|

අධි ආරක්‍ෂිත කලාප දැම්මේ ජවිපෙට ගහන්න විතරලු !

හදිසියේ අධි ආරක්‍ෂිත කලාප ගැසට් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය පුරහල සිට කොළඹ කොටුවට පැමිණීමට සැලසුම් කොට තිබු පෙළපාළිය විසුරුවා හැරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව තාවකාලික පියවරක් ලෙස බවත්, ජනාධිපතිතුමා පැමිණි වහා එය ඉවත් කරනු ඇති බවත්, ආණ්ඩුවේ ආරංචි මාර් ග ප්‍රකාශ කරයි. සමාජවාදී තරුණ සංගමයේ පෙළපාළිය 24…

ඇමති කෙහෙළියට එරෙහිව අධි චෝදනා

  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය. රජයට පාඩුවක් සිදුකළේ යැයි එල්ල වී ඇති චෝදනා මත මෙම අධි චෝදනා බාර දීම සිදු විය. අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති අතර නොවැම්බර් මස 03…

විපක්ෂ නායක සජිත් රැකගත යුතු බවට රනිල් උපදෙස් දීලා !

    ප්‍රධාන විපක්ෂය ලෙස සිටින සමගි ජන බලවේගය දුර්වල කළොත් වෙනත් අන්තවාදී විපක්ෂයක් බිහිවීමේ අනතුර ඇති බවත්, එබැවින් එම පක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරුන් ගැනීම ගැන දෙවරක් සිතිය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර් ග ප්‍රකශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කණ්ඩායම් ගණනාවක් කැඩී ගොස් පාර් ලිමේන්තුවේ සංයුතිය…

චීන ජනාධිපති යළි ජනතාව අතරේ

හමුදා කුමන්ත්‍රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට ගියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, ඊට සහභාගී වෙමිනි. චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවත්, චීන හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ බවත් කිසිදු පැහැදිලි හේතුවකින් තොරව ගුවන් ගමන් බොහෝමයක් හිටිහැටියේ අත්හිටුවා දැමුණු බවත්…

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මුලිකත්වය ගන්න ජපානය සුදානම් – ජපන් විදේශ ඇමැති දැනුම් දෙයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහගත කිරීමේ සාකච්ඡා සඳහා මුලිකත්වය ගෙන ක්‍රියා කිරීමට ජපානය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ ඇමැති යෝශිමාසා හියාෂි මහතා අතර අද උදේ පැවති සාකච්ඡාවේ දී ජපන් විදේශ ඇමැති වරයා මේ බව දැනුම් දී තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් අතර සාකච්ඡාවක් සිදුකළ…

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීමට පියවර

  සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ටෝකියෝ හිදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ…

චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹුවා – ස්ට්‍රේට්නිවුස් ග්ලෝබල් වෙත  ජනපති කියයි

    චීනය සමඟ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයිද එය ඉහළ තලයකට ගෙන ඒම ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ස්ට්‍රේට්නිව්ස් ග්ලෝබල් සමඟ සාකච්ඡාවකට ඒක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 දශම 9ක විස්තීර්ණ ණය මුදලක් ගැනිම සඳහා ඇති…

පොහොට්ටුවේ ඇමැති ඉල්ලීමට රනිල් මෙවරත් බැහැ කියයි

  කැබිනට් මණ්ඩලයට තම පක්ෂයෙන් පත් කළ යුතු යැයි නම් ගණනාවක් යෝජනා කොට ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජනාධිපතිගේ ජපන් සංචාරයට පෙර එම ඇමතිවරුන් පත්කරන ලෙස ඉල්ලා ඇතත්, එම ඉල්ලීම් ජනාධිපතවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. 26 දාට පෙර ඇමති මණ්ඩලය පත්වන බව ඇතැම් මැති ඇමැතිවරුන් විවිධ ස්ථානවල ප්‍රකාශ…

සෞඛ්‍ය සේවයට යොදන සම්පත්වලින් සියයට පනහක් අපතේ – රවී කුමුදේශ්

  ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවයට යොදා ඇති සම්පත්වලින් ලබන්නේ සියයට පනහක ප්‍රතිලාභයක් පමණක් බව පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මහතා ප්‍රකාශ කරයි. ඇතැමුන් මෙම තත්ත්වය ගැන කියන්නේ සෞඛ්‍ය සේවයේ දැනට සිටින සේවක සංඛ්‍යාවෙන් අඩක ප්‍රමාණයකින් සේවය පත්වාගෙන යා හැකි බව සහ සියයට පනහක සේවක අතිරික්තයක් ඇති බව වශයෙන් වුවත්, තමන් කියන්නේ…

ආසියානු සංවර්ධන බැංකු රැස්වීමේ මුලසුනට ජනපතිට ආරාධනයක්

  ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සංචාරය නිම කර පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග…

චීන හමුදා නායකත්වයෙන් ෂි ජින් පින් ඉවතට ? නව බලවතා ලී කෙචාන්ග් ?

  චීනයේ  ජනාධිපති ෂි ජින් පින් එරට මහජන විමුක්ති හමුදා නායකත්වයෙන් ඉවත් කොට ඇති බවත්, එම බලය අගමැති ලී කෙචාන්ග් වෙත පවර ඇති බවත්, එරට කුමන්ත්‍රණයක් සිදු වී ඇති බව කියන සමාජ මාධ්‍ය වාර් තා මගින් ප්‍රකාශ කොට ඇත. මෙම කුමන්ත්‍රණය එරට හිටපු ජනාධිපති හු ජින් ටාවෝ සහ හිටපු අගමැති වෙන් ජියාබාඕ ඇතුළු පක්ෂයේ ජෙෂ්ට…

චීනයේ කුමන්ත්‍රණයක් ? ශි ජින් පින් නිවාස අඩස්සියේ ? හූ ජින් ටාවෝ බලය අතට ගනී ?

  චීන කොමියුනිස්ට් පක්ෂය දියත් කළ කුමන්ත්‍රණයකින් ජනාධිපති ශි ජින් පින් නිවාස අඩස්සියට පත්කොට වෙනත් කණ්ඩායමක් බලය අත්පත් කොට ගෙන ඇති බව සමාජ මාධ්‍ය මගින් කරුණු වාර්තා කරමින් පවතියි. මේ පිලිබඳ නිල වාර්තා තවමත් ලැබී නැති නමුත්, බෙයිජිං නුවර බරපතළ සිදුවීමක් ගැන තොරතුරු වාර්තා වෙයි. එරට ගුවන් සේවා මෙන් ම දුම්රිය සේවා නතර කොට ඇති…