15 වන දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් – ආණ්ඩුව දණගස්නවා.- රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වෘත්තීය සමිති පෙරමුණ

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ විසින් පවත්වන ලද,  කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී, වෘත්තීය සමිති නායකයන් විසින් දක්වන ලද අදහස්.

අපිට සිද්ධවෙලා තියනව, ඓතිහාසික වැඩවර්ජනයක් කරන්න
ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය

අපි මේ මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්නෙ වැඩ වර්ජන ක‍්‍රියා මාර්ගයක් ප‍්‍රකාශයට පත්කරන්න. ජාතික වෘත්තීය සමිති පෙරමුණ විදිහට, මේ වන විට එකතුවෙමින් තියන සියළුම වෘත්තීය සමිති හා සම්මේලන මෙයට සහභාගි වෙනව. අපි දෙසැම්බර් 15 වෙනිදා දිවයින පුරා ඒකාබද්ධ සංඛේත වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත්කරන්න තීරණය කරල තියනව. ඒ වැඩ වර්ජනයට පෙර අද සිට ක්‍ෂේත‍්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි විරෝධතා ක‍්‍රියාමාර්ග ආරම්භ කරන්න කටයුතු යොදල තියනව. ඒ වගේම වැඩ බිම්වල අපේ ශාඛා සමිති මට්ටමින් දැනුවම්වත් කිරීමේ පත‍්‍රිකා ව්‍යාපාර හා පෝස්ටර් ව්‍යාපාර ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරල තියනව.

මේ තීරණය ගැනීමට හේතු වුනේ, ආණ්ඩුව මේ රටේ රාජ්‍ය අංශයට, අර්ධ රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයටත් ඇතිකර තිබෙන කප්පාදු කිරීම් හා අයිතිවාසිකම් අහිමි කිරීම නිසා. ඉතා පැහැදිලිවම කියනව නම් රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප වර්තමාන රජයේ අයවැය යෝජනාව හරහා අහිමි කරල තියනව. ඒ වගේම ආණ්ඩුව පොරොන්දු වුන රුපියල් 10.000/- දීමමනා වැඩිවීම, වැටුප් වැඩිකිරීමක් බවට පරිවර්තනය කරල දෙන එක මේ අයවැය හරහා අවලංගු කරල තියනව. විශ‍්‍රාමිකයන්ට අග‍්‍රහාර රක්‍ෂණයේ ප‍්‍රතිලාභ වැඩි කර දෙන්න කියල ඉල්ලීම් කළත්, ඒ සම්බන්ධව කිසිම තීරණයක් අරගෙන නෑ. ඒ වෙනුවට ආණ්ඩුව සේවයකයන්ගේ ස්ථිර කිරීමේ කාලසීමාව දින 180 දින 365 දක්වා වැඩිකර තියනව. ඒක අවලංගු කළයුතුයි. ඒ වගේම ආණ්ඩුව තීරණය කර තියනව පැය 8 වැඩ දිනය පැය 9 වැඩ දිනයක් බවට පත් කිරීමට. එය ආණ්ඩුවෙ ඓතිහාසික තීන්දුවක්. මේව නතර කළ යුතු දේවල් විදිහට අපි දකිනව. ඒක නිසා අපිටත් සිද්ධවෙලා තියනව ඓතිහාසික වැඩවර්ජනයක් කරන්න.         ආණ්ඩුව බැංකු ක්‍ෂේත‍්‍රය දුර්වල කරන්න යෝජනා අය වැයට ඉදිරිපත් කරල තියනව. ඒ වගේම පෞද්ගලික බස්රථ ක්‍ෂේත‍්‍රය, පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය දුර්වල කරන මට්ටමේ යෝජනා රාශියක් ගෙනල්ල තියනව. මේව අකුලගන්න කියන බලකිරීම තමයි අපි ආණ්ඩුවට කරන්නෙ. තව කල් තියනව. අපි වහාම වැඩවර්ජනයක් කැඳෙව්වෙ නැහැ. කල් දීල තියනව ආණ්ඩුවට අපිත් එක්ක සාකච්ඡුා කරන්න.

විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම රජයේ සේවකයන්ට වරප‍්‍රසාදයක් ලෙස ලැබෙන්නෙ, 1940 සිටයි. 2015 දක්වා යම් යම් බාධාවන් මැද්දෙ විශ‍්‍රාම වැටුප ක‍්‍රියාත්මක වුණා. 2002 දිත් රනිල් වික‍්‍රමසිංහ මහත්තය ‘දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්’ ගෙනල්ල විශ‍්‍රාම වැටුප අහිමි කෙරුව. නමුත් ඒ අහිමිකිරීම දිගටම තියාගෙන යන්න හැකියාවක් ලැබුනෙ නැහැ. ඔහුගේ යෝජනාව පරාජය වුණා. පරාජය කරන්න අපිට හැකියාවක් ලැබුණ. දැන් ආපසු ගෙනල්ල තියනව ‘දායක විශ‍්‍රාම වැටුප්’ ක‍්‍රමයක්. ද‘ායක විශ‍්‍රාම වැටුප්’ කියල එකක් නැහැ. ඒක පට්ටපල් බොරුවක්. මේකෙන් කරන්නෙ විශ‍්‍රාම වැටුප අහෝසි කරල, සේවක අර්ථසාධක අරමුදලෙ සාමාජිකයො බවට රජයේ සේවකයො පත් කිරීම. ඒක නිසා, හරියට ඇත්ත කියන්න කියල, අපි ආණ්ඩුවෙන් ඉල්ලනව. මේ විශ‍්‍රාම වැටුප් යෝජනාව ගේන්නෙ 2016 ජනවාරි මාසේ පළවෙනිදයින් පස්සෙ රාජ්‍ය සේවාවට එන අයට අහිමි කරනව කියන කාරණය ඇතුළෙ. ආණ්ඩුවෙ පළවෙනි පියවර ඒක. දෙවන පියවර දැනට විශ‍්‍රාම වැටුම් ලබන අයගෙත් විශ‍්‍රාම වැටුප අහෝසි කරන එක. ඒක අපි දන්නව.

පෙරහැරේ කස කාරය එනකොට ඊළ`ගට අනිත් අය එන බව අපි දන්නව. ඒ නිසා මේකට ඉඩ දීමේ කිසිදු හැකියාවක් නැහැ. මේ විශ‍්‍රාම වැටුපත් එක්ක වැන්දඹු හා අනත්දරු විශ‍්‍රාම වැටුප් හිමිකමක් තියනව. රජයේ සේවකයන්ගේ බිරින්ඳෑවරුන් ට හා දරුවන් ට විශ‍්‍රාම වැටුප් හිමිකමක් තියනව. රජයේ සේවකය මියගියහොත්, බිරිඳට ගෙවනව. බිරිඳත් නැත්නම් දරුවන්ට ගෙවනව. අවුරුදු 18 වැඩි පිරිමි දරුවන්ට ගෙවනව. වයස නොසලකා ගැහැනු දරුවන්ට ගෙවනව. මේ විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමත් එක්ක වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුම් ක‍්‍රමය අහෝසි වෙනව. 2002 දිත් අහෝසි වුණා. එහෙම වුණොත් දරුවන්ට රැුකවරණයක් නැහැ. බිරින්ඳන්ට රැුකවරණයක් නැහැ. රජයේ සේවකයට රැුකවරණයක් නැහැ. ඒක තමයි දැන් කරල තියෙන්නෙ. රජයේ සේවකයො මේ විශ‍්‍රාම වැටුපෙන් තමයි ජීවිතාවරණය කරගත්තෙ. ඔවුන් ගෙවල් හැදුවෙ, දරුවො දීග දුනනෙ. තමන් යැපුනෙ මේ විශ‍්‍රාම වැටුපෙන්. ඒ රැුකවරණය තමයි ආණ්ඩව දැන් ඉවත් කරගත්තෙ. රජයේ සේවකයො බිමට ඇදල දාන්න තමයි මේ කටයුතු කරල තියෙන්නෙ. ඒක බරපතල වැරැුද්දක් බව ඉතාමත්ම පැහැදිලියි. මේ යෝජනාව ආණ්ඩුව විසින් අකුලාගත යුතුයි. අකුල නොගත්තොත් අකුලගන්න තුරු වැඩවර්ජනයකට මුහුණ දෙන්න ලෑස්තිවෙන් කියන එක තමයි අපි කියන්නෙ.

ආණ්ඩුව රුපියල් 10.000/-ක වැටුප් වැඩිවීමක් පොරොන්දු වුණා. ජනවාරි 8 වෙනිදා වැටුප් වැඩිවීමක් දෙන බවට පොරොන්දු වෙලා, මහ මැතිවරණයට පෙර දීමනා වැඩිවීමක් විදිහට දුන්නා. ඒක හොඳයි. නමුත්, වැටුප් වැඩිවීමක් කෙරුවෙ නෑ. මහ මැතිවරණයට පෙර අගෝස්තු මාසෙ මුල් සතියෙදි අගමැතිවරයා වේදිකාවෙ පොරොන්දු වුණා වැටුප් වැඩිවීමක් විදිහට දෙනව කියල. ඒක සැප්තැම්බර් මාසෙ ක‍්‍රියාත්මක කරනව කියල කිව්ව. දැන් දෙසැම්බර් මාසෙ. සැප්තැම්බර් මාසෙ ලැබුණෙත් නෑ. අයවැයෙන් ලැබුණෙත් නෑ. මේ ආණ්ඩුව දීපු පොරොන්දු කඩකරපු ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙමින් තියනව. ඒකට ඉඩදීමේ හැකියාවක් අපට නැහැ. 2010 ජනවාරි මාසෙ ගත්ත වැටුපට තමයි රජයේ සේවකයො අද විශ‍්‍රාම  යන්නෙත්. එදා විශ‍්‍රාම ගියත්, අද විශ‍්‍රාම ගියත් එකයි. ඒ විශ‍්‍රාම වැටුප අරගෙන ජීවත් වෙන්න පුළුවන්ද? එදා ඉඳල අද දක්වා ජීවන වියදම කොච්චර වැඩිවෙලා තියනවද? භාණ්ඩ මිල කොච්චර වැඩිවෙලා තියනවද? සේවා ගාස්තු කොච්චර වැඩිවෙලා තියනවද? ඒකට සරිලන විශ‍්‍රාමයක් දෙන්නෙ නැත්නම් මොකටද ආණ්ඩු.

