තවත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 555 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් රජය ඊයේ දිනයේ නිවේදනය කොට තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,611 ක් වශයෙනි. ඊයේ දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 555 කි. මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 536,086 ක් වශයෙනි.

ගුරුවරුන්ට කපන්න ගිය කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැපේ

වර්ජනය කරන ගුරුවරුන්ගේ වැටුප් කපන බවටත්, පාසල්වලට අතුලුවෙන්නවත් නොදෙන බවටත්, පසුගියදා තර්ගනය කළ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, වයඹ ආණ්ඩුකාර රජා කොල්ලුරේ මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපති ධුරයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කළේ ය. පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත්කොට…

ජනාධිපතිතුමා සකල අමාරුවේ දැමු පාදෙණිය තව පචයක් කෙළියි !

මෙරට කෘෂිකර්මය වහා ම කාබනික කරන්නට ජනාධිපතිතුමාට උපදෙස් දෙමින් එතුමා සකල අමාරුවේ දැමීමට විශාල බලපෑමක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ රැස්වීමේ දී තවත් ගල් පැලෙන බොරුවක් කියා ඇති බව වාර්තා වෙයි. මෙවර ඒ මහතා කියා ඇත්තේ හයිටි රජ්ජයේ ජනතාවගේ උපතේ දී ආයු අපේක්ෂාව අඩු කිරීම…

අද කොවිඩ් මරණ 19 යි ; නව ආසාදිතයින් 553 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 කි. මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 13,593 ක් වශයෙනි. අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 553 දෙනෙකු හඳුනාගත් බව රජය වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ…

ආණ්ඩු මාරු වුණාට ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් ඕනෑ – එජාප නායක රනිල්

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් වන ක්‍රමයකින් මේ රට සංවර්ධනය කළ නොහැකි බවත්, ඒ සඳහා වසර 20 ක් වත් එක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේ ය. එබඳු දිගුකාලීන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වා දීම අවශ්‍ය බව ද ඒ…

අද කොවිඩ් මරණ 12 යි ; නව ආසාදිතයින් 552 යි

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 12කි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 13,574 ක් වශයෙනි. අද අලුතින් හඳුනාගත් බව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 552 ක් වශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 534,975 ක්…

අද කොවිඩ් මරණ 19 ක් , නව ආසාදිතයින් 554 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 554 ක් ලෙස වාර්තා වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ…

අහිංසකයින්ගේ ලේ මතින් බලයට ආවා නම් ඒ බලය භුක්ති විඳින්නට ලැබෙන්නේ නැහැ – අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ

අහිංසකයින්ගේ ලේ මතින් බලයට එන්න කිසිවෙකු කටයුතු කොට ඇත්නම්, ඔවුන්ට කිසි දිනෙක එම බලය භුක්ති විඳින්නට නොලැබෙන බවත්, ඔවුන් දෙවියන්ගේ උදහසට ලක්වන බවත්, අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ අද ප්‍රකාශ කළහ. පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගතවීම නිමිත්තෙන් අද පැවති දේව මෙහෙයකට සහභාගී වෙමින් උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රශ්න කළේ තමන් නිවැරදි නම් පාස්කු…

‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂි පීඨවල හා තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“ සිදු කළ විද්‍යාත්මක…

නැනෝ පොහොරට ලෝක පිළිගැනීමක් නැහැ ; තේ වගාවට තහනම් !

මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට හදිසියේ ගෙන්වා ඇති නැනෝ යුරියා ඉන්දියාව හැර ලොව කිසිම රටක ආරක්‍ෂිත පොහොරක් ලෙස පිළිගෙන නැති බවත්, තේ වගාවට එය යෙදුව හොත් තේ වෙළෙඳ පොළ බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි. ඉන්දියාවේ සමුපකාර සමාගමක නව නිෂ්පාදනයක් වන මෙය කිසිදු රටක පර්යේෂණ කොට අනුමත කොට නැත….

හෙටක් හදන්නෙත් හෙටක් දකින්නෙත් අපි – රනිල්

    හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානයේ ඊයේ  (20) පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. පක්ෂයේ නව සාමාජිකත්වය ලබාගැනීම සඳහා සකස් කළ ඇප් එකක් හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණි. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය නායක, පාර්ලිමේන්තු…

තවත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 537 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු වූ තවත් කොවිඩ් මරණ 18 ක් රජය ඊයේ තහවුරු කළේ ය. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543 ක් ලෙස සටහන් වී ඇත. ඊයේ දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 537 ක් වශයෙනි. මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන්…