ජාතික උද්ධමනය 22% ක් දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ 2013=100 වූ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබන අතර, 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 22.1% ක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත….

භාණ්ඩාගාර බිල්පත් පොලිය 17% න් පහළට

ඊයේ  පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකයන් හි සුවිශේෂී පහළ යාමක් වාර්තා වී ඇති අතර වර්ෂයක දී කල් පිරෙන බිල්පත් පොලිය සියයට 16.99 දක්වා පහත වැටී තිබේ. .මෙහිදී කැපීපෙනෙන කරුණ නම් 2022 අප්‍රේල් 08 දින පැවති වෙන්දේසියෙන් පසු දින 182 හා දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වාර්තා වී තිබෙන අඩුම පොලී  අනුපාතිකයන් මෙවර වෙන්දේසියේ…

මහින්ද කහඳගම රිමාන්ඩ්

පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය. ඒ, කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම පිලිබඳ චෝදනාවකට ය . කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන…

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය. නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි. මෙම පනත් කෙටුම්පත සම්මත කරගන්නා ලද්දේ ඡන්ද විමසීමකින් තොරව ය.

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ලබන සතියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. එම අරමුදල සඳහා අනුමැතිය ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට නියමිත බව එහි සඳහන් වේ. එම රැස්වීම ජූනි 28 වනදා පැවැත්වෙයි. අද දෙරණ

වැඩක් නැති දෙපාර්තුමේන්තු දෙකක් වසා දැමෙයි

  රජයේ වියදම් අඩු කිරීමේ වැඩ පිළිවෙළේ කොටසක් ලෙස වැඩක් නොමැතිව පවත්වාගෙන ගිය දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට රජය කටයුතු කොට ඇත. මෙලෙස වස දම ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යි. එම ආයතන වස දැමීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කොට තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව…

ජනපති ලේකම්ගෙන් එල්ලාවල හිමිට ලිපියක්

මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නොමැති බව දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් වෙත පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ…

බැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත. ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති…

ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජනපති සමග !

  ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාහේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 145ක් දිනාගත් අතර එයින් සැලකිය යුතු පිරිසක් පළමු වරට පාර්ලිමේන්තු පැමිණි අය වේ. ඔවුන්ගෙන් සුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවත් බහුතරයක් ආණ්ඩුව සමග සිටිති. ආණ්ඩුව පවත්වාගෙන යාමට…

නාමල්ල ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැහැ – නිමල් ලන්සා

මැති ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත්වුවද ආණ්ඩුව කඩා නොවැටෙන බවත්, එහෙයින් ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි. විදෙස්ගතව සිටින ලන්සා මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ”පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් !” යන ශීර්ෂයෙන් යුතුව අද (14) ‘ද ලීඩර්’ හි පලවී ඇති පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. රනිල්…

පාර්ලිමෙන්තුව විසුරුවන්න සූදානම් ; SJB ජනපති සමග ආණ්ඩු කරන්න සූදානම් !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් මෙම පියවර ගැනීමට ඔහුගේ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස එල්ලවන බලපෑම්ද මීට බලපා ඇතැයි වාර්තා වෙයි. ජනාධිපතිවරයා විසින් ඉකුත්දා කැඳවන ලද…