21 සංශෝධනය ක්‍රියාත්මක වීම ගෝටාභයගේ නිල කාලයෙන් පසුවට කල් දමයි !

හෙට (20 දා ) කැබිනට මණ්ඩලයේ සම්මත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ජනාධිපති බලය සීමා කොට ඇතත්, එම සීමා ක්‍රියාත්මක වීම ගෝටාභය ජනාධිපතිගේ නිල කාලයෙන් පසු දක්වා කල් දැමීමට අන්තර් කාලීන විධිවිධාන මගින් කටයුතු කොට ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.
ඒ අනුව අගමැති සහ ඇමැති මණ්ඩලය පත්කිරීම ඇතුළු ජනාධිපති බලතල විශාල ප්‍රමාණයක් ජනාධිපති ගෝටාභය වෙත රඳවා ගැනීමට කටයුතු යොදා ඇත.
එම අන්තර්කාලීන විධිවිධාන අනුව ජනාධිපති බලය සීමා කිරීම සිදුවන්නේ මෙම ජනාධිපතිගේ නිල කාලයේ ඉදිරි වසර දෙක අවසන් වීමෙන් පසුව පමණකි.
හෙට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ එම විධිවිධාන ඇතුළත් කෙටුම්පතකි.
මෙය පසුගිය මැයි 11 දා ජනාධිපති ජාතිය අමතා කල කතාවෙන් වූ පොරොන්දු උල්ලංඝනය කිරීමක් බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු කියති.
