සහරාන් හෂීම් මියගිහින් බවට සියයට 99ක් විශ්වාසයි

21 වනදා මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල නායකයා  බව කියන ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදු කළ සහරාන් හෂීම් නැමැත්තා මේ වන විට නියත වශයෙන්ම මිය ගොස් ඇතැයි ද එය සියයට 99ක විශ්වාසයක් සහිතව ප්‍රකාශ කරන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
එසේම තවත් නොබෝ දිනකින් සියයට සියයකින්ම ඒ බව තහවුරු කිරීමේ හැකියාව ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

 

සහාරාන් හෂීම් සහ ඔහුගේ දරුවා සම්බන්ධයෙන් සිදු කරනු ලබන ඩී.එන්.ඒ. පරීක්ෂණවල වාර්තා මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින බවත්, එම දත්ත නුදුරේ දීම ලැබීමෙන් පසු සියයට සියයකින්ම මෙම ත්‍රස්තවාදියා මියගිය බව තහවුරුකළ හැකි වනු ඇතැයි මහේෂ් සේනානායක මහතා පැවසීය. මිය ගොස් ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළෙය.

 

මරාගෙන මැරෙන බෝමබ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිද් ජමාඩි සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් එම මරාගෙන මැරෙන ප්‍රහරවලින් මියගියේ ද යන්න ජනතාව අතර ප්‍රශ්නයක්ව පවතින නිසා ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ දී යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැහැදිලි කළේය.

 

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *