මංගල නැති තැනට බුද්ධික පත්කරයි

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මහ මැතිවරණ තරඟ බිමෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකත්වය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත්කොට ඇත. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට ඇත.

නාවික හමුදා කොවිඩ් පොකුර තවමත් ; අදත් හතක් එකතුවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් ආසාදිත පොකුර මතු වී මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් සම්පුර්ණයෙන් පාලනය කර ගැනීමට නොහැකි වීම සෞඛ්‍ය බලධාරීන් ගේ ද කනස්සල්ලට හේතු වී ඇති බව වාර්තා වෙයි. අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් හත් දෙනකු වාර්තා වීඇති අතර හත්දෙනාම වාර්තා වී ඇත්තේ නාවික හමුදා පොකුරෙනි. මෙම…

තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය සොයයි

මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට…

ජනාධිපති සහ වටේ සිටින කල්ලිය ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා කර ගනිමින් සිටිනවා – අචාර්ය දයාන් ජයතිලක

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ ඔහු වට සිටින කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා කර ගනිමින් සිටින බව ප්‍රකට රාජ්‍යතාන්ත්‍රික නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කළේ ය. මේ මොහොතේ එය බොහෝ දෙනාට නොපෙනුන ද තමන්ට එය පෙනෙන බව ජයතිලක මහතා වැඩි දුරටත් පැවසීය. මෙවර මහ මැතිවරණයට සජිත් පිලේ සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයින්ට…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1869 ට නගී

මෙරට දී හමු වූ කොවිඩ් 19 රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 දකවා ඉහල ගොස් ඇත. ඊයේ අලුතින් හමු වූ ආසාදිත සංඛ්‍යාව 11 කි .

මනාප අංක ගැසට්ටුවේ කප්පරක් වැරදි !

මහා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සදහන් කරමින් ඊයේ නිකුත්කළ ගැසට් නිවේදනයේ වැරදි විශාල සංඛ්‍යාවක් ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති. එහි බොහෝ නම් වැරදියට සඳහන් කොට ඇතැයි කියති.

මංගල ඉවත්කළේ රනිල්ගේ මෙහෙයුමකින් – වජිර අබේවර්ධන

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ එම දේශපාලන ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි…

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

මෙම මස 15 දින සිට උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.   කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.    ඒ අනුව සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන ලබන 15 වනදා සිට…

‘පක්ෂයෙන් ගිය අයට ආපසු එන්න දොර ඇරලා තියෙනවා’ – අකිල විරාජ් කාරියවසම්

  එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය පිරිස හදපු බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) පොල්ගහවෙලදී පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය .   එම බලවේගයට එක්වූ පිරිස් මේවනවිට ඉන් ඉවත්…

මහ මැතිවරණය අගෝස්තු 5 දා

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 5 දා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව ඒකමතිකව තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහිස්ද දේශප්‍රිය මහතා කොමිසම වෙනුවෙන් අද නිවේදනය කළේ ය. එයට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අත්සන් කොට රජයේ මුද්‍රනලයල යැවූ බව ද මැ කො සභාපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේ ය.

හිටපු ඇමති රාජිතට ඇප : දින නියමයක් නැතිව රිමාන්ඩ් කරන්න බෑ – මහේස්ත්‍රාත් කියයි

සුදු වැන් මිනීමැරීම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළයි අත් අඩංගුවට ගෙන මෙතෙක් රිමාන්ඩ් භාරයේ තබා ගෙන සිටි හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය . රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්  මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට නියම කෙරිණි . රාජිත…

කුමාර් ගුණරත්නම් ,දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 53 ක් අත් අඩංගුවට

උසාවි නියෝග කඩ කරමින් කොළඹ කොල්ලුපිටියේ දී උද්ඝෝෂණයක යෙදුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්  වන කුමාර් ගුණරත්නම් ,දුමින්ද නාගමුව ඇතුළු 53 ක් අත් අඩංගුවට  ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිර්පිට මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ඇමෙරිකානු පොලිස් නිලධාරියකු විසින් කළු ජාතිකයකු ඝාතනය කිරීමේ සිදුවීමට එරෙහිව ය. එම උද්ඝෝෂණය පැවැත්වීමට එරෙහිව පොලිසිය ඊයේ තහනම්…