අද ආසාදිතයින් 2530 ක් ; මරණ 23ක් වාර්තා වෙයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 2530 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 130,949 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 මරණ 23 ක් ද අද දිනයේ වාර්තා වී ඇත.

එම මරණ ද සමග මෙරට දී කොවිඩ් නිසා මියගිය සංඛ්‍යාව 850 ක් දක්වා ඉහළ යයි.

පරික්ෂණ ප්‍රමාදය නිසා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ කියයි.

එමෙන් ම, මරණ සංඛ්‍යාව ද අඩුවෙන් වාර්තා වන්නේ කොවිඩ් රෝගය නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් සිදුවන මරණ ගණනයට නොගන්නා හෙයිනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *