ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන්න ඩයනා ඇමෙරිකාවට

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීම සඳහා සාකච්ඡා කිරීමට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ලබන මාසයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන බව ඇමැතිනියගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඩිස්නිලන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇමෙරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගම හමුවී මෙම ව්‍යාපෘතිය පිලිබඳ සාකච්චා ආරම්භ කිරීම ඇගේ ගමනේ අරමුණ වෙයි. වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජන සම්බන්ධතා පිලිබඳ ජෙෂ්ට උප සභාපති අලෙක්ෂා…

සජබෙන් ඉවත් වීමට සුදානම් වන පිරිසට සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු වීමට යමෙක් අදහස් කරන්නේ නම් එය ඔහුගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ, ඉදිරි මැතිවරණවලදී අවස්ථාවාදී දේශපාලඥයින්ට ප්‍රතිචාර දැක්වීමට ජනතාව සුදානමින් පසුවන බවය. මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය….

විදුලි ප්‍රතිසංස්කරණ යෝජනා ඇමති අතට

  ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව තම වෙත ලැබී ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. එම යෝජනා ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමතිවරයා කියයි. වත්මන් ආර් තික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු බව පොදු පිළිගැනීමක් වී ඇති අතර ජාත්‍යන්තර…

තමන්ගේ ඡන්දයෙන් මැතිවරණ කොමිසම අහෝසි වූ බව සජිත් දන්නේ නැහැ – ප්‍රකාශයකින් හෙළිවෙයි

  තමන්ගේ ද ඡන්දය ලබා දී 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමත් සමග මැතිවරණ කොමිසම ඇතුළු කොමිසන් සභා අහෝසි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොදන්නා බව ඊයේ ඒ මහතා කළ ප්‍රකාශයකින් හෙළිදරව් වෙයි. ඊයේ දිවුලපිටියේ පැවති රැස්වීමක දී සජිත් ප්‍රේමදාස මහතා කීවේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉවත් කිරීමට ආණ්ඩුව…

22 සම්මතවීමත් සමග දැන් තිබෙන කොමිසන් සභා අහෝසියි – ඇමති විජේදාස රාජපක්ෂ

දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් සති දෙක දෙකක කාලයකදී පත් කරගැනීමට…

පොහොට්ටුව දැවැන්ත පිපිරීමක ; විශාල පිරිසක් රනිල් නායක කරගෙන එජාපයට එක්වේ !

  දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහි කර තරඟ වැදීමට සාකච්ඡා පවත්වමින් සිටියි. එළැඹෙන පළාත්…

ප්‍රසන්න රණතුංග දේශපාලන කරනමකට සූදානම්…?

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන  මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය. රණතුංග ඇමතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර…

උපයන විට බදු ක්‍රියාත්මක වන්නේ පනත සම්මත වීමෙන් පසුවයි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

  නව බදු පනත යටතේ පනවා ඇති උපයන විට ගෙවීමේ බදු අයකර ගැනීම ආරම්භ කළ හැක්කේ එම පනත පාර් ලිමෙන්තුවෙන් සම්මත වූ පසුව පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. බදු පනත ඊයේ පාර් ලීමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එයට එරෙහිව අධිකරණයට යාමේ අවස්ථාව ජනතාවට දැන් ලැබී ඇති බවත් ඇමතිවරයා කී ය. පනතට…

22න් ජනාධිපති රනිල් තටු කපා ගනී ; මුදල් ඇමති ධුරයත් අහිමි වෙයි

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත, අභියෝග ජයගෙන, සම්මත කළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිතුමා තමන්ගේ බලය සීමා කරගෙන ඇති බවත්, ඔහු දරන මුදල් සහ ආර් තික ස්ථායිකරණ ඇමැති ධුරයෙන් ද ඔහුට ඉවත්වීමට සිදුවන බවත්, ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ක්‍රියාකාරීහු කියති. රජයේ විවිධ තනතුරු පත් කිරීමේ දී ජනාධිපතිතුමාට තිබු බලය මෙම සංශෝධනය මගින් ඉවත්…

බැසිල් අනාථයි ; පොහොට්ටු බහුතරය රනිල්ට !

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ බලය දුර්වල වී ඇති බවත් , බහුතර බලය දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත්, 22 සංශෝධනයේ ඡන්ද විමසීමේ දී පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. 22 ට ඡන්දය නොදෙන බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති බවත්, බහුතර තීරණය එය බවත්, බැසිල් පිල…

22 සංශෝධනය 21 ලෙස ව්‍යවස්ථාවට

  ඊයේ පාර් ලිමෙන්තුවෙන් සම්මත වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 සංශෝධනය ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙස බව වාර්තා වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයක් මීට පෙර සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබිණි. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇති නිසා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය. 22 සංශෝධනය සම්මත වීමත් සමග පැරණි…

පොහොට්ටුව ර්වජනය කළත් 22 ට ඡන්ද 179 ක් ; තුනෙන් දෙක ඉක්මවා 29 ක් !

  ආණ්ඩු පක්ෂයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  නියෝජනය කරන මන්ත්‍රිවරුන් පිරිසක් ඡන්දය ර්වජනය කළ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 සංශෝධනය ඡන්ද 179 ක් ලබා සම්මත වී ය. මෙය සම්මත කිරීමට පාර් ලිමෙන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක්  අවශ්‍යව තිබිණි. එනම ඡන්ද 150කි. ඊට වඩා ඡන්ද 29 ක් සංශෝධනයට පක්ෂව ලැබිණි. විපක්ෂයේ සම්පුර්ණ සහය එයට හිමි වූ අතර විරුද්ධ…