමක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් සමග සාකච්ඡාවකින් පසුව වික්‍රමසිංහ මහතා මෙම තීරණයට…

රැඩිකල් සමාජවාදී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප ගැන සිතීම – ජයදේව උයන්ගොඩ,

අප සාකච්ඡා කළ යුතු දෙයක් නම්, ‘නිදහස’, ‘අයිතිවාසිකම්’, ‘සමානත්වය’ යන මේවා පිළිබඳව එකිනෙකට පටහැණි දාර්ශනික සහ දේශපාලන සම්ප්‍රදායන් දෙකක් වන සමාජවාදය සහ ලිබරල්වාදය අතර සහයෝගයක් ගොඩනැගිය හැකිද? එසේ නම් කෙසේද? යන කරුණයි. පැරණි සෝවියට් ආකාරයේ සමාජවාදී මාදිලියට, ධනවාදයට විකල්පයක් ලෙස යළි මතුවීමට ඓතිහාසික හෝ දේශපාලන-බුද්ධිමය අවකාශයක් දැනට නැත. ‘නව ලිබරල්වාදයට එරෙහි වීම’ යන තේමාව යටතේ…

ඊයේ අලුත් කොවිඩ් ආසාදිතයින් 2573 ක් ; මරණ 26 ක්

ඊයේ දිනයේ අලුතින් වාර්තා වී ඇති කොවිද19 ආසාදිත සංඛ්‍යාව 2573 කි. එමෙන් ම මරණ 26 ක් ද ඊයේ දිනයේ වාර්තා වී ඇත. එය දිනක දී වාර්තා වූ ඉහළ මමරණ සංඛ්‍යාව යි. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 128,419 කි. මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 827 කි. පී සී ආර් පරීක්ෂණ…