තෙල් නැව් තුනක් මේ සතියේ එයි ; එකකට මුදල් බඳියි

ශ්‍රී ලංකාවට මෙම සතිය තුළ ඉන්ධන රැගත් නැව් තුනක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඉන් එක් නැවක් සඳහා ණයවර ලිපි ඊයේ විවෘත කළ බවත්, විදුලි බල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මෙයින් පළමු නැව වන පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නැව සඳහා ඩොලර් මිලියන 42 ක් වන ණයවර ලිපි මහජන බැංකුව මගින් ඊයේ (17) විවෘත කරනු ලැබී ය.
ඊට අමතරව තවත් පෙට්‍රල් නැවක් සහ බොරතෙල් නැවක් ලබා ගැනීමට ද මේ වනවිට කටයුතු කොට තිබේ.
තවත් ඩීසල් නැවක් ද ගෙන්වා ගැනීමට උත්සහ දරමින් සිටින බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඉන්ධන මිල දී ගැනීමේ දී මීට පෙර ප්‍රශ්නය වී තිබුනේ ඩොලර් හිගය වුව ද , මේ වනවිට වෙනත් ප්‍රශ්න මතු වී ඇති බව කියති. ඉන්ධන සැපයුම් කරුවන්ගෙන් පසුගිය කාලයේ ණයට ඉන්ධන ලබාගෙන ඇති බවත්, ඔවුන්ට ඩොලර මිලියන 735 ක් මුදලක් නොගෙවා ඇති බැවින් ඔවුන් ඉන්ධන සැපයීමට ඉදිරිපත් නොවීම ප්‍රශ්නයක් වී තිබේ.
