අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය.
නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි.
මෙම පනත් කෙටුම්පත සම්මත කරගන්නා ලද්දේ ඡන්ද විමසීමකින් තොරව ය.
