මූල්‍ය අරමුදලේ කට්ටිය හෙට එති

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ඉකුත් 7 වැනිදා දුරකතනයෙන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ලංකාවට එවීමට කටයුතු කරන ලෙසයි. අගමැතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

පෙට්‍රල් 23 දා, ඩීසල් 24 දා ; තෙල් නැව් එන හැටි ඇමති කියයි.

  මෙරටට ඇනවුම් කොට ඇති පෙට්‍රල් නැවක් 23 දා සහ ඩීසල් නැවක් 24 දා ලැබීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා අද පැවසීය. ඊට අමතරව බොරතෙල් නැව් තුනක් ඇනවුම් කොට ඇති බවත්, එම නැව් මෙම මස 29 දා , ලබන  මස 10 දා සහ 14 දා ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා කීය….

21 සංශෝධනය ක්‍රියාත්මක වීම ගෝටාභයගේ නිල කාලයෙන් පසුවට කල් දමයි !

  හෙට (20 දා ) කැබිනට මණ්ඩලයේ සම්මත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ජනාධිපති බලය සීමා කොට ඇතත්, එම සීමා ක්‍රියාත්මක වීම ගෝටාභය ජනාධිපතිගේ නිල කාලයෙන් පසු දක්වා කල් දැමීමට අන්තර් කාලීන විධිවිධාන මගින් කටයුතු කොට ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. ඒ අනුව අගමැති සහ ඇමැති මණ්ඩලය පත්කිරීම ඇතුළු…

ලංවිම ඉංජිනේරුවෝ මෙගාවොට් 4014 ක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ප්‍රතික්ෂේප කරති – විගණන වාර්තාවකින් කරුණු හෙළිකරයි

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 සිට මේ දක්වා අනුමත කළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති මගින් පද්ධතියට එක්කර ගත හැකිව තිබු මෙගාවොට් 4014 ක විදුලි ධාරිතාවක් සම්බන්ධ කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව ජාතික විගණන ආයතනයේ විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි….

තෙල් නැව් තුනක් මේ සතියේ එයි ; එකකට මුදල් බඳියි

ශ්‍රී ලංකාවට මෙම සතිය තුළ ඉන්ධන රැගත් නැව් තුනක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඉන් එක් නැවක් සඳහා ණයවර ලිපි ඊයේ විවෘත කළ බවත්, විදුලි බල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. මෙයින් පළමු නැව වන පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නැව සඳහා ඩොලර් මිලියන 42 ක් වන ණයවර ලිපි මහජන බැංකුව මගින් ඊයේ (17)…

21 සංශෝධනයට සහය දෙන්න පොහොට්ටුව එකඟවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බව වාර්තා වෙයි. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම එකඟත්වය ඇති වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් , ඇමතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය…

රට ගොඩ දමන්න අපට වසර පහක් දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට ගොඩ දැමීමට ස්ථාවර ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය බවත්, එලෙස ආණ්ඩුවක් ලබා දෙන්නේ නම් වසර පහක දී රට ගොඩනගන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. රට ගොඩ දැමීමට දැනුම ඇති විශේෂඥයන් තමන් සමග සිටින බව ද ඒ මහතා කියයි. මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත. රට ගොඩ…

“ශ්‍රී ලංකාවට ඩොලර් එවන්න එපා !” – වමේ පක්ෂයක් විදේශ මෙහෙයුමක

  දේශපාලන අර්බුදය තුළ ආණ්ඩු පෙරලියක් කළ හැකි ව තිබෙන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට මුදල් යවා එම තත්ත්වය දුර්වල නොකරන ලෙස මෙරට වමේ පක්ෂයක එතෙර සංවිධාන ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කොට ඇති බව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියති. මෙරට වමේ පක්ෂයකට සම්බන්ධ බව කියන මෙම පිරිස මෙරටට මුදල් එවීම මේ මොහාතේ හැකිතාක් අඩු කරන ලෙස එම රටවල…

අර්බුදය ජයගන්න අගමැතිට සහය දෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

  ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය සහාය දෙන ලෙස අගමැතිතුමා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, තම එම සහය ලබාදෙන බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි. අගමැතිතුමාගේ ඉල්ලීමක් මත තමා සහ එරාන් වික්‍රමරත්න මහතා එතුමා හමු වී සාකච්ඡා කළ බවත්, අර්බුදය ජය ගැනීමට අවශ්‍ය නීති සම්මත කිරීමට…

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් මාර්ග සිතියමක්

  ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map)  පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටෙි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කීවෙි මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට…

අදානි එනකල් වසර තුනක් ලයිට් කපන්නම වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය

  අද පවතින විදුලි ඉල්ලුම ලබාදීමට ප්‍රමාණවත් බලාගාර ඉදි කර නොමැති නිසා ඉදිරි වසර තුනක කාලයේ දී විදුලිය විසන්ධි කිරීම දිගට ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් මහතා ප්‍රකාශ කොට ඇත. අදානි සමාගමේ සුළං විදුලි ව්‍යාපෘතිය අද අනුමත කොට ලබා දුන්නත් එයින් විදුලිය නිපදවන්නට වසර තුනක් ගතවන බවත්,…

වසර එක හමාරකට ඖෂධ ගන්න ඩොලර් මිලියන 400 ක් ලැබුණා ; වසරකට අවශ්‍ය මිලියන 260 යි – සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

  අගෝස්තු මස සිට ඉදිරියට වසර එක හමාරක් සඳහා ඖෂධ ලබා ගැනීමට ප්‍රමාණවත් ඩොලර් මිලියන 400 ක මුදලක් ලැබී ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේය. වසරක ඖෂධ ආනයනයට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 260 ක් බව ද ඒ මහතා කීය. පසුගිය කාලයේ හිගව තිබු ඇතැම් ඖෂධ වර්ග මේ වන විටත් ලබාගෙන ඇති…