දහනව වෙනිදාට දහයක් පනිති ! -අයවැයට චන්දය නොදුන් ගණනාවක් ඒ අතර

වත්මන් ආණ්ඩුවේ ප්‍රථම අයවැය ලේඛනයට අවසන් චන්ද විමසීම පවත්වන දහනව වෙනිදාට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහයකට අසන්න පිරිසක් ආණ්ඩුව සමග එක්වන බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . දෙවැනි වර චන්ද විමසීමේදී චන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ අතර වන බව අපගේ ආරංචි මාර්ග කියයි . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබලව පෙනීසිටි මන්ත්‍රීවරුන්ද ඒඅතර වන බව කියති .

මෙලෙස පනින්නට සුදානම් පිරිස අතර මන්ත්‍රීවරියන් දෙදෙනකු ද ස්ථිර වශයෙන්ම  සිටින බව දැන ගන්නට ඇත .මීට පෙර කළ දේශපාලන පති මාරු නිසා ආන්දෝලනාත්මක චරිත බවට පත්වූ උදවියද මෙවර යළිත් පති මාරුවකට ඉදිරිපත්ව සිටින බව කියති . මේ සියලු දෙනාම පති මාරුව සම්බන්දයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග අදහශුවමරු කරගෙන ඇත.

මේ අතර රජයට එක්වීමට ඉදිරිපත් වී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් භාර නොගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිවෙතක සිටින බවද දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *