අගමැතිගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පෙත්සම විසිවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි. මෙම පෙත්සම ඉකුත්…

සරසවි රැසක් අද-හෙට වැඩ අරඹයි

රටේ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට දින (22) සිට ආරම්භ වේ. සබරගමුව, ඌව වෙල්ලස්ස, පේරාදෙණිය, කොළඹ, රජරට, සෞන්දර්ය කලා ඇතුළු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු මේ අනුව හෙට (22) ආරම්භ කෙරේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ සිසුන් තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා විශ්වවිද්‍යාල හැදුනුම්පත…

ඉකුත් වසරේ දී රාජ්‍ය ආදායම කෝටි 9300කින් වැඩි වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

වසර 2017ට වඩා වසර 2018 දී රාජ්‍ය ආදායම රුපියල් කෝටි 9300කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව වසර 2018 දී රජයේ මුළු ආදායම ලෙස රුපියල් බිලියන 1932.5ක් ලැබී ඇත. වසර 2017 දී එය වාර්තා වූයේ රුපියල් බිලියන 1839.6ක් ලෙස බවද මහ බැංකුව කියයි. වසර 2017 රජයේ ආදායම් ලැබුණු ප්‍රධාන මාර්ග…

කඩු ආවේ අලුත්ගම , බේරුවල , දිගන සිදුවීම් නිසා ; අපිත් කඩු ගත්ත ජාතියක් – හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක

“ඇයි මේ කඩු ආවේ? ඒ ගැනත් හොයලා බලන්න ඕනැ. 2014 අලුත්ගම සිද්ධියක් තියනවා. බේරුවල සිද්ධියක් තියනවා. අපට දිගන සිද්ධියක් තියෙනව. දැන් අපිට සිද්ධියක් තියෙනවා. නමුත් මම කියන්නේ, ඒකත් එක්තරා හේතුවක් ආත්මආරක්ෂාව කියන එකත්. ඒ වගේම හේතුවක් තමයි තනකොළ කපන එකත්.” යයි හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පුවත්පත් සාකච්චාවකදී ප්‍රකාශ කළේය . ඒ මහතා වැඩිදුරටත්…

අයිඑස් ත්‍රස්තයන්ට විරෝධය පා මුස්ලිම්වරු පාරට බසිති

අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම  කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ. පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි. අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින්…

පොදුජන පෙරමුණේ මන්ත්‍රී හාමුදුරුවෝ රාජ්‍ය වෙසක් උළලේ වේදිකාවට බලෙන් ගොඩවෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරයකු වන බලපිටියේ ධම්මික හිමියන් රාජ්‍ය වෙසක් උළලේ වේදිකාවට අනවසරයෙන් ගොඩ වී දේශනයක් කර ඇත . සිරගතව සිටින ඥානසාර හිමියන් වෙසක් දිනයේ නිදහස් කරන ලෙසත් බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකු නිදහස් කරන ලෙසත් ඉල්ලු උන් වහන්සේ ලිපි ගොනුවක් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට භාර දුන්නේය . ලිපි ගොනුව පෙරලා…

වෙසක් සැමරුම් රැසකට අගමැති රනිල් සහභාගී වෙයි

F දෙදහස් පන්සිය හැටතුන්වැනි ජාතික වෙසක් සමරුමට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය ඇතුළු වෙසක් සැමරුම් රැසකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින සිට සහභාගිවීමට නියමිතය. රාජ්‍ය වෙසක් උත්සවය අද දින (17) ගාල්ල තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයේදී ආරම්භ කෙරෙන අතර එම උත්සවයට සහභාගි වන අගමැතිවරයා අද සවස කොළොන්නාව වෙසක් සැමරුමට හා හෙට (18)…

සහරාන් හෂීම් මියගිහින් බවට සියයට 99ක් විශ්වාසයි

21 වනදා මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල නායකයා  බව කියන ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදු කළ සහරාන් හෂීම් නැමැත්තා මේ වන විට නියත වශයෙන්ම මිය ගොස් ඇතැයි ද එය සියයට 99ක විශ්වාසයක් සහිතව ප්‍රකාශ කරන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. එසේම තවත් නොබෝ දිනකින් සියයට සියයකින්ම ඒ බව තහවුරු කිරීමේ හැකියාව…

බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වර්චුසා ආයතනයේ සේවය කළ ආදිල් අමීස් !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධයැයි සැකකෙරෙන වර්වුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතිකආදිල් අමීස් නමැති තරුණයා ප්‍රහාරයෙන් දින 04කට පසුව  අත්අඩංගුවට ගත් රහස් පොලීසිය විසින් මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඒ අනුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.   ඔහු ආදිල් අමීස් නමැති 24 වියැති පුද්ගලයකු බවත්, ඔහු මෘදුකාංග ඉංජිනේරුවකු වශයෙන් සේවය…

බලය අහිමි වූ කණ්ඩායම් තම බලය අත්පත් කර ගන්න මෙම 21 වනදා සිදු වූ ප්‍රහාරය උපයෝගි කරගනිමින් ඉන්නවා – මහාචාර්ය චන්දන අබේරත්න

21 වනදා ප්‍රහාරයෙන් සති තුනකට පසුව උදාවෙලා තිබෙන තත්ත්වය පිටුපස විවිධ බලවේග ඉන්නවා. ඇතැම් කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලන වාසි ඉටුකර ගන්න 21 වැනිදා සිදුවූ අන්තවාදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය උපයෝගි කරගනිමින් ඉන්නවා. ඒ නිසා ඉස්ලාම් අන්තවාදී ක්‍රියාමෙන්ම එම මතවාද පරාජය කරනවා වගේම ජාතිවාදි දේශපාලන අවස්ථාවාදයන් පරාජයට  පත්කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතු…

රිෂාඩ් ට එරෙහි විශ්වාස භංගය ට අත්සන් 64ක්

අමාත්‍ය රිෂාඩ් බද්ද්‍යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (16) කතානායක කරූ ජයසූරිය මහතාට බාර දුන් බව වාර්තාවේ. එයට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂ  මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.  

බුර්කාව තහනම ගැසට්ටුව නිකුත් කෙරේ

බුර්කාව හෙවත් මුහුණ වැසෙන සේ ඇඳුම ඇඳීම පසුගිය දා හදිසි නීතිය යටතේ තහනම් කරනු ලැබූව ද ඒ පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් නොවීම ගැන සමාජයේ සාකච්ඡාවට බඳුන් විය. ඒ කුතුහලය නිමා කරමින් ඊට අදාල ගැසට් පත්‍රය නිකුත් වී තිබේ. එහි සඳහන් ආකාරයට ‘යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදි ක්‍රියාවක් සාක්ෂාත්…