බඩ ඉරිඟු ආනයන තහනමත් රිවස් කරයි ! මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනයට පියවර

බඩ ඉරිඟු ආනයනයට තිබු තහනම ඉවත් කොට සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපය පුවත්පතට ප්‍රකාශ කොට ඇත.

බිත්තර කුකුළු මස් සහ සත්ව නිෂ්පාදනවල මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද ඇය සඳහන් කොට තිබේ.

බඩ ඉරිගු මෙරට මෙවර වගා කර ඇත්තේ හෙක්ටයාර් 40,000ක් පමණක් බවත්, එමගින් අපේක්ෂිත බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් බවත්, කොතලාවල මහත්මිය හෙළිදරව් කරයි.

බඩඉරිඟු ආනයනය රජය විසින් තහනම් කිරීමත් සමග කුකුළු මස්, බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන මිල විශාල ලෙස ඉහළ ගියේය. එමෙන් ම වෙළෙඳ පොළ ද බිඳ වැටුනේ ඉහළ නිසා පාරිභෝගිකයින් පරිභෝජනය සීමා කිරීම හේතුවෙනි.

එමෙන් ම බඩඉරිඟු නිෂ්පාදනයේ ද ඉහළ යාමක් සිදු වී නැත.

පොහොර තහනම නිසා මේ වනවිට බඩඉරිඟු නිෂ්පාදනය විශාල ලෙස පිරිහී ඇත.

රජය ආනයන තහනම ඉවත් කොට බඩඉරිඟු ආනයනයට පියවර ගෙන ඇත්තේ මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *