නව ව්‍යවස්ථාවට පුරවැසි අදහස් ගන්න මහජන නියෝජිත කමිටුවක් මේ සතියේ

විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ජනාධිපතිවරයා නැවත ප්‍රතිඥා දීමත් සමග ම  ඒ සඳහා ක්‍රියාකිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කොට ඇත . අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම  කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ජයන්ත ඇතුලු පිරිසකි. නව ව්‍යවස්ථාව සඳහා පුරවැසියන්ගෙන් අදහස් ලබාගැනීමට මහජන නියෝජිත…

මම කාටවත් අල්ලස් දුන්නේ නැහැ – මගෙන් ගත්තේ කප්පම් – අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති

තමන් කාටවත් අල්ලස් නොදුන් බවත් , තමන් ගේ ව්‍යාපාරය විනාශ කරන බව කියා කප්පම් ලබාගත් බවත් , ඉල්ලු මුදල ලබා නොදුන් නිසා ව්‍යාපාරය විනාශ කළ බවත් , අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කොට ඇත . ඔහු කියන්නේ කිසිවකුට අල්ලස් දීමට තමන් කිසිදු නීති විරෝධී ව්‍යාපාරයක් සිදුකොට නැති බවයි . තම ව්‍යාපාරය ආණ්ඩු බලය යොදාගෙන…

මහින්ද රාජපක්ෂ සුදු කොඩි ඔසොවයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කොටගෙන වෙනම දේශපාලන ගමනක් යාමට විමල් වීරවංශ , උදය ගම්මන්පිල ,දිනේෂ් ගුණවර්ධන , වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම උත්සාහ දැරුවද මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව සමග සම්මුතියකට ඒමට උත්සාහ දරමින් සිටන බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ඒසදහා ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ අගමැති නිළ කාමරයට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා සමග රහස් සාකච්චාවක්…

තොන්ඩමන් යහපාලනයේ ඇමතිකමක් ඉල්ලයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා ද යහපාලන ආණ්ඩුවේ ඇමැති තනතුරක් ඉල්ලා ඇති බවත් ඒ සදහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවී සාකච්චා පවත්වා ඇති බවත් වාර්තා වෙයි . එසේ වුවද , ඔහුට ඇමැති දුරයක් ලබාදීමට නායකයින් දෙදෙනා තවම එකගවී නැති බවද දැනගන්නට ඇත . තොන්ඩමන් මහතාට ඇමැති දුරයක් දීමට වතුකරයේ ඔහුගේ ප්‍රතිවාදිය වන පලනී දිගම්බරම්…

නීතිපතිට පැනයන්න ඉඩදී තොරතුරු පනත අනුමතයි !

තොරතුරු දැනගැනීමේ පනතට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනද එමගින් තොරතුරු ලබාදීමේ බැදීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කොට ඇති බවත් , එයට සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අප්‍රසාදය ප්‍රකාශ වී ඇති බවත් දැනගන්නට ඇත . තම ආයතනය තොරතුරු ලබාදීමේ වගකීමෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එයට ආණ්ඩුවේ බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත් කියති . සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ…

දහනව වෙනිදාට දහයක් පනිති ! -අයවැයට චන්දය නොදුන් ගණනාවක් ඒ අතර

වත්මන් ආණ්ඩුවේ ප්‍රථම අයවැය ලේඛනයට අවසන් චන්ද විමසීම පවත්වන දහනව වෙනිදාට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහයකට අසන්න පිරිසක් ආණ්ඩුව සමග එක්වන බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . දෙවැනි වර චන්ද විමසීමේදී චන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ අතර වන බව අපගේ ආරංචි මාර්ග කියයි . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබලව පෙනීසිටි…

15 වන දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් – ආණ්ඩුව දණගස්නවා.- රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වෘත්තීය සමිති පෙරමුණ

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ විසින් පවත්වන ලද,  කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී, වෘත්තීය සමිති නායකයන් විසින් දක්වන ලද අදහස්. අපිට සිද්ධවෙලා තියනව, ඓතිහාසික වැඩවර්ජනයක් කරන්න ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය අපි මේ මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්නෙ වැඩ වර්ජන ක‍්‍රියා මාර්ගයක් ප‍්‍රකාශයට පත්කරන්න. ජාතික වෘත්තීය සමිති පෙරමුණ විදිහට, මේ වන විට එකතුවෙමින්…

ගොටා අත් අඩංගුවට ගන්න කතාව බොරුවක් !

අවන්ගාඩ් අවි ගනුදෙනු සම්බන්ධ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකු අද හෙටම  අත් අඩංගුවට ගැනීමට යන බවට වෙබ් අඩවි කිහිපයක පළවූ පුවත සාවද්‍ය බවත්, එම පුවතට පදනම්වූ වාර්තාව මාස ගණනාවකට පෙර ලියුවක් බවත් අපගේ ආරංචි මාර්ග කියයි . අදාළ පුවතෙහි සදහන් වුයේ අවන්ගාඩ් සමාගමට අයිති “මහනුවර” නැවේ තිබූ අවි සම්බන්ධයෙන්…

හිටපු ඇමැති ජොන්ස්ටන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවෙයි !

පසුගිය රජයේ හිටපු වෙලෙද  ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හෙරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පසුගියදා පැවරු නඩුවල ප්‍රතිපලය මත ඒ මහතාට සිය මන්ත්‍රී ධුරයද අහිමිවීමට ඉඩ ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . ඒ මහතාට දැනට පවරා ඇති නඩු පහට අමතරව තවත් චෝදනා කිහිපයක් යටතේ පරීක්ෂණ පැවැත්වෙන බවද වාර්තා වෙයි . දැන් නඩු පවරා…

විපක්ෂයේ විරෝධයෙන් මෝටර් රථ බදු ඉවතට !

මෙවර අයවැය ලේඛනයේ විපක්ෂයේ විවේචනයට ලක්වූ වාහන දුම් සහතික බද්ද , විදුලි මෝටර් රථ බද්ද ,ඇතුළු බදු ගණනාවක් සංශෝදනය කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . අයවැය කාරක සභා අවස්ථාවේදී මෙම සංශෝදන ඉදිරිපත් කිරීමට නියමිතය . මේ අතර රජයේ සේවකයින්ට දුන් බදු සහන වාහන බලපත් අහෝසි කීරීම පිළිබදවද විරෝධතා ඇති…

කොප් කමිටුවේ නව සභාපති සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාව අද දින (26) පත්කරගන්නා ලදී. අද දින රැුස්වූ කෝප් කමිටුවේදී රාවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් කෝප් කමිටුවේ නව භාපතිවරයා වශයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සුදුසු යැයි කරන ලද වාර්තාව ස්ථිර කරන ලද්දේ අමාත්‍ය අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසිනි. පක්‍ෂ විපක්‍ෂ බොහා් දෙනෙක් සුනිල් හඳුන්නෙත්ති…

අඩුම බදු අයකිරීමෙන් ලංකාව ලෝක වාර්තා අතරට – “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” අධ්‍යයනයකින් කියයි

2016 අයවැය මගින් නියම කොට ඇති සියයට පහලවේ සාමාන්‍ය  බදු අනුපාතය ලෝකයේ අඩුම බදු අනුපාත අතරින් එකක් බව “අර්නස්ට් ඇන්ඩ් යන්ග් ” ආයතනයේ අධ්‍යයනයකින් හෙළිදරවු කොට ඇත . එම අධ්‍යනය අනුව ශ්‍රී ලංකාව සමග සැම තත්වයේ හෝ අඩු මට්ටමේ ඇත්තේ ජර්මනිය හා අයර්ලන්තය පමණකි .ජර්මනියේ අදායම් බදුඅනුපාතය සියයට 15කි. එනම් ශ්‍රී ලකාවට සමානය . අයර්ලන්තයේ…