තවත් කොවිඩ් මරණ 59 ක් ; ආසාදිතයින් 2419 ක්

කොවිද19 අසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 59 ක් අද දිනයේ තහවුරු කරගත් බව වාර්තා වෙයි. මෙම මරණ ඊයේ සිදුවූ ඒවා බව කියති. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2374 ක් වී තිබේ. අද අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් නිවේදනය කොට ඇත්තේ 2419 ක් වශයෙනි. ඒ අනුව…

ඇප ලැබුණු ශානි ඇප නැතිව යලි රිමාන්ඩ් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ අභියාචනාධිකරණ ඇප කොන්දේසි ඇතුලත් තීන්දුව ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට  නොලැබීම හේතුවෙනි. මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස්…

හිටපු සී අයි ඩී අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහි චෝදනා ගොතන ලද බොරු – අභියාචනාධිකරණ ශානිට ඇප දෙන තීන්දුවෙන් කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව සිදු කොට ඇත්තේ ගොතන ලද කතාවක් මත ක්‍රියා කිරීමක් බව ඔහුට ඇප නියම කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් බව වාර්තා වෙයි. පොලිසිය තමන්ගේ ම උසස් නිලධාරියෙකුට එරෙහිව ගොතන ලද කතාවක් මත පියවර ගෙන ඇති බවත්, මෙය ඔහු  කොටු කිරීමට හිතා මතා සැලසුම් කරන ලද්දක් බව…

අවජාතක තෙල් මිල සූත්තර – අනුර සූරියබණ්ඩාර

ඛනිජ තෙල් මිල ඉහළ නැංවීම මේවන විට ආණ්ඩුවට බරපතළ ආකාරයට බලපා ඇති බව පෙනෙන්නට තිබේ . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙහි මහ ලේකම් වරයා උත්සාහ කළේ තෙල් මිල ඉහළ යාමේ වගකීම ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල මත පටවා ආණ්ඩුවේ දෝශ සෝදා හරින්නට වුවත් , ගම්මන්පිල විසින් මිල ඉහළ දැමීමේ පට්ටන්දරය මුල සිට අගට දිගහැරීම හේතුවෙන් ආණ්ඩුවට…

ඔන්ලයින් හරහා මැත්පැන් බෙදන්න මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබෙයි ; අද සවස සිට ක්‍රියාත්මකයි !

අන්තර් ජාලය ඔස්සේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙලෙස මත්පැන් බෙදා හැරීමට අවසර දෙන ලෙස දිවයිනේ ප්‍රධාන මත්පැන් අලෙවි සමාගම් ගණනාවක් ඉල්ලීම් කර තිබු බව වාර්තා වෙයි. මේ වනවිට දිවයිනේ සියලු මත්පැන් අලෙවි සල් වසා දමා ඇති අතර මත්පැන්…

හිටපු සී අයි ඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එස් අයි සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරී

  ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහත්වරුන්  ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර මහතා සහ සුගත් මෙන්ඩිස්  මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින්…

රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම 23 දා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 23 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දිය යුතු බව පක්ෂයේ ජෙෂ්ටයින් තීරණය කොට ඇතැයි  පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමට අද මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව ද ඒ මහතා ප්‍රකාශ…

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට කොරියන් ජාතික තානාපතිනියක් පත් කරයි

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස දකුණු කොරියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ කාන්තාවක් වන ජුලි ජියූන් චුන් මහත්මිය නම් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් මහතා කටයුතු කොට ඇත. ජනාධිපතිවරයා විසින් ඊයේ මෙම නිර්දේශය සිදු කළ බව ධවල මන්දිරය නිවේදනය කොට තිබේ. දැනට ඇමෙරිකානු තානාපතිනිය ලෙස සේවය කරන අලෙයිනා ටිප්ලිස් මහත්මියගෙන් පසුව ඇය මෙරට තානාපතිනිය ලෙස පත්වීමට නියමිත…

විදුලි සේවකයින්ට සියයට විසි පහක වැටුප් වැඩිවීමක් ; තව සියයට දොළහ බැගින් වසර තුනක්

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින්ට සියයට විසි පහක වැටුප් වැඩි වීමක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ලංවිම සභාපති චරිත හේරත් මහතා හෙළිදරව් කොට ඇත. ඔවුන්ට තවත් සියයට 12 බැගින් වසර තුනක් වැටුප් වැඩි කිරීමට ද එකඟ වී ඇති බව ඒ මහතා කියයි. මෙම වැටුප් වැඩි කිරීම සිදු වන්නේ ලංවිම සේවකයින් සහ පාලන අධිකාරිය අතර…

කොවිඩ් මරණ 55 ක් අසාදිතයින් 2275 ක් අද තහවුරු කරයි

කොවිඩ් 19 මරණ 55ක් තහවුරු වූ බව රජය අද නිවේදනය කළේ ය. නව ක්‍රමවේදය අනුව අද තහවුරු කොට ඇත්තේ ඊයේ සිදු වූ මරණ බව කියති. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2315 කි. නව කොවිඩ් ආසාදිතයින් 2275 ක් අද හඳුනාගෙන ඇති බව රජයේ නිල නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත…

තවත් කොවිඩ් මරණ 57 ක් අද වාර්තා කරයි ; එකතුව 2260 ක් වෙයි

  ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ ලෙස මරණ 57 ක් රජය අද වාර්තා කළේ ය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 2260 ක් බව ද නිවේදනය කොට ඇත. අද දිනයේ අලුතින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2284 කි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 225,922 ක් වශයෙනි.

ඊයේ කොවිඩ් මරණ 67 ක් ; ආසාදිතයින් 2329 ක් වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 67 ක් තහවුරු කරගෙන ඇති බවත්, නව ආසාදිතයින් 2329 ක් වාර්තා වී ඇති බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයන්හි සඳහන් ය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්  ආසාදිත මරණ  සංඛ්‍යාව 2203 කි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 223,606 ක් ලෙස සටහන් වෙයි….