ඒක නිසා ආණ්ඩුවට අපි කියනව, විශ‍්‍රාම වැටුපට අත තියන්න එපා. 10.000/- දීමනාව අනිවාර්යෙන්ම වැටුපට එකතුකළ යුතුයි. 2006 ජනවාරි මාසෙ 1 වෙනිදායින් පස්සෙ වැටප් වැඩිවිමක් මේ ආණ්ඩුව දීල නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ආණ්ඩුව දුනනෙත් නෑ. මේ ආණ්ඩුව දැන් මේ මාස 11 ට දුනනෙත් නෑ. පොරොන්දු කඩකළා. ඊළ`ගට මම කලින් කිව්ව අග‍්‍රහාර රක්‍ෂණය අවසන් වෙනව අවුරුදු 60 න්. ලෝකෙ එකම එක රක්‍ෂණය තමයි 60 න් අවසාන වෙන. රක්‍ෂණ ඔප්පුවක් නැහැ. මාසෙට රු.125/-ක් කපනව. මිලියන 1750 කට වැඩි මුදල් අයකර ගන්නව රජයේ සේවකයන් ලක්‍ෂ 14 කින්. මේ මුදල්වලට මොනවද කරන්නෙ? සහන දෙන්නෙ නැහැ. ඉතා අඩු සහන ප‍්‍රමාණයක් දෙන්නෙ. ඒ මුදල් වලින් ආණ්ඩුවෙ වියදම් කළමණාකරනය කරගන්න එක ආණ්ඩුව කරන්න හදන්නෙ. ඒක නිසා ‘වයස 60 න් පස්සෙත්, ජීවිතාන්තය දක්වා මැරෙනතුරු ඒ රක්‍ෂණය ක‍්‍රියාත්මක කළ යුතුයි’ කියන එකයි අපේ ඉල්ලීම. ස්ථිර කිරීමේ දින 180, දින 380 කරල තියනව. ඒක නැවත අකුලගෙන දින 180 තබාගත යුතුයි. රාජ්‍ය බැංකු දුර්වල කරන්න යෝජනා ගෙනල්ල තියනව. බැංකුවල ආදායම විවිධාකාරයෙන් ලැබෙන්නෙ. ලීසින් කරන රාජ්‍ය බැංකු තියනව. වාර්ෂික පොලිය 12% යි. රවී කරුණායකගෙ අයවැයෙන් කියල තියනව 5% දක්වා ඒක අඩුකරන්න කියල. ආදායම 7% කින් අඩුකරන්න කියල. මේක අඩු කරල කාටද දෙන්න යන්නෙ? ලීසින් කොම්පැනි වලට. ඒ ගොල්ලන්ට මේක දීල, ඒගොල්ලන්ගෙ සාක්කුව පිරුණම, කාටද මුදල් ලැබෙන්නෙ කියන එක අපි ආණ්ඩුවෙන් අහනව.  ඒ 7% මුදල රාජ්‍ය බාණ්ඩාගාරයට ලැබුණ නම් ගැටළුවක් නැහැ. ඒක ලැබෙන්නෙ කාටද?

බැංකුවල උගස් සේවාව ආණ්ඩුව නැති කරල දාල තියනව. ඒක කරන එක නීතියෙන් තහනම් කරල තියෙන්නෙ. රත්තරන් භාණ්ඩයක් උගස් කරන්න මුලින්ම යන්නෙ රාජ්‍ය බැංකුවකට. ඒ ගොල්ල සහන දෙනව. වහාම වෙන්දෙසි කරන්නෙ නැහැ. එළියෙ ඉන්න මුදලාලි කෙනෙකුට මේක දුන්නම නියමිත මුදල ලැබෙන්නෙත් නෑ. සහනත් නෑ. මේ ගොල්ල පොහොසත් කරන්නෙ කාවද? තමන්ගෙ හිතවත්තු පොහොසත් කරන්න මේ හදන්නෙ. අපි දන්නව කවුද හිතවත්තු කියල. කරුණාකරල අපි ආණ්ඩුවට කියනව මේ යෝජනාව හකුලාගත යුතුයි.

ආණ්ඩුව විශ‍්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව අකුලගන්නෙ නැත්නම්, රුපියල් 10.000/- වැටුප් වැඩිවීමක් විදිහට ලබා දෙන්නෙ නැත්නම්, මේ කප්පාදු කරපු සහන නැවත දෙන්නෙ නැත්නම්, අග‍්‍රහාර රක්‍ෂණය ක‍්‍රියාත්මක කරන්නෙ නැත්නම් අපි අද ඉඳන් විරෝධතා ක‍්‍රියාමාර්ගයක නිරත වෙනව. ලබන 15 වෙනිදා අනිවාර්යෙන්ම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරනව. උත්තරයක් ලැබුණෙ නැතිවුණොත්, බජට් එක දවස් වෙනකොටත් මේ රටේ සෞඛ්‍ය සේවකයො, දුම්රිය සේවකයො, තැපැල් සේවකයො, පෞද්ගලික බස්රථ, වැඩකරන්නෙ නෑ.

සියලූම දුම්රිය ධාවනය ඇනහිටින තත්ත්වයක් 

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවෙ කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු.

මේ අය වැයේදී, සමස්ථ රාජ්‍ය සේවයට මෙන්ම, පෞද්ගලික අංශයට පහර වදින අයුරින් ගෙනයන වැඩපිලිලෙට දුම්රිය දෙපාර්තමේන්තුවෙ සියලූ සේවකයන් අද දින රැුස්වෙලා තීන්දුවක් ගත්තා සමස්ථ වැඩවර්ජනය සාර්ථක කරගැනීම පිණිස අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න. මේ සියලූම ක‍්‍රියාකාරකම් වලදි අපේ උපරිම දායකත්වය ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනව.

අපි විශේෂයෙන්ම දකිනව, වරප‍්‍රසාද නැතිකිරීම බරපතල තත්ත්වයක් ලෙස. බඩු මිල පොඞ්ඩක් වැඩිවෙනවට වැඩිය දේවල් වෙනව. දෙන්න පොරොන්දුවෙච්ච දේවල් දෙන්නෙ නෑ. ඒ වෙනුවට අවුරුදු අසූගාණක් තිබුණ බැංකුක්‍ෂේත‍්‍රය කඩාවැටෙන සලස්වල තියනව. රජයේ සේවයන්ට විශ‍්‍රාම වැටුප අහිමි කිරීම, ඇතුළු ප‍්‍රධාන කරුණු රැුසක් තියනව. අපි අද දිනයේ රැුස්වෙලා, සියලූම වෘත්තීය සමිති තීරණය කළේ, මේ වැඩවර්ජනයට උපරිම සහයෝගය දෙන්න. අපි බලාපොරොත්තු වෙනව, අපි උත්සහ කරනව ඉල්ලීම් දිනාගන්න. අපිට දේශපාලන පක්‍ෂ භේදයක් නැහැ. කොයි ආණ්ඩුව බලයේ හිටියත් අපිට අයිතිවාසිකම් දිනාගන්න තමයි ඒකරාශි වෙන්න වෙලා තියෙන්නෙ. සමන් සහෝදරයට ස්තූතිවන්ත වෙනව ආණ්ඩුව පත්කළා වගේම, වැරදි තැන් දැක්කම ඒවට විරුද්ධව සටන් කරන්න අපි සියලූ දෙනාම ඒකරාශි කරගෙන කරන කර්තව්‍යයට. අපි හැමතිසේසෙම පෙනී හිටියෙ වැඩකරන පන්තිය වෙනුවෙන්. ආණ්ඩුව වෙනුවෙන් නෙමයි. ඒ නිසා අය වැය මගින් දාල තියෙන සියලූම වැරදි ක‍්‍රියාවල් වලට විරුද්ධව අපි සියලූදෙනාම 15 වෙනිදා ඒකරාශි වෙමින් වර්ජනය කරනව. අපි සියලූම දුම්රියන් අඩපණ වෙන විදිහට ක‍්‍රියාත්මක වෙනව.  අපි දුම්රිය ධාවනයට ඍජුව සම්බන්ධවෙන සියලූම දෙනාම සම්බන්ධ වෙලා ඉන්නව. ඒ නිසා සියලූම දුම්රිය ධාවනය ඇනහිටින තත්ත්වයක් තමයි මේ 15 වෙනිදට වෙන්නෙ. අපි ඉල්ලා සිටිනව මේ 15 වෙනිදට අපි කරන වැඩ වර්ජනයෙදි යම්කිසි සාර්ථක පිළිතුරක් ලබා නොදුන්නොත්, සියලූම දෙනාම ඒකරාශි වෙමින්, අඛණ්ඩ වැඩවර්ඩනයකින්  ජයග‍්‍රහණය කරා ඉදිරියටම යායුතුයි කියා දැඩිලෙස ප‍්‍රකාශ කර සිටිනව.

රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – ගැමුණු විජේරත්න. -පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය.

ලංකා ඉතිහාසයේ දැවැන්ත වැඩවර්ජනයට යන්න සිද්ධ වෙලා තියෙනව. මෙවැනි වැඩවර්ජනයක් ලංකා ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නෑ. පහුගිය ආණ්ඩුව කරපු දේවල්වලට අපි දැවැන්ත අරගල කෙරුව. ඒ වගේම අපි එදා මැතිවරණ වේදිකාවෙදි මෙන්ම මාධ්‍යවලටත් කිව්ව හැමදාම අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඒකරාශිවෙලා ඉන්නව කියල. ‘අපි ආණ්ඩුව හැදුවට අපි ආණ්ඩුවට කඬේ යන්නෙ නෑ’ කියලත් කිව්ව. අපි අපේ වෘත්තීය අයිතීන් දීනාගන්න කටයුතු කරන්න  ඕනැ. අපි පැහැදිලිවම කියනව, 2016 රවී කරුණානායක විසින් නිර්මාණය කළ මේ අය වැය අපි ලංකා පෞද්ගලික බස් හිමියන්ගෙ සංගමය විදිහට දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කරනව. ඒ වගේම, පෞද්ගලික බස් කර්මාන්තය පාර්ශවයෙන්, කිසිම සහනයක් ලබාදෙන්න රවී කරුණානායක ඇමැතිතුමා කටයුතු කරල නැහැ. මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යවරයාට මීට පෙර, මේ අය වැය සැකසීමේදී, අපිත් එක්ක සාකච්ඡුා කරන්න කියල ලිඛිත දැනුම්දීම් දෙකක් කෙරුව. එහෙත් ඒක ගණන් ගත්තෙ නැහැ. ඊට පසුවත් දැන් මේ අයවැය ප‍්‍රකාශ කෙරුවට පස්සෙත්, ඉල්ලීමක් කෙරුව මේ ගැටළු වහාම නිරාකරණය කරගත යුතුයි කියල. ඒකට දුරකථනයෙන් දෙවතාවක් කතා කෙරුව. ඒ වෙලාවෙදි කිව්ව මේ කරපු යෝජනාවල් ඉවත් කරගන්න මා සූදානම් නෑ කියල. ඉතින් අපි දකිනව මේ ආණ්ඩුව මොන දිසාවටද යන්නෙ කියල. ඒ වගේම පෞද්ගලික බස් කර්මාන්තය මොන තත්ත්වයකටද මොහු ගෙනියන්නෙ කියල අපිට ලොකු ගැටළුවක් තියනව.

අපි සියළුදෙනාම මුහුණපාන ප‍්‍රධාන ගැටලූවක් තියනව. මේ මාර්ග තදබදය. මාර්ග තදබදය ඇති වෙන්න ප‍්‍රධාන හේතුව තමයි, දින 100 ආණ්ඩුව කාලෙ රවී කරුණානායක මහතා මුදල් ඇමති වෙලා ඉන්න අවස්ථාවෙ, ඔහු පුළුවන්තරම් වාහන ආනයන කරන්න බදු සහන ලබා දුන්නා. අද කාර්, ත‍්‍රී වීල්, මෝටර් සයිකල් පිරිල. අද ලංකාවෙ ලක්‍ෂ 45 ක් ධාවනය වෙන වාහන තියනව. මෝටර් සයිකල් 24,84,000 ක් තියනව. ත‍්‍රී වීල් 8.64.000 ක් තියනව. බස් තියෙන්නෙ 20.000 යි. නමුත් බස්වල යන්නෙ මගීන්. දෛනිකව ධාවනය වන අපේ බස්රථවල (මිලියන 7 ක්.* ලක්‍ෂ 70 ක ජනගහනයක් ගමන් කරනව. මේ බස් කාර්මාන්තයට තඹදොයිතුවක උදව්වක් කරන්න කටයුතු කරල නැහැ. මම අග‍්‍රමාත්‍යතුමාටත් දැනුම් දුන්න ඒත් තඹ දොයිතුවකටවත ගණන් ගත්තෙ නැහැ.

අපි තීන්දුවක් ගත්ත. අපි 15 වෙනිදා ලංකාව පුරාම දැවැන්ත වැඩවර්ජනයක් කරනව. එදාට කාටවත් රස්සාවල් වලට එන්න හැකියාවක් වෙන්නෙ නැහැ. දුම්රියත් නෑ. පුද්ගලික බසුත් නෑ. මම ලංගම වෘත්තීය සමිතිය සමගත් සාකච්ඡුා කෙරුව. ඔවුන්ගේ සහයෝගයත් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනව. අපි හිතනව සහයෝගය ලැබෙයි කියල. මේක පොදු සටනක්.

මේ ඔක්කොම කරන්නෙ, දුම් ගාස්තුව වැඩිකරල තියනව. දුම ගාස්තුව 1040 යට තියෙද්දි 10% යි ආණ්ඩුවට තිබුණෙ. අනිත් නමසිය ගණන ගියේ පුද්ගලික අංශයට. පන්දහස් ගණනක් වැඩි කරල, ඒ මුදල් කොයි පැත්තටද යන්නෙ? පුද්ගලික අංශයට යන්නෙ. කෝ ක‍්‍රමවේදයක් හදල තියනවද? ආණ්ඩුවට යන්න. තියෙන වාහන ප‍්‍රශ්න බේරගන්නෙ නම් එන වාහන නවත්තගන්නයි තියෙන්නෙ. තියන වාහනවලට පිළියමක් යොදන්න  ඕනැ. වාහන ගෙන්නන්න දීල බෙල්ල මිරිකන එක සාධාරණ නැ.

ආධායම් බලපත‍්‍ර ගාස්තු වැඩිකරල තියනව. ඒක පළාත් සභාවෙන් කෙරෙන්න යෝජනා කරල තියෙනව. යෝග්‍යතා සහතික ගාස්තුව වැඩි කරල තියෙනව. ඒකත් පෞද්ගලික අංශයෙන් කෙරෙන්නෙ. තක්සේරු ගාස්තු වැඩිකරල තියෙනව. ලීසින් එකක් දාන්න ගියම වාහනය තක්සේරු කරන්න  ඕනැ.  තක්සේරු (වැලිවේෂන්* ගාස්තුව 2500/- සිට 25.000/- දක්වා වැඩිකරල තියෙනව. අපි පැහැදිලිව කියනව ‘රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි’ කියල. අසාර්ථක මුදල් ඇමති වහාම ඇමති දූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපේ සටන ඒකයි. දෙසැම්බර් 14 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට සියලූම බස්රථ ධාවනයෙන් ඉවත් වෙනව. මේක ඓතිහාසික සටනක් වෙනව. ආණ්ඩුවට දණගහන්න සිද්ධ වෙනව. මාස තුනක් යන්නත් පෙර අප‍්‍රසාදයට පත්වෙච්ච ආණ්ඩුවක් බවට ඉතිහාස ගතවෙනව.

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර,  දුම්රිය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිතියේ ලේකම් සම්පත් රාජිත,  ලංකා ගුරු සංගමයේ ලේකම්, ගුරු විදුහල්පති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින්, රජයේ වෘත්තීය මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එම්.ජී.ආර්. අතුල, කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවේ සේවක සංගමයේ ලේකම්, එස්.පී. සරත් රෝහණ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අදහස් දැක්වූ අතර වෘත්තීය සමිති රැුසක නියෝජිතයන් රැුසක් මෙම අවස්ථාව නියෝජනය කළහ.

මනෝජ රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *