සහල් හිගයටත් හේතුව කබ්රාල්ගේ “ඩොලර් සංචිත”

දැන් දිවයිනේ වර්දනය වෙමින් පවතින සහල් හිගයට හේතු වී ඇත්තේ සහල් ආනයනයට සහ ආනයනය කළ සහල් තොග මුදාගැනීමට ඩොලර් නිකුත් නොකර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු කලින් කී “ඩොලර් සංචිත ” ඉලක්කය පෙන්නුම් කිරීමට යාම බව හෙළිදරව් වෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ මේ වනවිට ආනයනය…

මහ බැංකු අධිපති බැංකුවල ඩොලර් හුරා සංචිත ඉලක්කය පෙන්වයි !! ණය සතයක්වත් මෙතෙක් ලැබී නැහැ !!!

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තමන් කලින් ප්‍රකාශ කළ ඩොලර බිලියන 3 ඉක්මවා  අද බිලියන 3.1 ක් මට්ටමට ළඟා වූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළ නමුත් එම මුදල් ලැබුණු ආකාරයක් ප්‍රකාශ කොට නැත. ශ්‍රී ලංකා මහ බැංකුව දින කිහිපයකට පෙර මෙරට සියලු බැංකුවලට නියෝග…

මහ බැංකුවට මුදල් එන්නේ චීනයෙන් ද ? මැද පෙරදිගින් ද ? ඉලක්කයට දින දෙකයි

දෙසැම්බර් මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන තුනක් වනු ඇතැයි  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දුන් සහතිකය අනුව එම මුදල් ලැබෙන්නේ චීනයෙන් ද ? නැතහොත් මැද පෙරදිග රටකින් ද ? යන්න අද ( 29 ) හෝ හෙට ( 30 ) දින දෙක තුළ ප්‍රකාශයට පත්වනු ඇතැයි වෙළෙඳපොළ නිරීක්ෂකයෝ විශ්වාසය පළ…

අවුරුද්දටත් ගෑස් දෙන්න බෑ ; ලිට්රෝ ප්‍රකාශයෙන් හෙළිවෙයි !

වෙළෙඳපොළේ දැනට පවතින ගෑස් හිගය නව අවුරුද්දක උදාව සිදුවන ජනවාරි පළමුවැනිදා වනවිටත් නොවිසඳෙන බව ලිට්රෝ සමගම අද නිකුත් කළ නිවේදනය මගින් පැහැදිලිවන බව ගෑස් වෙළෙඳපොළේ තතු දත් ආරංචි මාර්ග කියයි. වෙළෙඳපොළට සියයට 80 ක් ගෑස් නිකුත්කරන ලිට්රෝ සමාගම අද කීවේ ගෑස් සැපයුමේ ප්‍රමාදයක් ඇති බව සහ මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර් 25,000 ක් 30,000 ක්…

‘‘ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ‘‘ – රනිල්

  සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව…

අද කොවිඩ් මරණ 22 ක්, නව ආසාදිතයින් 479 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 22 ක් වන අතර අලුතින් අද දිනය තුළ නව ආසාදිතයින් 479 ක් හඳුනාගත බව ද වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,923 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන්…

මහ බැංකු අධිපති කබ්රාල්ගේ ඩොලර් බිලියන තුනේ සංචිත ඉලක්කයට තීරණාත්මක දින තුන එළඹෙයි !

මෙම දෙසැම්බර් 31 දා වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් ඉක්මවා යන තත්ත්වයට පත් කරන බවට සපථ කොට ඇති ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ සඳහා ඇති ඉදිරි දින තුනේ දී සිය ඉලක්කය සපුරා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ඒ සඳහා ණය ලබා ගැනීමට මහ බැංකුවේ නියෝජිතයින්…

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දු- ලංකා ගිවිසුමට ලබන මස අත්සන් තැබෙයි – ද හින්දු පුවත්පත වාර්තා කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා වන ඉන්දු – ලංකා ගිවිසුමට මසක් තුළ අත්සන් තබන බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත. එම පුවත්පත වාර්තා කොට ඇත්තේ ගිවිසුම පිලිබඳ සාකච්ඡා කොට එය සකසා අවසන් බවත්, ඉදිරි මාසයක කාලය තුළ එයට අත්සන් තබන ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට…

පිටරට ශ්‍රී ලංකා තානාපති, කොන්සල් කාර්යාල තුනක් මුදල් නැතිව වසා දමයි

ශ්‍රී ලංකා විදේශ සේවාවට අයත් තානාපති කාර්යාලයක් සහ කොන්සල් කාර්යාල දෙකක් පවතවාගෙන යාමට මුදල් නොමැති නිසා වසා දමන්නට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි. නයිජීරියාවේ අබුජා නුවර ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලය , ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර කොන්සල කාර්යාලය සහ සයිප්‍රසයේ නිකොසියාහි කොන්සල් කාර්යාලය මෙසේ වන දැමීමට තීරණය කොට තිබේ. මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය ඩොලර්…

අද කොවිඩ් මරණ 17 ක් , නව ආසාදිතයින් 458 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කොට ඇති  කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 ක් වන අතර අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 458 කි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 14,901 ක් වශයෙන් සටහන් වෙයි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 584,107 ක් වශයෙන් සටහන්…

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී ; නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්

  ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත . ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් යැවීය . ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි…

අද කොවිඩ් මරණ 13 ක් , නව ආසාදිතයින් 398 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13 ක් වන අතර අද දිනය තුළ අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 398 කි. අද වාර්තා වූ මරණ 13 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,884 ක් බවට පත්වෙයි. මෙරටින් මෙතෙක් වාර්තා කොට…