මුදල් ඇමති බැසිල් පැමිණෙයි : ඉදිරි සති කිහිපයේ තීරණාත්මක පෙරළි ?

ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද උදේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් පැමිණි ඒ මහතා පිළිගැනීමට රාජ්‍ය ඇමති නිමල් ලන්සා ඇතුළු පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා කලින් යොදාගත් මැද පෙරදිග සංචාරය අවලංගු කොට දිවයිනේ රැඳී සිටීමට තීරණය කොට තිබේ….

අද කොවිඩ් මරණ 17 ක් , නව ආසාදිතයින් 499 ක් වාර්තා වෙයි

අද දිනය තුළ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 499 කි. මෙ රටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ  14,979 ක් වශයෙනි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 587,245 ක් ලෙස සටහන් වෙයි.

රටේ ප්‍රශ්න බරපතළයි ; අගමැති මහින්දගේ ඩුබායි ගමන අවලංගුයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා සිට ඩුබායි රාජ්‍යයේ කිරීමට නියමිතව තිබු සංචාරය අවලංගු කොට ඇති බව වාර්තා වෙයි. රටේ ඇති වී තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය නිසා අගමැතිතුමාගේ සංචාරය අවලංගු කළ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ ඩොලර අර්බුදය බරපතළ වීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයත් සලකා මෙම සංචාරය අවලංගු කොට ඇති…

තීරණාත්මක තීන්දු ගන්න බැසිල් හෙට එයි ; අගමැති මහින්ද අනිද්දා යයි

ඉදිරි දිනවල තීරණාත්මක දේශපාලන ආර්ථික තීන්දු රැසක් ගැනීමට දායක වීම සඳහා මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ දිවයිනට ලඟා වනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. රටේ ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය අර්බුදය පිලිබඳ තීරණ ගැනීමට සඳුදා කැඳවා ඇති විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීමත්, ආණ්ඩුවේ සිදු කිරීමට යන සුවිශේෂී තනතුරු වෙනස්කම් පිළිබඳව තීරණ…

ත්‍රිකුණාමලය තෙල් ටැංකි තවත් වසර 50 කට එල්.අයි.ඕ.සී.ට දෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99 න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක්…

අද කොවිඩ් වාර්තා : මරණ 18 යි , නව ආසාදිතයින් 563 යි

රජය අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් තහවුරු කළ අතර දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස වාර්තා කළේ 563 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,962 වෙයි. කොවිඩ් ආසාදිතයින් ලෙස මෙරට දී හඳුනාගත් සංඛ්‍යාව 586,746 ක් වශයෙන් සටහන් වී ඇත.

මහ බැංකුව සංචිත රකී ! අත්‍යවශ්‍ය ආහාර අවුරුදුදාත් වරායේ !!

වසර අවසානයේ තම ප්‍රකාශිත ඩොලර් බිලියන තුනක සංචිත ඉලක්කය රැක ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා මහා බැංකුව වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 200 ක මුදල මුදා නොහැරීම නිසා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් පමණ ජනවාරි 1 දාටත් වරායේ සිර වී තිබෙනු ඇතයි වාර්තා වෙයි. භාණ්ඩ මුදා ගැනීමට…

බඩ ඉරිඟු ආනයන තහනමත් රිවස් කරයි ! මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනයට පියවර

බඩ ඉරිඟු ආනයනයට තිබු තහනම ඉවත් කොට සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපය පුවත්පතට ප්‍රකාශ කොට ඇත. බිත්තර කුකුළු මස් සහ සත්ව නිෂ්පාදනවල මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද ඇය සඳහන්…

’’කේවට්ටයන් නිසා රට ගෙනියන්න බෑ’’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

  ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. එක කේවට්ටයකු නම් ඉවත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ. ආනන්ද හිමියන් මෙසේ පැවසූවේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි. පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු දුන්…

ණය නොලැබුණේ ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රේණිය පහත දැමු නිසා යි – මහ බැංකුව නිවේදනයකින් කියයි

ශ්‍රී ලංකාව විවිධ රටවලින් ඉල්ලා තිබු ණය වෙලාවට ලබා ගැනීමට නොහැකි වුයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයකින් කියයි. රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කියමින් නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ  සඳහන් ය. “ඇතැම් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින්…

අද කොවිඩ් මරණ 21 ක්, නව ආසාදිතයින් 419ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 419 කි. අද වාර්තා වූ මරණ 21 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 14,944 ක් බවට පත්ව ඇත. මෙරටින් හඳුනාගත සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන්…

මහ බැංකුවේ සංචිත ඉහල දැමීම ගණිත විජ්ජාවක් විතරයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

දෙසැම්බර් 31 දා වනවිට ඩොලර් බිලියන 3 ක් විදේශ සංචිත ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කර ඇත්තේ ගණිත විජ්ජාවක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. සත්‍ය වශයෙන් ඩොලර් සන්චිත ඇත්නම් වරායේ සිර වී ඇති භාණ්ඩ කන්ටේනර් නිදහස් විය යුතු බවත්, බැංකුවලින් ඩොලර් මිල දී ගැනීමට හැකි විය යුතු…