අහිංසකයින්ගේ ලේ මතින් බලයට ආවා නම් ඒ බලය භුක්ති විඳින්නට ලැබෙන්නේ නැහැ – අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ

අහිංසකයින්ගේ ලේ මතින් බලයට එන්න කිසිවෙකු කටයුතු කොට ඇත්නම්, ඔවුන්ට කිසි දිනෙක එම බලය භුක්ති විඳින්නට නොලැබෙන බවත්, ඔවුන් දෙවියන්ගේ උදහසට ලක්වන බවත්, අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ අද ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගතවීම නිමිත්තෙන් අද පැවති දේව මෙහෙයකට සහභාගී වෙමින් උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රශ්න කළේ තමන් නිවැරදි නම් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂනයක් කරන්නට නිලධාරීන්ට බලය සහ ශක්තිය නොදෙන්නේ ඇයි ? යනුවෙනි. කවුරුන් හෝ එලෙස හැසිරෙන්නේ තමන් වැරදි කොට ඇති නිසා බව ද උන් වහන්සේ පවසුහ.

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හෙළිකරන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මාස 23 ක් තිස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කොට නැතයි උන් වහන්සේ චෝදනා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *