වැඩක් නැති දෙපාර්තුමේන්තු දෙකක් වසා දැමෙයි

රජයේ වියදම් අඩු කිරීමේ වැඩ පිළිවෙළේ කොටසක් ලෙස වැඩක් නොමැතිව පවත්වාගෙන ගිය දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට රජය කටයුතු කොට ඇත.
මෙලෙස වස දම ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යි.
එම ආයතන වස දැමීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කොට තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන තෙක් එය කිසිදු කාර්යයක් නොමැතිව පවත්වාගෙන ගොස් තිබේ
එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවෙන්දයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුවයි.
